Google Pixel & Google Pixel Xl

  Google Pixel & Google Pixel XL
Google වෙතින් අලුත් ස්මාර්ට් ෆෝන් දෙකක්.

මෙය නම්කොට ඇත්තේ Google Pixel සහ Google Pixel XL ලෙසයි. ප්‍රධාන කැමරාව 12MB වන අතර ඉදිරිපස කැමරාව 8MB වේ. 4GB Ram මතකයකින්



සමන්විතයි. මෙහි Internal මතකය 32/128GB වේ. දුරකථනයට  පිටතින් SD Card සම්බන්ධ කළ නොහැක. Android Nougat මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වේ. අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකථනයන්ට වඩා මෙහි බැටරි අායුකාලය ඉතා උසස් මට්ටමක පවතිනවා. විනාඩි 15 පමණ කාලයක් චාර්ජ් කොට පැය 7ක පමණ කාලයක් භාවිතා කිරීමට හැකිය. Google Pixel හී අඟල් 5 සහ Google Pixel XL හී 5.5 ලෙස Display ප්‍ර‍මාණයන් දෙකකින් හා කළු නිල් සහ රිදී වර්ණයෙන් මෙම දුරකථන ඔක්තොම්බර් මස 20 වන දින සිට වෙළඳපළට නිකුත් කිරීමට නියමිතයි.


මෙය ඩොලර් 649 සිට ඉහළට මිල කර තිබෙනවා. එය පසුගිය මාසයේ වෙළඳපොලට නිකුත් කෙරුණු Apple 7 ජංගම දුරකථනය මිල කර තිබූ මිල ගණන් හා සමවීමද විශේෂත්වයක්. බොහෝ දෙනා සඳහන් කරන පරිදි මෙම Google Pixel සහ Google Pixel XL දුරකථන ඇපල් දුරකථනද අභිබවා යනු ඇතැයි පවසනවා. ඡායාරූප පහතින් නරඹන්න.