Worldwide Telescope - Microsoft

 Worldwide Telescope - Microsoft
ඔබගේ පරිගණකයෙන් විශ්වය දකින්න ග්‍රහලෝකාගාරයට යමු.

පරිගණකයේ web browser තුලින් විශ්වය දකින්න ග්‍රහලෝකාගාරයකට යන්න පුළුවන් කියලා අපි කිව්වොත් ඔබට පුදුම හිතෙයි.

තව දුරටත් එය පුදුමයක් නෙමෙයි. WorldWideTelescope (WWT) ඔබට මේ සදහා අවස්ථාව ලබා දෙනවා. පෘතුවියේ ස්ථාපිත කරලා තියෙන Telescopes (දුරදක්න) වලින් වගේම විශ්වය පුරා අවකාශයේ සැරිසරන Telescopes ද සම්බන්ද කරමින් ත්‍රිමාණ යාන්ත්‍රණයකින් (3D navigation) රූපක සකසා ඔබේ පරිගණක තිරයට විශ්වය රැගෙන එන්න Microsoft WWT සමත් වෙනවා.


කෙටියෙන්ම කිව්වොත් WWT කියන්නේ ඔබේ විශ්ව නිරීක්ෂණාගාරය, ඔබ කවදාවත් දැක නැති අවකාශයක් ඔබේ හිතේ හැටියට ගවේෂණය කරන්න ඔබට අවස්ථාව ලබා දෙනවා. බහු තරංග ආයාම දර්ශන (multi-wavelength view) දැකගන්න, තාරකා සහ ග්‍රහලෝක අතර අන්තර් සබඳතා විස්තර දැනගන්න, zoom inward zoom out කිරීමේ හැකියාව මෙන්ම ඔබව විශ්වයේ සංචාරයක් රැගෙන යාමටද WWT සමත් වෙනවා. ඒ වගේම ඔබට විශ්වය පුරා සංචාරය කර අලුතින් සංචාර (guided tours) නිර්මාණය කරන්නත් පුළුවන්.


ඔබ මුළු සුර්යග්‍රහ මණ්ඩලයම ඒකවර 3D option එකෙන් නැරඹුවොත් ඔබට බලාගන්න පුළුවන් වෙයි ඉරෙන් ග්‍රහලෝක මත ඇතිවෙන ආලෝක තත්ත්වයන් වගේම සෙවනැලිත්. ඔබේ හිතේ තියෙන ග්‍රහලෝක වලට වඩා WWT වලින් දකින පෘතුවිය, අඟහරු දැක්කම ඔබ පුදුම වෙයි. ඒ වගේම ග්‍රහලෝක කක්ෂ වටා පරිභ්‍රමණය වෙන හැටිත්, උප ග්‍රහයෝ ග්‍රහලෝක වටේ බ්‍රමණය වන හැටිත් ඔබේ ඇස් දෙකෙන් දැක්කම ඔබට පුදුම හිතේවි.
WorldWide Telescope කියන්නෙ MIT බලපත්‍රය යටතේ තියෙන open-source application එකක් වගේම .NET Foundation එක යටතේ තියෙන ස්වාධීන ව්‍යාපෘතියක්. WWT සෑදීමට යොදාගෙන ඇත්තේ .NET framework

බලන්න මෘදුකා‍ංගයේ ස්ක්‍රීන්ශොට්.
  • ග්‍රහලෝක වැනි ත්‍රිමාණ ගෝලාකාර වස්තුන් මතුපිට දාර සහගත නොවන (seamlessly) පරිදි ගවේෂණය කල හැක.
  • ඔබට විශ්වයේ ඇති සියලු අංගයන් පිළිබඳ terabyte සිය ගණනක දත්ත පරිශීලනය කල හැක.
  • guided tours යාමට, නිර්මාණය කිරීමට මෙන්ම නිර්මාණය කරන ලද guided tours සංස්කරණය කල හැක.
  • බ්‍රමණය වෙන ත්‍රිමාණ ග්‍රහලෝක දර්ශන මෙන්ම ග්‍රාහක අංශුන්ද දැක ගත හැක.
  • මිලියන ගණනක වස්තුන් පිළිබඳ විස්තර ඇති spider web අඩවි පාදක කරගත් තාරකා විද්‍යා පොත් පරිශීලනය කල හැක.
  • Touch screen සඳහා වුවද මෙම සංස්කරණය ක්‍රියාත්මක වේ.
  • අවුරුදු 2000ක ඉතිහාසයක් වගේම අනාගතයක් බලාගන්නත් පුළුවන් පුළුවන්.
මෙම අත්දැකීම ඔබටත් ලබාගන්න පුළුවන්. මෙතනින් (94 MB) පිවිස මෘදුකාංගය බාගත කරගන්න. නැත්නම් මෙතනින් WWT වෙබි පිටුවට පිවිස බලන්නත් පුුළුවන්.