Twitter To Unopen Video Social Network Vine

 Twitter to unopen video social network Vine
ට්විටර් සමාගම බංකොලොත් වෙයි ද? "වයින්" වෙබ් සේවාව නවතා දමයි.

වීඩියෝ නිපදවීම සහ ශෙයා කිරීම පිණිස තිබෙන විවිධ වෙබ් සේවා සහ අැප්ස් අතරින් ලොව වැඩි දෙනෙක් කැමති අැප් එක වයින් (vine.co)

සම්පූර්ණයෙන්ම නතර කර දමන බව ට්විටර් සමාගම නිවේදනය කර තිබේ.
වයින් අැප් එකෙහි අැති විශේෂත්වය තමයි තත්පර 6ක කාලයක් පුරා දිවෙන වීඩියෝවක් තනා ප්‍රසිද්ධ කළ හැකිවීමයි. එසේ තනන වීඩියෝ වයින්ස් කියාද, වීඩියෝ තනන්නන් වයිනර්ස් කියාද හඳුන්වයි. වීඩියෝ  තැනුවත් නැතත් අැප් එක භාවිතා කළත් නැතත් ඕනෑම කෙනෙක්ට වයින් වෙබ් අඩවියට පිවිස මෙම වීඩියෝ නරඹන්නටත්, ශෙයාර් කරන්නටත් පුළුවන්. මෙම අැප් එක මෙන්ම අනෙක් සේවා සියල්ලත් නොමිලේ තමයි ලබා දුන්නේ. 

වීඩියෝ ෂෙයාර් වෙබ් සේවා වන ඉන්ස්ටග්‍රෑම් (instagram.com) සහ සිනෙමාග්‍රෑම් (cinemagr.am) යන සේවා, වයින් සමඟ තරගයට සිටියත් පෙරමුණේ සිටින්නේ වයින්ය. වයින් සේවය හා සම්බන්ධ සක්‍රිය සෙනඟ කෝටි දෙකක් හෙවත් මිලියන 200ක් පමණ වෙයි.


එහෙත් පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සිට වයින් සේවය එහි හිමිකාර සමාගම වන ට්විටර් විසින් අකර්මන්‍ය කරන ලදී. එ් වයින් සේවය වසා දැමීමේ පළමු පියවර වශයෙනි. මේ නිසා දැනට ප්‍රසිද්ධ කර අැති වයින් වීඩියෝ, කලින් මෙන් ඩවුන්ලෝඩ් සහ ෂෙයාර් කළ හැකි වුවත් අලුතින් වීඩියෝ අප්ලෝඩ් කළ නොහැක. ඉදිරි මාසයක දෙකක කාලය තුළ මෙම පහසුකමත් ඉවත් කර, වයින් සේවය සම්පූර්ණයෙන්ම නතර කර දමන බව ට්විටර් සමාගම නිවේදනය කර තිබේ. මෑත කාලීන ඉතිහාසය ගත් විට මෙතරම් ඉහළ නප්‍රියත්වයක් තිබියදී වසා දැමීමට සැරසෙන එකම වෙබ් සේවය මෙයයි.

වයින්, වීඩියෝ තැනීමේ සහ ෂෙයාර් කිරීමේ සේවය 2012 ජුනි මාසයේදී සකසා අාරම්බ කළේ ඩොම් හොෆ්මාන් රස් යුසුපොව් සහ කොලින් ක්‍රෝල් යන තිදෙනාය. ඉන් පසුව ඔවුන් එකතුවී වයින් ලැබ්ස් ඉන්කෝපරේෂන් නම් සමාගම පිහිටුවා ගත්තා. කෙටි වීඩියෝ ෂෙයාර් කළ හැකි ෆේස්බුක් සහ ට්විටර් වැනිම සමාඡ ඡාලයක්වූ වයින් සේවය ට්විටර් සමාගම විසින් ඩොලර් මිලියන 30 ක් ගෙවා 2012 ඔක්තෝබරයේදී මිලදී ගන්නා ලදී. ඉන් පසුව ට්විටර් සේවය හා සම්බන්ධ වීඩියෝ ෂෙයාරිං සේවයක් සේ වයින් සේවය දියත් කළේය. ඉන් මාසයකට පසුව අන්තර්ජාලය තුළ වැඩියෙන්ම භාවිතා කරන වීඩියෝ ශෙයාරින් අැප්ලිකේෂන් එක බවට වයින් පත් වුණා. 2013 අප්‍රේල් 09 වැනිදා එය වාර්තාවක් තැබූයේ අයිඕඑස් අැප් ස්ටෝර්හි වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කර ගත් නොමිලේ දෙන අැප් එක වශයෙනි. ඉන් පසුව 2014 මැයි 01 දා වයින් වෙබ් අඩවිය දියත් කරනවා. එ් එතැනට පිවිස මෙතෙක් පළ කර අැති වයින් වීඩියෝ සොයා ගෙන නැරඹිය හැකි ස්ථාන වශයෙනි. එය අදටත් ඉතා ජනප්‍රියයි.

වයින් වීඩියෝ නොයෙක් මාදිලියෙන් වෙයි. මියුසික්  වීඩියෝ ලෙස වයින් වීඩියෝ තනා නප්‍රිය වූ ගායකයෝ සිටිනවා. විවිධ දස්කම් පෙන්වූ අය ඕන තරම් සිටී. බොහෝ පුවත් වෙබ් සේවා වයින් වීඩියෝ ක්ලිප් සිය පුවත් වාර්තා වශයෙන් යොදා ගනී. මේ මොන ප්‍රයෝජන ලැබුවත් අාදායමක් නොලද නිසා වයින් සේවය විකුණා දැමීමට ට්විටර් සමාගම පසුගිය වසර පුරාම උත්සාහ දැරීය. එයද අසාර්ථක වූ තැන එය සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කොට අැත්තේ.

කෝටි ගානක සෙනඟක් රොක්වී සිටියාට පමණක් වෙබ් සේවයක් පවත්වා ගෙන යා නොහැකි බව මෙමඟින් නැවතත් තහවුරු කොට තිබේ. වෙබ් අඩවියක් හෝ වෙබ් සේවාවක් පවත්වා ගෙන යන්නට එයට අාදායම් ලැබෙන මාර්ගයක් තිබිය යුතුය. වයින් වෙබ් සේවාව සතුව කොතරම් ජනප්‍රිය අංග තිබුණත් එයට ව්‍යාපාරික සැලැස්මක් නැත. පසුගිය අවුරැදු හතරකට අාසන්න කාලයක් පුරා වයින් සේවයට ව්‍යාපාරික සැලැස්මක් සකසා ගන්නට වෙර දැරුවද එය අසාර්ථක වුණි.