Super Mario Operate Launched For Ios

 Super Mario Run Launched for iOS
පැය විසිහතරට මිලියන පහක් බාපු සුපර් මාරියෝ ක්‍රීඩාව.

මාරියෝ ක්‍රීඩාවේ රසික ජනතාව වැඩිවීමත් සමග Nintendo සමාගම විසින් නවතම "සුපර් මාරියෝ රන්" ක්‍රීඩාව හදුන්වා දී තිබෙනවා.

විවිධ රටවල් සහ ප්‍රාන්ත 151 ක iPhone සහ iPad උපාංග මගින් සුපර් මාරියෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. එමෙන්ම මෙය පැය විසිහතරක් අැතුළත මිලියන පහකට වැඩි පිරිසක්  බාගත කරගෙන තිබෙනවා. ක්‍රීඩාව අත්හදාබැලීම සඳහා නොමිලේ ආදර්ශකයක් (demo) ලබාදී ඇති අතර මෙම සම්පුර්ණ ක්‍රීඩා මෘදුකාංගය $9.99 කට ලබාගත හැකියි. ජංගම දුරකථන ක්‍රීඩා සඳහා එය බොහෝ මිල අධික ලෙස දැනුනද, වෙනත් ජංගම දුරකථන ක්‍රීඩා මිලදිගැනිමෙන් පසුව නැවත අයකිරීම් සිදුවන අතර මෙහි එවැන්නක් නොමැති බව ඔවුන් කියා සිටිනවා. එනම් $9.99 කට මෙය මිල දී ගත් පසුව අපට සම්පුර්ණ ක්‍රීඩා මෘදුකාංගයම ලබාගත හැක.


මෙම ඇප් එක දුරකතනයට ඇතුලත් කිරීමෙන් පසුව දුරකතනයේ තිරය එක මත වරක් Tap කල විට ක්‍රීඩාව ආරම්භ වී සතුරන් වළක්වමින් Super Mario දිවීම ආරම්භ කරන අතර කාසි එකතුකර ගනිමින් මෙය ඉදිරියටම ගොස් ක්‍රීඩාව අවසන් කල හැකිය. මෙහිදී ඔබට තෝරාගැනීමට සුපර් මාරියෝ ක්‍රීඩාවේ Modes 3 ක් ඇත.
 එනම් World Tour, Toad Rally සහ Kingdom Builder වේ. පළමු අදියරේදී ක්‍රීඩකයන් විවිධ වූ ලෝකවල Lock එක ඉවත් කරගත යුතු වන අතර ඉන්පසුව දෙවැනි අදියරේදී අනික් තරග කරුවන්ට විරුද්දව තරගවැදීමට සිදු වේ. තෙවන අදියරේදී මුල් අදියර දෙකෙන් එකතුකරගත් කාසි භාවිතයෙන් තමන්ටම ආවේනික බිම්මල් රාජධානි (Mushroom Kingdoms) සකස් කරගැනීමට ඉඩ සැලසේ. මෙය තවමත් අැන්ඩ්‍රොයිඩ් සඳහා නිල ලෙස නිකුත්කර නැත. අැපල් (iOS) උපාංග සඳහා මෙතනින් පිවිස බාගත කරගන්න.

Technical Details

  •  App Name : Super Mario Run
  •  File size : 205 MB
  •  Requirements : iOS 8.0 or after iPhone, iPad, too iPod touch
  •  License: Free
  •  Publisher website : www.nintendo.com