Multi Theft Machine Sanandreas

 Multi Theft Auto Sanandreas
අපේ රටේ විදියට GTA ගේම් එක play කරමු.

ලෝකේ ගොඩක්ම ජනප්‍රිය open the world ගේම් එකක් තමා GTA San Andreas කියන්නේ. දැන් ලොකු ලොකු ගේම් ගැහුවට ඉතින්  GTA San Andreas එකට ගහන්න එකක් තිබුනෙ නෑ.

මෑතකදි අපේම ලාංකික සහොදරවරු ටිකක් එකතුවෙලා මේ GTA San Andreas ගේම් එකේ multiplayer එකට වෙනස් කම් රැසක් එකතු කරලා ලංකාවට හුරු විදිහට නිර්මාණය කරලා තිබෙනවා. මෙය වසර ගණනාවක් තිස්සෙ කරන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි MTA sri lanka MOD එක නිර්මාණය කරන්න හැකි වෙලා තියෙන්නෙ. මේකෙ ලංකාවෙ ප්‍රසිද්ධ ස්ථාන මැප් කරලයි තියෙන්නෙ ඒ වගේම ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන ඇඳුම්, වාහන සහ විවිධ උත්සව අවස්ථා පවා එකතු කරලා තිබෙනවා. බලන්න පහත වීඩියෝව.


ගේම් එක ඩවුන්ලෝඩ් කරගැනීමට සහ multiplayer play කිරීමට අවශ්‍ය වන MTA Software එක බාගැනීමට මෙතනින් පිවිස ෆේස්බුක් ලිපිය බලන්න.