Recharger Iphone App - Quick Recharge

 Recharger iPhone App - Quick recharge
Re-charger ඇප් එක ඇපල් අයිෆෝන් වලටත්.

ෆෝන් එකට රීචාජ් කාඩ් සූරා ෆෝන් එකේ කැමරාවෙන් scan කරලා අදාල pin අංක ක්ෂණිකව හඳුනාගෙන ගිණුම යාවත්කාලීන කරන ඇප් එකක් අපි ඔයාලට


හදුන්වාදුන්නා මතක ඇති. හැබැයි ඒ ඇප් එක වැඩ කරේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට විතරයි. ඔන්න දැන් ඇපල් අයිෆෝන් වලටත් මේ ඇප් එක නිකුත් කරලා. වෙනදා මෙන් රීචාජ් කාඩ් එකේ PIN අංකය Activate කරගන්න දුරකථන සමාගම් වලට මැසේජ් යවන්න, කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ඇප් එක නිසා රීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ. シ රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු ගමන් ස්වයංක්‍රීයව PIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම රීචාජ් කරගන්න පුළුවන්. මෙම අැප් එක අයිෆෝන් වලදී සහය දක්වන්නේ ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට් ජාල සදහා පමණක් වලංගු වේ.

බලන්න ස්ක්‍රීන්ශොට්.


අවශ්‍ය නම් Pin අංකය මේ හරහාම වෙනත් කෙනෙක්ට යවන්නත් පුළුවන්. ඔබේ වටිනා කාලයත් ඉතිරි වෙනවා. ඇපල් අයිෆෝන් සඳහා මෙතනින් පිවිස බාගන්න.

ඇන්ඩ්‍රොයිඩ් සඳහා බාගන්න මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • App Name : Recharger - Quick recharge
  • Requirements : Apple iOS 8.0 or later
  • License : Free
  • Publisher website : www.thiken.com