Ups Battery Protection Methods

 UPS Battery Protection Methods
UPS බැටරියේ ආයුකාලය වැඩිකරගනිමු.

ප්‍රධාන විදුලි සැපයුම හදිසි ඇනහිටීමකදී ක්‍රියාත්මක වෙමින් පවතින පරිගණකයක් හෝ වෙනයම් උපාංගයක් ක්‍රියාවිරහිත නොවී අඛණ්ඩව එයට

විදුලිය සපයන්නේ UPS ( uninterruptible ability supply) එක මගිනි. පරිගණකයෙන් වැඩ කටයුතු කිරීමේදී හදීසියේ විදුලිය ඇනහිටී යාමෙන් සේව් නොකල දේවල් මැකී යාමට ඉඩ ඇත. UPS එක මගින් ඔබට එම කාර්යය සේව් කිරීමට සීමිත කාලයක් ලබාගත හැක. මෙහිදී මතක තබා ගත යුතු දෙය වන්නේ මෙයට ලැප්ටොප් එකේ බැටරිය මෙන් අඛණ්ඩව දීර්ඝ වේලාවක් විදුලිය ලබා දිය නොහැකි බවයි. බොහෝ දෙනෙක්ට ගැටළුවක් වී ඇත්තේ UPS බැටරියේ ආයුකාලය ඉතාමත් සීමිත විමයි. එමනිසා පහත පරිදි ක්‍රමයන් අනුගමනය තුළින් UPS බැටරියේ ආයුකාලය වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මිලදී ගැනීමට ඇති UPS එකක් වසර 2ත් - 3ත් අතර කාලයක් කිසිදු ගැටළුවකින් තොරව ක්‍රියාකාරී මට්ටමේ වැඩ කරයි.
  1. අලුතෙන් යූපීඑස් එකක් මිලදී ගත් විය එය පරිගණකයට හෝ වෙනයම් උපකරණයකට සම්බන්ධ කිරීමට ප්‍රථම පැය 12 ක්වත් බැටරිය ආරෝපණය කිරීම සිදු කළ යුතුය.
    .
  2. හදිසි විදුලිය විසන්ධි විමකදී UPS බැටරියේ බලය අවසන් වන තෙක්ම පරිගණකය ක්‍රියාත්මක කර තැබීම නොකළ යුතුය.
    .
  3. විදුලිය විසන්ධි වීමෙන් පසුව පරිගණකයේ කරමින් සිටි වැඩ හැකි ඉක්මනින් save කර පරිගණකය වසා දැමිය යුතුය.
    .
  4. පැරණි CRT මොනිටර්, වැඩි විදුලියක් වැයවන ප්‍රින්ටර් වර්ග හෝ පරිගණකයට බාහිරින් සවි කර ඇති විදුලිය වැඩි වශයෙන් වැයවන උපාංග UPS එකට සම්බන්ධ නොකළ යුතුය.
    .
  5. එමෙන්ම UPS එකක් භාවිතා නොකර කාලයක් අසුරා තබන්නේනම් අවම වශයෙන් පැය viii ක්වත් එහි බැටරිය ආරෝපණය කර විදුලිය විසන්ධි කර තැබිය යුතුය.
    .
  6. මීට අමතරව UPS එකක් හෝ UPS බැටරියක් මිලදී ගැනීමේදී හොද වෙළද නාමයක් ඇති අවශ්‍ය විදුලි ධාරිතාවක් ලබා දෙන එකක් තොරාගත යුතුය.
    .
  7.  බැටරි ආයුකාලය නිමවූ පසු නැවත අලුතෙන් බැටරි මාරුකල හැකි UPS එකක් බාවිතා කිරීමට වගබලා ගන්න.