Types Of Printers

 Types of Printers
මුද්‍රණ යන්ත්‍ර වර්ග හදුනා ගනිමු.

මුද්‍රණ යන්ත්‍ර අද වන විට විවිධ ආකාරයෙන් විවිධ හැඩයෙන් විවිධ කාර්යයන් සදහා විශේෂ කරගනිමින් නිර්මාණය කර ඇත.

මේවා පහසුවෙන් හදුනාගැනීමට නම් මුද්‍රණ යන්ත්‍ර අපට වර්ගීකරණය කිරීමට සිදුවේ. මුද්‍රණ යන්ත්‍ර අප නොයෙකුත් කාර්යයන් සදහා යොදාගනු ලබයි. වෙළද කටයුතු, කාර්යාල ලිපිලේඛන මුද්‍රණය, පෞද්ගලික ප්‍රයෝජනයට අපට මුද්‍රණ යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවේ. එම නිසා මුද්‍රණ යන්ත්‍ර වර්ගීකරණයේදී අප ප්‍රධාන කොටස් two කට බෙදා වර්ග කල හැක.

1.) සංඝට්ටන මුදුණ යන්ත්‍ර (Impact Printers)


මෙම මුද්‍රණ යන්ත්‍ර ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර ගණයට අයත් වේ. මෙහිදී මුද්‍රණයේ හිස (Head) කඩදාසිය මත ගැටිම තුළින් මුද්‍රණය වීම සිදුවේ. මෙසේ මුද්‍රණයේ හිස කඩදාසිය මත ගැටීමේදි තරමක් ඝෝෂාකාරී වුවද මේවා සදහා යොදාගන්නා තීන්ත මිලෙන් අඩුය. බැංකු, ගබඩා ආදියෙහි මේවා භාවිතා වේ. දැන් බලමු සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ගැන.
  • තිත් න්‍යාස මුද්‍රකය (Dot Matri Printer)

මෙම මුද්‍රකයේ හිස (head) මගින් තින්ත සහිත රිබනය මත ගැටෙමින් තිත් ආකාරයෙන් කඩදාසිය මත මුද්‍රණය කෙරේ.

  • පේළි මුද්‍රකය (Line Printer)

එක් වරකට එකක් පේළියක් බැගින් මුද්‍රණය කරන මෙම මුද්‍රකය වේගවත් එකකි. මෙයට මිනිත්තුවකට පේළි 3,000 ක් පමණ මුද්‍රණය කිරීමට හැකියාව ඇත.


2.) සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර (Non Impact Printers)

මෙම මුදුණ යන්ත්‍රය කඩදාසිය මත සංඝට්ටනයක් වීම සිදුවන්නේ නැත.එමෙන්ම ඝෝෂාකාරී බවින් තොරයි. මේ සදහා යොදාගන්නා තීන්ත මිලෙන් අධික වේ. මේවායෙහි ප්‍රතිදානය ඉතා පැහැදිලි බවින් හා පිරිසිදු බවින් යුක්ත වේ. සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කීපයක් පහත පරිදි හදුනා ගනිමු.

  • ලේසර් තාක්ෂණය සහිත මුද්‍රණ යත්ත්‍රය. (laser Printer)
ලේසර් කදම්බයක් කැඩපතක් හරහා බෙරයක් මත දැක්වීම සහ ඒ මතට කාට්රිජයක් (Cartridge) තුළ ඇති වියළි තින්ත කුඩු පතිත වීම මගින් මුද්‍රණය වීම සිදුවේ.සාමාන්‍යයෙන් මිනිත්තුවකට A4 ප්‍රමාණයේ පිටු 4ක් පමණ මුද්‍රණය කළ හැක. කළු වර්ණය මෙන්ම විවිධ වර්ණයෙන් ට්‍රෝනර් ඇති බැවින් ගුණාත්මක බවින් ඉහළම පින්තූර, ලේඛන මුද්‍රණය කළ හැකිය.
  • තීන්ත වීදුම් මුද්‍රණ යන්ත්‍රය. (Bubble/Ink Printer)


කාට්‍රිජක් තුළ බහා ඇති ද්‍රව තත්ත්වයේ තීන්ත (Liquid Ink) කුඩා සිදුරු මගින් කඩදාසියට විදීමෙන් මෙම මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා කරයි.
  • තාප මුද්‍රකය. (Thermal Printer)
මෙමගින් ලේඛනය කඩදාසිය මත මුද්‍රණය කරයි. වෙළද ව්‍යාපාර, ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍ර ආදියෙහි රිසිට්පත්, ලේබල් මුද්‍රණය කිරීමට මෙම මුද්‍රකය යොදාගනී.