Facebook Vacancy - World Policy Manager, Sri Lanka

 Facebook Vacancy - Public Policy Manager, Sri Lanka ෆේස්බුක් සමාගමෙන් අපේ රටට රැකියා අවස්ථාවක්.

ෆේස්බුක් කාර්‍ය මණ්ඩලය වෙත සිංහල බස කතා කරන, ලියන පිරිස් බඳවා ගැනීමට අයදුම්පත් කැදවීමක් මේ දිනවල සිදු වෙනවා.

පසුගිය දිනවල ලංකාව තුල සමාජ ජාල මාධ්‍ය මගින් ජනයා කුපිතවෙන ආකාරයේ ලිපි, ඡායාරූප, ගැරහුම්, අවලාද, අපහාස හේතුවෙන් මහනුවර ඇති වූ මුස්ලිම් විරෝධී කලකෝලහාල නිසා දින කිහිපයක් සමාජජාල මාධ්‍ය ලංකාවතුල අක්‍රීය කිරීමට සිදුවිය. මෙහි බලපෑමක් ලෙස සමාජ ජාල මාධ්‍ය අයතාලෙස පරිහරණය කරන පිරිස් හදුනාගෙන එයට පියවර ගැනීමට ලංකාවේ පිරිස් යෙදවීමට මෙම රැකියා අවස්ථා ලැබී තිබෙනවා. ෆේස්බුක් සමාගමේ පහත තනතුරු සඳහා පුරප්පාඩු ඇත.
  1. වෙළෙඳපළ මෙහෙයුම් විශේෂඥ, ප්‍රජා මෙහෙයුම්, සිංහල
  2. වෙළෙඳපළ විශේෂඥ, ප්‍රජා මෙහෙයුම්, සිංහල
  3. පොදු ප්‍රතිපත්ති කළමනාකරු, ශ්‍රී ලංකාව
ෆේස්බුක් සමාගමේ වෙළෙඳපළ මෙහෙයුම් විශේෂඥ, ප්‍රජා මෙහෙයුම්, සිංහල සහ/හෝ වෙළෙඳපළ විශේෂඥ, ප්‍රජා මෙහෙයුම්, සිංහල යන තනතුරු එකිනෙකට සමානව පෙනන නමුත් ඒවා දෙකක් බව කරුණාවෙන් සලකන්න.