Learning Tamil Inwards Sinhala App

දෙමළ භාෂාව සිංහලෙන් ඉගෙනගැනීමට ඇප් එකක්.

අපි මිට කලින් හදුන්වලා දුන්නා ceylonbook මගින් හදුන්වාදීපු ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම සදහා උපකාරී වන Android වැඩසටහනක්. අද අප හදුන්වා දෙන්නේ ඔවුන් විසින් ඉදිරිපත් කරන

දෙමළ භාෂාව ඉගෙනගැනීමට උපකාරී වන App එකක් ගැන. මූලික වශයෙන් මෙම ඇප් එකේ දැනට පාඩම් 5ක් අන්තර්ගත වෙනවා. මේ App එක සෑම සතියකම Update කරමින් අලුත් පාඩම් සහ පැවරුම් ඇතුලත් කරන්න එයාලා කටයුතු කරන බවයි පවසන්නේ. දෙමළ භාෂාව මුල සිට ඉගෙනගන්න කැමති හැමෝටම මේ App එක භාවිතා කරන්න පුළුවන්. බලන්න තිරඡායාරූප කිහිපයක්.






 රජයේ රැකියා කරන අයට අනිවාර්ය කර තිබෙන රාජ්‍ය භාෂා විභාගය සාර්ථකව සමත් වීමට මේ App එක උපයෝගී කරගෙන දැනුම වැඩි කරගන්නත් පුළුවන්. සතිපතා අලුත් පාඩම් එකතු කරන නිසා ඔයාලට අමතර පන්තියකට සහභාගී වෙනවා වගේ ගෙදර ඉදන්ම සතිපතා පාඩම් කියවලා පැවරුම් සිදු කරගෙන දැනුම වැඩි කරගන්න පුළුවන් නිසා මේ App එක ගොඩක් වටිනවා. මෙතනින් පිවිස ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා බාගන්න.