Tsunami Sms & Email Alerts

සුනාමි සහ භූමිකම්පා සිදුවීම් පිළිබඳ අනතුරු ඇගවීම්.

2004 වසරේ සුමාත්‍රා දූපතේ ඇතිවූ භූමිකම්පාව නිසා අපේ රටේ වෙරළාශ්‍රිතව මුහුද ගොඩ දමමින් සුනාමි ආපදා තත්වයක් ඇති වුනා. මෙයින් අපේ රටේ මිනිස් 

ජීවිත 30,196 ක් අහිමි වුනා. 😓 මෙම අදුරු මතකයත් සමග අදටත් මිනිසුන් මහත් දුක් විදිමින් අබ්බගාතයෙකු සේ ජීවිතය ගෙන යනවා, නැතිනම් තම නෑදෑ හිත මිතුරන් අහිමිව හුදකලාව ජීවත් වෙනවා. මේ සිදුවීම නිසාවෙන් සුනාමි සහ භූමිකම්පා ගැන අපේ රටේ බොහෝ දෙනා ලොකු අත්දැකීමක් ලබාගත්තා. මින් පෙර අපරටට මෙවැනි අත්දැකීමක් හෝ දැනුවත්වීමක් නොමැති නිසා මෙතරම් ජීවිත සංඛයාවක් අහිමි වී ගියා. දැන් මේගැන දැනුවත් නිසා අප මේ හදුන්වාදෙන්නේ ලෝකයේ ඔනෑම රටක සිදුවන භූමිකම්පා සහ සුනාමි අනතුරු අපව නොමිලේම දැනුවත් කරන වෙබ් සේවාවක් ගැනයි. 🙌

වෙබ් අඩවි ලිපිනය :  www.cwarn.org


මෙහිදී අපගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් සහ ඊමේල් පණිවිඩයක් මගින් ලබාගන්න පුළුවන්. භූමිකම්පාවේ ප්‍රමාණය (බලපෑම), දිනය, වෙලාව, ස්ථානය සහ සුනාමි බලපෑම් සිදුවන ප්‍රදේශ පිලිබඳ තොරතුරු දැනුම් දෙනවා. SMS සේවයට ඇතුලත් වීමට මෙතනින් පිවිස ලියාපදිංචි වෙන්න. මේ සඳහා කිසිදු මුදල් අය නොකෙරේ. 😊