Macx Video Converter Pro Review + Giveaway

Win MacX Video Converter Pro in addition to More Gifts MacX Video Converter Pro Review + Giveawayවීඩියෝ එඩිටින් කරන අයට වටිනා මෘදුකාංගයක්.

4K වීඩියෝ කන්වර්ට් කරන්න හොදම මෘදුකාංගයක් තමයි MacX Video Converter කියන්නේ. කන්වර්ට් කරනවාට අමතරව 

Video Editing Part එකත් මෙහි ඇතුලත් වෙනවා. යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකමත් ඇතුලත් කරලා තියෙනවා. Level-3 hardware acceleration තාක්ෂණය බාවිතා කරන පළමු 4K Video converter එක තමයි මේක. ඒනිසා 4K වීඩියෝ කන්වර්ට් කරන්න සහ එඩිටින් වැඩ වලට Mac පරිගණකය උපරිම සහයෝගයක් මේ මෘදුකාංගය වෙත ලබාදෙනවා. ඔයාලා දන්නවානේ 4K වීඩියෝ තමයි දැනට තිබෙන හොදම Quality වීඩියෝ format එක. Resolution එක, Size එක, පැහැදිලි තාවය ගොඩක්ම වැඩි නිසා පරිගණකයේ උපරිම කාර්‍යක්ෂමතාවය ඒ සදහා ලබාගන්නවා.

ගොඩක් Professional Video Editing කරන අය මේ වැඩේට බාවිතා කරන්නේ Mac OS සහිත පරිගණක නිසා, මේ මෘදුකාංගයද සහාය දක්වන්නේ Mac OS එකට පමණයි. (Mac OS X Leopard/Snow Leopard/Lion/Mountain Lion/Mavericks/Yosemite/El Capitan/macOS Sierra/macOS High Sierra)


බලන්න තිර ඡායාරූප කිහිපයක්.

ඇපල් අයිෆෝන්, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන්, Go-Pro කැමරා, DSLR කැමරා, Drone කැමරා වලින් ලබාගන්න වීඩියෝ සාමාන්‍ය ස්මාර්ට්ෆෝන්, ටැබ් වල බලන්න අඩු Resolution යටතේ Convert කරන්න මේ මෘදුකාංගයෙන් පුළුවන්. එතකොට වීඩියෝ වලට යන ඉඩ ප්‍රමාණයත් අඩු වෙනවා. ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවි වලට වීඩියෝ අප්ලෝඩ් කරන අයටත් මේ 4K වීඩියෝ කන්වර්ට් කරලා අප්ලෝඩ් කරන එක වාසියි. 4K Video ෆේස්බුක් තුල සහාය දක්වන්නේ නොමැති නිසා MP4 HD විදියට කන්වර්ට් කරගත්තනම් ඉක්මනින් විඩියෝ අප්ලෝඩ් වෙනවා. වීඩියෝ Quality එකත් හොදටම ප්‍රමාණවත්.

Level-3 hardware acceleration තාක්ෂණය බාවිතයේදී මෙම මෘදුකාංගයේ වැදගත්කම පහත වගුවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්.


මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න. මෙම මෘදුකාංගයෙන් වීඩියෝ Editing කටයුතු කරන ආකාරය ඉගෙන ගන්න අවශ්‍ය අය මෙතනින් පිවිස බලන්න.

Win MacX Video Converter Pro in addition to More Gifts 🎁

ඒවගේම MacX Video Converter Pro ඩිවලොපර්වරු විසින් මේ දිනවල වීඩියෝ එඩිටින් කටයුතු කරන අයට විශේෂ තරගයක් පවත්වනවා. GoPro කැමරාවක්, Tripod එකක්, Power Bank එකක් සහ MacX Video Converter Pro මෘදුකාංගය නොමිලේ ලබාගන්න  අවස්ථාව ඉන් සැලසෙනවා. එම තරගය ඇතුලත් පිටුවට මෙතනින් පිවිසෙන්න.