Lissana Gaha - Android Game

 Lissana Gaha - Android Game
ඕනෙ කෙනෙක්ට නගින්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ලිස්සන ගහ.

අවුරුදු උත්සවේක නැතුවම බැරි අංගයක් තමා ලිස්සන ගහ කියන්නෙ. හැම කෙනාටමත් ඕකෙ යන්න බෑ ඒකට පොඩ්ඩක් ඇගපතේ

සවි ශක්තියක් තියෙන්න ඕනි, කලින් ගස් නැගල පුරුද්දකුත් ඕනි. ඔබ ගෑණු ලමයෙක් නන් කොහොමටත් ඕකෙ නගින්න වෙන්නෙ නෑ. නමුත් දැන් ඔබ ලගම තියෙන ස්මාර්ට් පෝන් එකෙන් ග්‍රීස් නාගන්නෙ නැතුව ඇති තරම් ලිස්සන්න පුළුවන් ගේම් එකක් තියෙනව ඔබ කවුරු උනත් කිසිම ප්‍රශ්නයක් නෑ හිතේ හැටියට ලිස්සන තියෙන්නෙ රබන් සුරල් සහ ඔන්චිලිවාරම් හඩ මැද්දෙ.

screenshot

ඉතාමත් වර්ණවත් ගැෆික්ස් වලින් සමන්විත මෙහි ඔබට අවුරුදු උත්සයවයක අසිරිය මෙන්ම රබන් සුරල් ඔන්චිලි වාරම්ද ඇසීමට හැකිවීම ඔබව වෙනස්ම අත්දැකීමට  ගෙනයාවි. ඉතාමත් පහසුවෙන් ක්‍රීඩා කිරීමට හැකිවීමත් මෙහි ඇති තවත් විශේෂත්වයක්.

ඔබ වීඩියෝ ක්‍රීඩා වලට ප්‍රිය කරන කෙනෙක්නම් අපේ රටේ නිර්මාණය කෙරූ මෙම ලිස්සන ගහ ක්‍රීඩාවද play කරලා බලන්න, මින්පෙර මෙවැනි ගේම් එකක් නිර්මාණය වී නැති නිසා එය අපූරු අත්දැකිමක් වෙයි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ෆෝන් වලට මෙතනින් පිවිස ගේම් එක ලබාගන්න.

Technical Details

  • App Name : Lissana Gaha
  • Requirements : Android 4.0 & up
  • License : Free
  • Publisher website: www.egreen.io