Why Is Apple's Iphone Demeanour On Id Important

 Why is Apple's iPhone Touch ID Important
iPhone එකේ ඇති finger impress එකේ වැදගත්කම.

Apple iPhone 5s එක වෙළදපොළට පැමිණියේ දුරකතන ලොවේ විශාල පෙරලියක් ඇතිකරමිනි. ඒ ප්‍රථම වතාවට දුරකථනයක් සදහා finger impress scan

තාක්ශණය එක් කිරීමත් සමගය. එනම් දුරකථනයක අගුලු දැමීම සදහා මුරපදයක් වෙනුවට ඇගිලි සලකුණ (finger print) එක් කිරීමය.

මෙම finger print තාක්ශණය ප්‍රබේද කිහිපියකින් ඇති අතර ඇතැම් බොහෝ අවස්ථාවලදී යම් කසි පුද්ගලයකු යෙදූ finger impress මුර පදයක් සොරා ගැනීමටද, එමගින් අගුලු දැමූ මුරපදය ඒ සොරාගත් ඇගිලි සලකුණ මගින් විවෘත කීරීමටද පුලුවන්. අප්පට සිරි දැන් හිතන්න එපා එහෙම කොහොමද ඇගිලි සලකුණ හොරා ගන්නෙ කියල. මෙහෙමයි අපි නිකමට හිතමු ඔයාගෙම ඇගිලි සලකුණ කියල. ඔයා ස්පර්ශ කරන ඕනෑම වස්තුවක ඇගිලි සලකුණ පිහිටනව. අන්න ඒ ඇගිලි සලකුණ re-create කරල finger impress එක දාල තිබුන එකට ඒ කියන්නේ මුර පදය වෙනුවට ඒ re-create කරගෙන තියල විවෘත කරගන්න පුලුවන්. මීට අමතරව මිය ගිය කෙනෙකුගේ ඇගිලි සලකුණකින් වූවද finger impress lock එකක් unlock කරගන්න පුලුවන්.



නමුත් apple iPhone වල ඇති finger print එක ඉහත සදහන් කල කිසිදු කරුණකින්වත් unlock කිරීමට නොහැක. කෙටියෙන්ම කියනවනම් ඔයා මැරුණට පස්සෙ ඔයාගෙ iPhone එකට ඔයාගෙ ඇගිලි සලකුණ support කරන්නෙ නෑ. iPhone finger print තාක්ශණය ඇගිලි සලකුණ අදුනාගන්න ක්‍රම දෙකක් තියනව.

1. Capacitive

      මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ ඔබේ සම හරහා දුවන කුඩා විද්යුකත් දාරවන් උපයෝගී කර ගනිමිනි. මන්ද සෑම සජීවි මිනිස් සිරුරකම micro magnetic voltage එකක් අන්තර්ගත වේ. iPhone එකේ finger print තාක්ෂණය සදහා මේ ක්‍රමවේදය භාවිතා කරයි. iPhone වල touch screen එක සදහා භාවිතා කරන්නේද මෙම ක්‍රමවේදයයි.

2. Radio frequency 

       මෙම තාක්ෂණය මගින් සම මත ඇති මැරුණු සෛල සදහා සහයෝගයක් නොදක්වන අතර මැරුණු සෛල වලට යටින් ඇති සජීවි පටක සමග ක්‍රියාකරයි. ඒ තුලින් අදහස් වන්නේ මැරුණු පුද්ගලයකුගේ ඇගිලි සමග ක්‍රියා නොකරන බවයි. සියලු පටකයින් මියගිය පසු ඒ තුල ඇති සියලුම විද්‍යුත් ආරෝපනයද අතුරුදහන් වන අතර ඒ නිසා capacitive sensor සදහා සහයෝගයක් නොදක්වයි.

නමුත් finger print එක පමණක් ඉලක්ක කරගනිමින් නිශ්පාදනය වන දුරකථන සදහා මැරුණු පුද්ගලයකුගේ ඇගිලි සලකුණක් හෝ ඇලිගි සලකුණක පිටපතක් මගින්ද ප්‍රයෝජනයක් ගත හැකිය. නමත් iPhone සදහා ඒ කිසිවක් සහයෝගය නොදක්වයි. වෙළදපොලේ විවිධ වර්ගයේ ජංගම දුරකතන වල finger print තාක්ෂණය තිබුනද එහි සුරක්ෂිතබව දැනගෙන මිලදී ගන්න.
Post past times Anjula Madusanka