Fotojet - Complimentary Online Photograph Editor

 FotoJet - Free Online Photo Editor
ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න සුපිරිම වෙබ් එකක් - FotoJet

ඡායාරූප කරනයේ නිරතවෙන අයට ලේසියෙන්ම මේ වෙබ් එක හරහා ඉතාමත් අපූරු ටෙම්ප්ලට් වලට පින්තූර අප්ලෝඩ්කර ලස්සනට ෆොටෝ එඩිට්

කරගන්න පුලුවන්. ආදරවන්තියගේ හෝ ආදරවන්තයාගේ ෆොටෝ, බබාගේ උපන්දිනයට ලබාගත් ෆොටෝ, ෆෝන් එකෙන් ලබාගත් සෙල්ෆි ඡායාරූප යනාදිය එක එක හැඩතලයන්, වර්ණ ගැන්වීම්, ෆේස්බුක් එකට ෆොටෝ ඇල්බම් සුපිරියට හදලා අප්ලෝඩ් කරන්න පුලුවන්. මේ වෙබ් අඩවියේ විශේෂය තමයි අපි කවුරුත් දන්න කියන ෆොටෝ එඩිටින් කරන ජනප්‍රියම ෆොටෝ ශොප් මෘදුකා‍ංගයේ වැඩ දැනගෙන ඉන්න ඕනෙ නෑ. ඉතාමත් ලේසියෙන් මේ වෙබ් එකට අපේ ෆොටෝ අප්ලෝඩ් කරලා ඔන්ලයින් අපිට අවශ්‍ය වෙනස්කම් සිදුකරගන්න පුලුවන්වීම.

මෙහි තිබෙන ටෙම්ප්ලට් ඉතාමත් සිත්ගන්නා සුළුයි. බලන්න පහතින්.

තෑන්ක්යු කාඩ්, උපන්දින සුබපැතුම් හදන්න හරිම ලේසියි.



ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර්, යූටියුබ් වෙබ් පිටුවලට දාන්න නියම කවර්ෆොටෝ මේ ෆොටෝජෙට් මගින් හදාගන්න පුලුවන්.


මේ සියල්ල කරගන්න FotoJet ඔන්ලයින් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.