Build A Budget Pc

අඩු මුදලට ගේමින් PC එකක් හදාගමු.

අඩුගානකට Gaming PC එකක් හදාගන්න කැමති අය ඇතිනේ. ඒවගේම ගේම්ස් වලට ගොඩක් සල්ලි වියදම් කරන්න අමාරු ඒත් අලුත් ගේම්ස් Play කරන්න කැමති අය ඉන්නවනේ.


මේ කියන parts දාල PC එක හැදුවොත් අලුත් ගේම්ස් Low setting,  Medium Setting ඇතැම්විට High Setting උනත් පුලුවන්. (1366 x 768 වැනි resolution) ලගදි PC එක පොඩ්ඩක් upgrade කරන්න ඉන්න අයටත් මේක වැදගත් වෙයි.

මුලින්ම බලමු power supply එක ගැන.
                  මුලු pc එකටම power එක දෙන්නෙ මේකෙන්නෙ ඉතින් මේ power supply එකට අපේ pc එක power එක ඉල්ලන තරම් දෙන්න තරම් හැකියාවක් තියෙන්න ඕනෙ. අඩුම 400w ability supply එකක් pc එකට තියෙන්න ඕනෙ. ඒත් ඔයාලට 500w ability supply එකක් ගන්න පුලුවන් නම් ඒක ගොඩක් හොදයි. මොකද gaming වලට හොද vga card එකක් පාවිච්චි කරනකොට ඒවට වෙනම external power එකක් දෙන්න ඕනෙ. Computer Shop වල 450w එකක් රුපියල් 900/= කට වගේ ගන්න පුලුවන්, 500w එකක් රුපියල් 1400/= කට වගේ ගන්න පුලුවන්. මේ කියන්නෙ used ඒව ගැන. 500w ability එකකින් අපිට කිසි අවුලක් නැතුව PC එකට කරන්ට් එක දෙන්න පුලුවන්.

දෙවෙනියට බලන්න ඕනෙ Motherboard එක ගැන.
             ඔයාලට CPU Z කියන software එක පාවිච්චි කරල pc එකේ board එක processor එක ram ගැන වගේම vga එක ගැනත් විස්තර බලාගන්න පුලුවන්. ඔයාල ලග G31 හරි G41 වගේ Motherboard එකක් තියෙනව නම් අලුත් Bord එකක් ගන්න ඕනෙ වෙන්නෙ නෑ. නමුත් ඊට වඩා පරණ motherboard එකක් නම් තියෙන්නෙ ඔයාලට අලුත් motherboard එකක් ගන්න වෙනවා. මොකද ඒ පරණ Board Pentium 4, DDR1 Ram වගේ වෙන හින්දා. අනික ඒ Board වල PCI Express Slot නැතුව AGP වගේ Slot තමා බොහෝවිට තියෙන්නෙ. ඉතින් කොහොමත් G31, G41 වගේ Board එහෙකට යන්න වෙනවා. ඒ Board වල DDR2 or DDR3 Ram Support කරනවා. G31 Board එකක් රුපියල් 3500/= ක් වගේ වෙන්නෙ. G41 ඊට වඩා පොඩ්ඩක් වැඩියි.


දැන් බලමු Ram කාඩ් මිලදී ගන්න විදිය.



                  Ram ගන්නකොට DDR2 විතරක් තියෙන Motherboard එකක් නම් තියෙන්නෙ DDR2 2GB  Ram x 2 ක් ගන්න. එතකොට 4GB Ram තියෙනවා. ගත්ත Board එකට DDR2 සහ DDR3 දෙකම support නම් ඔයාල DDR3 4GB එක Ram එකක් හරි 4GB ram දෙකකක් හරි ගහන්න. නැත්තන් මුලින් එක 4GB Ram එකක් ගහල පස්සෙ තව 4GB එකක් ගහන්න. DDR2 2GB  Ram එකක් රුපියල් 2500 ක් වගේ වෙන්නෙ. DDR3 4Gb Ram එකක් රුපියල් 4000 ක් හරි ඊට වඩා පොඩ්ඩක් වැඩිවෙයි.


ප්‍රොසෙසර් එකක් ගන්න බලන්න ඕනේ දේවල්.



                  Processor එකක් ගන්නකොට අඩුම Core two duo E8600 වගේ processor එකක් ගන්න. G31, G41 වගේ Board එකක් නම් ගත්තෙ ඔයාලට පුලුවන් Core two Quad Processor එහෙකට යන්න. Core two Quad Q9650 එක i3 sec Gen Processor එහෙකට වැඩිය හොදයි. i3 එකේ single core power උනාට ඒකෙ core 2 යි තියෙන්නෙ. Core two Quad එකේ Single Core එක i3 single core ට වඩා Power මදි උනාට Core 4 ක් එකතුවෙන නිසා Power එක වැඩි වෙනවා. Core two duo Processor එකක් රු.3,000 ක් වගේ වෙයි, පොඩ්ඩක් වැඩිත් ඇති. Core two Quad එකක් රු.4,800 ක් වගේ වෙන්නේ.


Graphics Card එක තමා ඊලගට ඕනෙම දේ.


             VGA එකක් ගන්නකොට vram එක විතරක් බලන්න එපා. දැනට ආපු ගේම්ස් ගොඩක් ගහන්න පුලුවන් VGA එක තමා GTS 450 VGA menu එක. ඒක රු.6,000 ක් වගේ හරි ඊට වඩා පොඩ්ඩක් වැඩි හරි වෙයි. ඒත් Dx11 අලුත් Games Low Setting හරි avg fps 30 කින් වගේ ගහන්න පුලුවන්. (720p, 900p) ඉතින් HDD එක තියෙන එකම පාවිච්චි කරන්න පුලුවන්. අඩුම 120GB HDD එහෙකුත් ඇති. DVD Rom එකත් තියෙන එකම පාවිච්චි කරන්න.

මෙම Computer Parts අපේ PC Gamers ෆේස්බුක් ගෘප් එකේ යාළුවන්ගෙන් අඩුවට මිලදීගන්නත් ඔයාලට පුළුවන්.


Author past times Kavindu Gayan