Kanchayudha Game Cost & Requirements

 Kanchayudha Game Price & Requirements
කංඡායුධ ගේම් එකේ මිළ සහ ගේම් එක play කරන්න අවශ්‍ය සුදුසුකම්.

කංඡායුධ පරිගණක ක්‍රීඩාව ගැන දැන් හැමොම වගේ දන්නවා. මුලින්ම මෙම පරිගණක ක්‍රීඩාව ගැන වැඩි දෙනෙකු දැනුවත් කලේ


අලුත් වෙබ් අඩවිය හරහායි. එ් අගේස්තු මාසේ මුලදීම අලුත් ලිපියක් මාර්ගයෙන්. කංඡායුධ වගේම ශ්‍රී ලංකාවේ නිපදවපු විශාල පරිගණක ක්‍රීඩාවක් තමයි වන්නි මෙහෙයුම කියන්නේ. 2015 වසරේ දී තමයි වන්නි මෙහෙයුම නිකුත් වෙන්න තිබුණේ. නමුත් අවාසනාවකට ලංකාවේ අාරක්ෂක අංශයෙන් අවසර දුන්නේ නෑ මේ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න. එ් කොහොම වුනත් අවසානයේ ලංකා ඉතිහාසයේ බිහිවුණු විශාලතම පරිගණක ක්‍රීඩාව ලෙස කංඡායුධ දෙසැම්බර් thirteen නිකුත් කිරීමට නියමිතයි.



මෙය රැපියල් 2850.00 වගේ මුදලකට ලබා දෙන බවයි මෙය නිර්මාණය කළ Arimac Lanka අායතනය පවසන්නේ. මෙහි මිළ ලෝකේ අනිත් පරිගණක ක්‍රීඩා සමග බලද්දි ගොඩක් සාධාරණයි. මොකද සමාන්‍යයෙන් මේ වගේ විශාල ගේම් එකක් රිලීස් කරන කොට රැපියල් 6000 – 7000 වගේ මුදලකට තමයි අළවි වන්නේ. අනික අවුරුදු පහකට අාසන්න කාලයක සිට තමයි Arimac Lanka අායතනය කංඡායුධ නිර්මාණයට යොමු වෙලා තියෙන්නේ.
එ් වගේම මේකේ models එහෙම design කරලා තියෙන්නේ ලංකාවේම විදියට තමයි. එහෙම නැතුව නිකන් පිටරට design එකක් drag as well as drop කරලා හදපු පරිගණක ක්‍රීඩාවක් නෙමෙයි. එ් වගේම ගොඩක් අය අහපු දෙයක් තමයි කංඡායුධ නිර්මාණය කරපු game engine එක මොකක්ද කියන එක ? මෙයට භාවිතා කරලා තියෙන්නේ ගොඩක් සංකීර්ණ unreal engine 4 කියන engine එක. අපි හැමොම දන්න assassin's creed පරිගණක ක්‍රීඩාවට ගොඩක් සමානකම් කංඡායුධ පරිගණක ක්‍රීඩාවෙන් දැකබලා ගන්න පුළුවන්.

මෙහි ගේම් play විඩියෝවක් පහතින් නරඹන්න.



එ් වගේම කංඡායුධ ගේම් එක depression graphics යටතේ play කරන්න windows පරිගණකයේ තිබිය යුතු අවම සුදුසුකම් පහතින් ඔබට බලාගන්න පුළුවන්.
  • Operating organisation : Windows seven SP1, Windows 8/8.1/10 (64bit versions only) 
  • Processor : Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz 
  • Memory : 4GB  
  • Video carte du jour : NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)  
  • Direct X : Version 11  
  • Hard Drive : 12 GB available space
Kanchayudha Game DVD amongst Cases

කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads වශයෙන්ද, ඉන් පසු වීඩීඩී හරහාද නිකුත් වන අතර, ඉදිරියේදී මැක් ඕඑස් (mac OS) , ප්ලේස්ටෙශන් 4 (playstation 4) සහ එක්ස් බොක්ස් වන්  (xbox one) සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා
(ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්), වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift as well as OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කර ඇත.


මෙහි කතාව ගැන කියනවා නම්, අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි.
මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය. මෙම පරිගණක ක්‍රීඩාව සම්බන්ධ ඔබගේ අදහස් පහතින් පළකරන්න.