Lg G6 Sinhala Review

 LG G6 Sinhala Review
අලුත්ම LG G6 ෆෝන් එක ගැන දැනගමු.

LG ස්මාර්ට් ෆෝන් සාපේක්ෂව අපේ රටේද ගොඩක් දෙනා බාවිතා කරනවා. ඔන්න අලුත්ම වැඩ කෑලි ඇතුලත් G6 ෆෝන් එකගැන දැනගතයුතු මූලික

කරුණු ඔබට අප ගෙන එනවා. ෆ්ලෑග්ෂිප් ස්මාර්ට්ෆෝනය වන LG G6 තවත් නොබෝ දිනකින් වෙළදපොළට පිවිසිමට නියමිතව ඇත. IP68 සහතිකයෙන් සමන්විත මෙය Corning Gorilla Glass 5 පසුපස පැනලයකින් සමන්විත වෙනවා. මෙහි ඇති 5.7 ක් වන තිරය  Corning Gorilla Glass 3 ආරක්ෂාව යටතේ නිමවා ඇත. හුරුබුහුටි පෙනුමක් ඇති මෙහි තරමක් විශාල ඩිස්ප්ලේ එකක් ඇතුලත් වෙනවා. බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.


ඇන්ඩ්‍රොයිඩ් ධාවනය වන මෙය Snapdragon 821 චිප් සෙට් එකකින් සමන්විත වේ. Internal retentiveness 32GB සහ 64GB ලෙස මාදිලි 2ක් දැකගත හැක. තවද 13 MP Primary Camera ද්විත්වයක් මෙහි දැකිය හැකි වන අතර ඉදිරිපස කැමරාව 5MP වේ. Quick Charge 3.0 හරහා බැටරිය පැය බාගයක් තුළදී 50% ක් පමණ ආරෝපණය කළ හැකිය. එමෙන්ම 3300mAh බැටරියක් අන්තර්ගත වේ.මෙය වර්ණයන් 3 කින් වෙළදපොළට ඒමට නියමිත අතර LG ස්මාර්ට් දුරකතන වලට සාපේක්ෂව ඉතා ඉහල මිලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වේ. අන්තර්ජාලයේ සදහන්වෙන පරිදි $750 ක් (රු. 112,000 ) පමන වෙනවා.


ඇතුලත් ගූණා‍ංග,
  • CPU - Quad-core (2x2.35 GHz Kryo & 2x1.6 GHz Kryo)
  • 4GB RAM
  • 5.7 inches ( 78.6% screen-to-body ratio)
  • 1440 x 2880 pixels ( 564 ppi pixel density)
  • Adreno 530 GPU.
  • Colors - Mystic white, astro black, H2O ice platinum.
  • Fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass, barometer.

කැමරා වලින් දාන්න පුළුවන් වැඩ ඇතුලත් වීඩියෝව බලන්න.


ඡායාරූප.