
ගූගල් වෙබ් අඩවියේ මේ දිනවල ග්‍රැෆික් කටයුතු කරන අයට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. ඒ තමයි Image Search වල View Image බටන් එක
හදිසියේම ඉවත් කරලා. එදිනෙදා Designer ලාට මේක ලොකු පාඩුවක්, මොකක් හරි Image එකක ඕනම Resolution එකකට ගන්න පුළුවන් ලේසිම විදියනේ “view image” Button එක Click කරන එක.
ඇයි ගූගල් සමාගම මෙහෙම කරේ ?

මීට වසර කිහිපයකට පෙර Getty Images වෙබ් අඩවිය ගූගල් සමාගමේ මෙම Image Search වෙබ් පිටුවේ ඇති View Image බටන් එකට විරුද්ධ නඩු දැම්මා. මොකද Getty image වෙබ් අඩවියට යාමකින් තොරව අදාල images වල Maximum Resolution එකෙන්ම මෙම ගූගල් බටන් එක click කිරීමෙන් ලබාගන්න පුළුවන්.
කොහොම හරි මේ විදියට හුරුවෙලා හිටිය අයට මේ බටන් එක අතුරුදහන් වීම ලොකු පාඩුවක්. ඉතින් අන්න ඒක ආපහු ගන්න පුළුවන් ක්‍රමයක් අපි ඔබට කියලා දෙනවා. මේක කරන්නේ Google Extension එකක් මගින්. ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකට මෙතනින් පිවිස මේ Extension එක දාගන්න. කිසි ගැටළුවක් නැතුව කලින් මෙන් Image View බටන් එක පෙන්වනවා. බලන්න තිරඡායාරූපයක්.
Technical Details
- Extension Name : View Image
- File size : 42.17 KB
- Requirements : Chrome spider web browser
- License : Free
Add your comment