පරිගණකයේ ඕනෙම තැනක සිංහල තේරුම බලමු.
අපේ රටේ ගොඩක් දෙනාට ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න හරිහැටි බෑ. ඒක ලැජ්ජා වෙන්න ඕනෙ කාරනයක් නෙවෙයි. මොකද අපේ රටේ මවුබස සිංහල නිසා.
අපේ රටේ ගොඩක් දෙනාට ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න හරිහැටි බෑ. ඒක ලැජ්ජා වෙන්න ඕනෙ කාරනයක් නෙවෙයි. මොකද අපේ රටේ මවුබස සිංහල නිසා.
ඔන්න මේ හදුන්වාදෙන මෘදුකාංගයෙන් අන්තර්ජාලයේ තිබෙන වෙබ් පිටුවක හෝ පරිගණකයේ ඇති word, PDF වැනි ලිපි ගොනුවක ඇති ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම බලන්න පුළුවන් අපූරු මෘදුකාංගයක් අපේ රටේ දක්ෂයෙකු විසින් නිර්මාණය කර තිබෙනවා. මෙහි නම තමයි නමුණු පරිවර්තකය. බලන්න හදුන්වාදෙන වීඩියෝව.
පහත පිළිවෙලට ඔබගේ පරිගණකයටත් මෙය දාගන්න පුළුවන්. 😊
- මුලින්ම මෙම මෘදුකාංගය ඔයාගේ පරිගණයට මෙතනින් පිවිස බාගෙන install කරගන්න.
- ඊට පස්සේ නමුණු මෘදුකාංගය open කරන්න.
- වෙබ් බ්‍රවුසරයෙන් ඉංග්‍රීසි වචන සහිත වෙබ් පිටුවකට පිවිස හෝ ඉංග්‍රීසි වර්ඩ් ෆයිල් එකක් open කරලා, නොදන්නා වචනේ උඩ දෙවරක් ක්ලික් කරන්න. නැතිනම් තෝරන්න (Highlight).
- දැන් කීබෝඩ් එකේ කන්ට්‍රෝල් යතුර (CTRL) ඔබන්න. එවිට ඉහත ආකාරයට සිංහල තේරුම දර්ශනය වෙයි.
- භාවිතයෙන් පසු Task Bar එකේ Notification surface area එකේ ඇති අයිකන් එක ක්ලික් කර මෘදුකාංගයෙන් ඉවත් වෙන්න.
Technical Details
- Software Name : Namunu Translator
- File size : 423KB
- Requirements : Windows All
- License : Free
- Publisher website : www.namunu.uwucomputersociety.org