Zte Axon K Smartphone - Dual Screen, Foldable

 ZTE Axon grand Smartphone - Dual Screen, Foldableඑකම ෆෝන් එකේ Display දෙකක්.

ස්මාට්ෆෝන් තාක්ෂණය පිළිබද කතා කිරීමේදී එය දිනෙන් දින ඉතාමත් සීඝ්‍රයෙන් දියුණු වන බව ඔබ අප සියලුම දෙනාටම අහන්න දකින්න ලැබෙනවා ඇති.

ඒ අතරින් විශේෂ අවධානයක් යොමු වන දෙකට නැමිය හැකි තිර දෙකකින් යුතු මෙම ස්මාට්ෆෝනය බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙන ස්මාට් දුරකතනයකි. මෙය චීනයේ CTE නම් සාමාගම විසින් ZTE Axon grand නමින් පසුගියදා වෙළදපොලට නිකුත් විය. බැලූ බැල්මට මෙම ස්මාට්ෆෝනය පොතක් ආකාරයට පෙරළාගෙන වැඩ කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා.එකිනෙක සම්බන්ධ කර ඇති ස්මාට්ෆෝන් කොටස් දෙකකින් යුතු මෙම දුරකතනය දිග හැරිය විට තනි තිරයක් සේ භාවිතා කළ හැක. මෙම ස්මාට්ෆෝනය නිශ්පාදනය කරන ආයතනය පවසන පරිදි මෙම දුරකතනයෙන් වැඩ කළ හැකි ආකාර හතරක් විස්තර කර තිබෙනවා. ඒවානම් Traditional, Extended, Dual, Mirror වශයෙනි.
  • සාමාන්‍ය ස්මාට්ෆෝනයක් සේ භාවිතා කිරීම සම්ප්‍රදායික (Traditional) ක්‍රමයයි. එවිට භාවිතා කරන්නේ එක් තිරයක් පමණි.එනම් මෙය මුල් පිටුව සේ තිබෙන තිරයයි.
  • ස්මාට්ෆෝනය දිග හැරිය විට එහි ඇතුළතින් ඇති තිර දෙක තනි තිරයක් සේ ක්‍රියාත්මක කළ හැකිය. මෙය Extended ක්‍රමය ලෙස හැදින්වේ. මෙහිදී තිරය දෙගුණයකින් විශාල වන නිසා පහසුවෙන් වැඩ කළ හැකිය.
  • ස්මාට්ෆෝනයේ තිර දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැතිව ක්‍රියාත්මක කරවීම Dual ක්‍රමය යි. මේහිදී එකවර ස්මාට්ෆෝන් දෙකකින් වැඩ කළ හැකිය.
  • වීඩියෝ ක්‍රීඩා කිරීමේදී දෙදෙනෙකුට එකවර ක්‍රීඩා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ස්මාට්ෆෝන් තිරය එලෙසින්ම අනෙක් තිරයේද පෙනෙන විටය. මෙය Mirror හෙවත් දර්පණ ක්‍රමය ලෙස හැදින්වේ.

ZTE Axon grand දුරකතනයේ ඇති ගුණාංග කිහිපයක්,

Corning Gorilla Glass five ආරක්ෂාවක් සහිතව නිර්මාණය කර ඇත.
Snapdragon 821 චිප්සෙට් එකකින් සමන්විත වීම.
Quad-core (2x2.15 GHz Kryo & 2x1.6 GHz Kryo) ප්‍රොසෙසරය.
64 GB internal storage එකක් සහ iv GB Ram ධාරිතාවක් සහිත වීම.
• ස්ක්‍රින් එක 5.2 inches , 1080 x 1920 pixels , 16:9 ratio ( 426 ppi density)
• ඇන්ඩ්‍රොයිඩ් 7.0 Naugat නවතම මෙහෙයුම් පද්ධතිය ඇතුළත් වේ.
Primary කැමරාව  twenty MP වන අතර Secondary කැමරාවක් නොමැත.
Fingerprint එකක් ඇතුළත් වෙනවා.
3180 mAh Li-ion බැටරි ධාරිතාවක් අන්තර්ගත වේ.


බලන්න Review වීඩියෝවක්


මේ ආකාරයෙන් මෙම ස්මාට්ෆෝනය මගින් විවිධ පහසුකම් සපයාගන්න පුළුවන් වෙනවා. ඉදිරි කාලයේදී මෙම තාක්ෂණය ඉතාමත් උසස් අන්දමින් යුතුව වැඩිදියුණු කිරීමට නිෂ්පාදකයෝ වෙහෙසෙමින් සිටිති. බලන්න ඡායාරූප කීපයක්.