Pokemon Become Released To Sri Lanka

 Pokemon Go released to Sri LankaPokémon Go අවසානයේ ලංකාවටත් එයි.

පෝක්මෝන් ගෝ ක්‍රීඩාව නිල වශයෙන් ලංකාවට හඳුන්වා දී තිබෙනවා. මෙම ජංගම දුරකථන ක්‍රීඩාව මේ වන විට දකුණු ආසියානු රටවල් වල වෙසෙන ජනතාව වෙත

බාගත කිරීමේ අවස්ථාව ක්‍රිඩාවේ නිර්මාණකරුවන් වන Niantic සමාගම විසින් ලබාදී ඇති බැවිනි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංගලාදේශය, භූතානය, නේපාලය, පාකිස්තානය යන රටවල් සඳහා ඔවුන් මෙම දුරකතන ක්‍රීඩාව බාගත කිරිමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෙහෙයුම් පද්ධති ඇති ජංගම දුරකතනයන්ට මෙම අැප් එක බාගත කර ගැනිමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලැබෙන බව Niantic සමාගම නිවේදනය කර තිබෙනවා. කෙටි කාලයක් තුළ ලෝකය තුළ වේගයෙන්ම ව්‍යාපත්ත වූ ජංගම දුරකත යෙදුමක් ලෙස Pokémon GO ජංගම දුරකත ක්‍රිඩාව ප්‍රසිද්ධියට ලක්වුනා.


මෙම ක්‍රිඩාවේ අතීතය ගැන කියනවා නම් Pokémon කියන්නේ Game freak සහ Creature.inc සමාගම් වලින් නිපදවපු strategic, puzzle සහ adventure වගේ ඡේනර (Genre) වලට අයත් ගේම් එකක්. 1996 දී මුලින්ම කරළියට ආපු මේ ක්‍රිඩාව නිකුත් කලේ Nintendo සමාගම් නාමය යටතේ. එවකට Gameboy කොන්සෝල් වලට ගැලපෙන විදියට ආපු මේ Pokémon විටින් විට විවිධ නිර්මාණ කරුවන් යටතේ අලුත් වෙමින් පෙරලි කරමින් පැවතුනා. එහෙත් ඒ කිසිවක් "Pokémon GO" ක්‍රිඩාව තරම් ජනතාව අතර ප්‍රචලිත වුනේ නැහැ.

මෙය ලොව මෙතරම් ඡනප්‍රිය වීමට හේතුව තමයි ඔබ මේ ක්‍රිඩාව ප්ලේ කරනවා නම් ඔබ එය තුල ජිවත් වෙන්න ඕනේ. ඔබ වෙතට Pokémon එන්නේ නැහැ. ඔබ Pokémon හොයාගෙන ඔවුන් සිටින තැනට යා යුතුයි. ඉතින් අර සාම්ප්‍රදායික එක තැන හිඳගෙන ක්‍රිඩාව ගහන කලාවෙන් මිදිලා සිරුරට ව්‍යායාමයක් දෙන ගමන්ම ක්‍රීඩාවේ යෙදෙන නිසා මෙයට ගොඩ දෙනෙක්ගේ අවදානය යොමු වුණා. එ් වගේම මෙම ක්‍රිඩාව රටවල් කිහිපයකම තහනම් කරණු ලැබුවා. එයට හේතුව තමයි මෙයට අවධානය යොමු කරමින් පාරවල් වල ගමන් ගත් පුද්ගලයන් රිය අනතුරු වලට ලක් වී මියයාම.  එමෙන්ම මෙම ක්‍රීඩාව නිසා දවස් හතරක් ඇතුලත Niantic සමාගමේ කොටස් වෙළඳපොල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම වර්තමානය වෙන කොට ලොවපුරා ෆේස්බුක්, ට්විටර් සහ ස්නැප්චැට් භාවිත කරන්නන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් Pokémon GO සෙල්ලම් කරනවා. තවත් විස්තර දැනගන්න ඕන නම් පහත විඩියෝව බලන්න.





 මේ වෙනකොට Pokémon GO ක්‍රිඩාවට Pokémon GO Plus කියා අතේ බැඳගෙන යන්නට පුළුවන් කුඩා උපාංගයක් ද Niantic සමාගම නිපදවා තිබෙනවා. එයින් Pokémon GO ක්‍රිඩාවට අදාළ සංඥා නිකුත් කරන නිසා ඔබේ දුරකථන දෙස නොබලාම ඒවා මොනවාදැයි තේරුම් ගන්නට පුළුවන්. මේ උපාංගය ඔබේ ස්මාර්ට් ෆෝන් එකට සම්බන්ධ වෙන්නේ බ්ලුටුත් හරහා නිසා අමතර බැටරි වැයවීමක් වන්නේ නැහැ. ඔබ සිටින්නේ Pokémon කෙනෙක් අසල නම් Pokémon GO Plus විසින් vibrate වී LED ආලෝකමත් කර ඒ බව ඔබට පවසනවා.


කොළඹ නගරයේ මෙම ක්‍රීඩාව Play කරන ආකාරය බලන්න.


මෙම ක්‍රිඩාව ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින්ද, අැපල් (iOS) උපාංග සඳහා මෙතනින්ද බාගත කරගන්න.

Technical Details

  • App Name : Pokémon Go
  • File size : Variable Device
  • Requirements : Android 4.4 in addition to upwards & iOS 8.0 or later
  • License: Free
  • Publisher website : www.pokemongo.com