Android Ransomware Assault Inwards Sri Lanka.

Android උපාංග වලට Rnsomware වයිරස් එකක් පැමිණෙයි.

මේ Ransomeware එකේ නම DoubleLocker. මේකෙ නම වගේම තමයි වැඩෙත්. Android Device එක දෙපාරක් ලොක් වෙනවා.

මේක අළුතෙන්ම පැතිරෙන Ransomeware එකක් කියලයි ආරංචි වෙන්නෙ. හැබැයි Wanncry වගේ මේකෙදි files encrypt වෙන්නෙ නෑ. ඒ වෙනුවට මේකෙදි වෙන්නෙ Screen Lock එකේ pin අංකය මාරු වීමයි. මේ කියන DoubleLocker Ransomeware එක Android සදහා නිපදවා ඇති පළමු හානිදායක Ransomware එකයි. Online Banking, Android දුරකථන ඔස්සේ සිදුකරන අයටත් මේකෙන් බාධා සිදු වෙනවා. ඉතාමත් හානිදායක වයිරස් එකක්  බවයි පර්යේෂකයන් පවසන්නේ.


"Given its banking malware roots, DoubleLocker may good last turned into what could last called ransom-bankers," said Lukáš Štefanko, the malware researcher at ESET. 
ESET ආයතනයේ Malware Researcher කෙනෙකු වන ලූකස් ස්ටෙෆැන්කො මහතා පවසන්නේ බැංකු කරදරකාරී Ransomware සැලකිල්ලට ගත්විට DoubleLocker කප්පම් බැංකුකරුවන් (Ransome-Bankers) ලෙස නම් කල හැකි බවයි.
"Two-stage malware that start out tries to wipe your banking concern or PayPal trouble organization human relationship in addition to afterward locks your device in addition to information to asking a ransom."
එමෙන්ම මෙම DoubleLocker අනාගතයේදී මුදල් කප්පම් පමණක් නොව Bank ගිණුම් සහ PayPal account වලට ලොග් වී, Device ලොක් කර ඒවා නැවත Unpin කරගැනීමට කප්පම් ඉල්ලිය හැකි බවයි. තවද පර්යේෂකයන් විශ්වාස කරනුයේ මෙම Ransomeware මෘදුකාංගය මුදල් කප්පම් ගැනීම හැර බැංකු තොරතුරු සොරකම් කිරීමට යාවත්කාලීන කිරීමේ හැකියාවක් ඇති බවයි. මෙය මෙම වසරේ (2017) මැයි මාසයේ පළමු වතාවට දක්නට ලැබුනේ ව්‍යාජ වෙබ් අඩවි හරහා Adobe Flash යාවත්කාලීන කිරීමක් ලෙසයි.

ඒ නිසා අලුතෙන් පැමිණෙන ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමට පෙර එහි ඇති Review කියවා බලා install කිරීම ආරක්ෂිතයි. Play Store එකෙන් බැහැරව ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේදී බොහෝ විට මෙම වයිරසය ඇතුළු විය හැකි බව අන්තර්ජාලය තුල සඳහන් වෙනවා.


හිරු News තුලින් මේ පිළිබඳව දැනුවත්කල වීඩියෝව බලන්න.


Post past times : Thiwanga Sandaruwan