Pencil - Sinhala Typing Software

 Pencil - Sinhala Typing Softwareසිංහල ටයිප් කරන්න හොඳම මෘදුකාංගය.

සිංහල ටයිප් කරන්න අපි ඔබට කලින් ඕනෑ තරම් මෘදුකාංග ලබාදී තිබෙනවා. අද ලබා දෙන්නේ සිංහල ටයිප් කරන්න නිර්මාණයකෙරූ හොඳම මෘදුකාංගයයි.

ගොඩක් අය මේවන විටත් මේ මෘදුකාංගය ගැන දැනුවත් ඇති. නමුත් නොදන්න අය සහ අවශ්‍ය විටක ඔබට ඩවුන්ලෝඩ් කරගන්න මේ ලිපිය ගෙන එනවා. මෘදුකාංගයේ නම "Pencil" මෘදුකාංගය නිර්මාණය කලේ අපරට තුල මෘදුකාංග නිර්මාණය කරන Serandibsoft විසිනි.

බලන්න හදුන්වාදෙන වීඩියෝව.



කාර්‍යාලවල ලිපි සැකසුම් වැඩකටයුතු වලදී බහුලව යොදාගන්නා මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයේ වර්ඩ් (Microsoft Office Word) සඳහා, ෆොටෝ එඩිටින් සිදුකරන අය බාවිතා කරන ඇඩෝබි ෆොටෝ ශොප් (Adobe Photoshop), විඩියෝ සංස්කරණ කටයුතු සිදුකරන ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් (Adobe After Effect) වගේම අන්තර්ජාලයේ සැරිසෑරීමට යොදාගන්න ගූගල් ක්‍රෝම් (Google Chrome), ෆයර්ෆොක්ස් (Firefox) වැනි ඕනෑම යෙදවුමක ඔබට අවශ්‍ය විටෙක සිංහල ටයිප් කිරීමට මේ Pencil මෘදුකාංගයෙන් පුළුවන්.

ෆේස්බුක්, ට්විටර් වැනි සමාජජාල වෙබ් අඩවිවල සිංහලෙන් status update කිරීමට, chat කීරිමට මේ මෘදුකාංගය නියමයි. ඒවගේම වෙබ් සයිට්වල පෝස්ට් ලියන අයට මේ Pencil මෘදුකාංගයට වඩා හොඳ මෘදුකාංගයක් නොමැති තරම්. අනෙකුත් සිංහල ටයිප් කරන මෘදුකාංග වලට සාපේක්ෂව මෙහි ඇති වැඩකෑලි කිහිපයක් බලමු.
  • කාර්‍යාල ලිපි සැකසුම් සඳහා බාවිතා කරන MDerana, FMAbhaya, AM_Arjune, FMBindumathi වැනි ෆොන්ට් සඳහා සහාය දැක්වීම.
  • සිංහල යුනිකේත (Sinhala Unicode) සඳහා සහාය දැක්වීම.
  • ස්වයංක්‍රීයව නිවැරදි වචන (auto give-and-take suggestion) හදුන්වාදීම.

  • හදිසි අවස්ථාවක නොදන්නා අකුරු ලබා ගැනීමට Virtual Keyboard එකක් ඇතුලත් වීම.
  • යතුරු පුවරුවේ ඇති Ctrl + Space යතුරු දෙක එකවර එබීමෙන් පසු මෘදුකාංගය ක්‍රියා කරවීමට හැකි වීම. මෙහි ඇතුලත් අමතර setting පහතින් බලන්න.

පහතින් පිවිස අදාල මෘදුකාංගය බාගතකරගන්න.


Technical Details

  • Software Name : Pencil-පැන්සල
  • Requirements : Windows All
  • License : Free
  • Developer website : www.serandibsoft.com