Mithuraa - Introduction Game

මිතුරා පරිගණක ක්‍රීඩාව.

අපේ රටේ නිපදවු කංචායුධ පරිගණක ක්‍රීඩාව ඔයාලට මතක ඇති. ඔන්න තවත් අපූරු ගේම් එකක් කැලණිය විශ්වවිද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු අංශය විසින් නිර්මාණයකර තිබෙනවා.


චරිත් මදුසංඛ ප්‍රමුඛව නිර්මාණය කරන මෙම පරිගණක ක්‍රීඩාව දැනට පරිගණක ක්‍රීඩා නිර්මාණයට යොදා ගන්නා unity Game Engine භාවිතා කර පණ පොවා ඇත. C# programming linguistic communication උපයෝගී කරගනිමින් සාදා ඇති මෙය දැනට පවතින බොහෝ පරිගණක වල ක්‍රියා කිරීමට හැකි වන පරිදි නිර්මාණය කිරීම ඹවූන්ගේ අරමුණයි. බලන්න පහතින් Game Intro එක.


Gameplay වීඩියෝ එකක්ද ඔවුන් නිකුත්කර තිබෙනවා.


මෙය Play කිරීමට ඔබගේ පරිගණකයේ පහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි.

  • OS: 64-bit Windows 7, Windows 8.1 together with Windows 10
  • Processor (AMD) : AMD FX-6350
  • Processor (Intel) : Core i3 2000
  • Memory: 4GB RAM
  • Graphics carte (Intel) :  HD 3000 2GB
  • Graphics carte (Nvidia) : Nvidia GeForce GT 620MX
  • DirectX: 11.0 Compatible video carte or equivalent
  • Hard-drive space: 12GB

මෙම ක්‍රිඩාව Open World වන අතර ක්‍රීඩකයාගේ උදව් සදහා AI Based සහයක් ලබා දී ඇත. මෙහි කතාව පාදක වී ඇත්තේ මිතුරන් දෙදෙනා මූහුණපාණ ගැටළුවක් සම්බන්ධවයි. දැනට Fighting, Shooting, Driving වගේ දේවල් කරන්න ක්‍රීඩකයා හැකියාව ලබාදී ඇති අතර ඉදිරියේ දී  GTA පරිගණක ක්‍රීඩාවේ තිබෙන බොහොමයක් ක්‍රීයාදාම මෙම ක්‍රීඩාව ට ඇතුලත් කිරීම ඹවුන්ගේ අරමුණ යි. ඉදිරි මාසය තුළ සියලු දෙනාට නොමිලේ බාගතකිරීම සදහා අන්තර් ජාලයට මූදා හැරීම මෘදුකාංග ඉංජිනේරු සිසුන්ගේ අරමුණයි.