Disclaimer & Privacy Policy




නීතික අයිතිය

ප්‍රකාශන හිමිකම

© 2012 Aluth Media Sri Lanka සියලුම හිමිකම් ඇවිරිණ.

මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර පවත්වාගෙන යන්නේ Aluth Media Sri Lanka විසිනි. මෙම වෙබ් අඩවියේ ඇති සෑම ප්‍රකාශනයක්ම හා තොරතුරක්ම Aluth Media Sri Lanka හි බුද්ධිමය දේපළ වේ. එසේ නොවන අවස්ථාවලදී ඒ බව සඳහන් කරනවා.

සලකුණු

Adobe, Adobe ලාංඡනය, Acrobat සහ Acrobat ලාංඡන Adobe Systems Incorporated සමාගම සතු ලියාපදිංචි සලකුණු වේ. iTunes හා iPod, Apple Inc. සමාගම සතු ලියාපදිංචි සලකුණු වේ. අනිත් සියලුම සලකුණු අදාළ සමාගම්වලට අයිති ලාංඡනයි.

භාවිත කිරීමේ නීති හා වෙබ් අඩවිය භාවිත කිරීමට බලපත්‍ර

මෙම වෙබ් අඩවිය භාවිත කරන ඔබ, මෙම භාවිත කිරීමේ නීතිවලට සම්පූර්ණයෙන්ම යටත් වෙයි. මෙම භාවිත කිරීමේ නීතිවලට හෝ ඉන් එක් කොටසකට හෝ ඔබ එකඟ නොවෙයි නම් මෙම වෙබ් අඩවිය භාවිත නොකළ යුතුයි.

මෙම වෙබ් අඩවිය භාවිත කළ හැකි නිවැරදි ක්‍රමය මොකක්ද ?

මෙම වෙබ් අඩවියට පිවිස ප්‍රකාශන හිමිකම ඇති පින්තූර, ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන, සංගීතය, ඡායාරූප, ලිපි හා වීඩියෝ බැලීමට, ඩවුන්ලෝඩ් කරගැනීමට හා ප්‍රින්ට් කරගැනීමට ඔබට හැකියි. නමුත් ඒ ඔබේ පෞද්ගලික පාවිච්චිය සඳහා පමණයි. කිසිම වාණිජ අරමුණක් වෙනුවෙන් භාවිත කළ නොහැකියි. එමෙන්ම පහත මෙන්ම අනිකුත් ස්ථානවල සඳහන් නීතිවලටද ඔබ යටත්. එමනිසා ඔබට පහත සඳහන් දේවල් කිරීම සපුරා තහනම්.

  • මේ වෙබ් අඩවියේ ඇති කිසිම දෙයක් අන්තර්ජාලයේ කිසිම තැනක (වෙනත් කිසිම වෙබ් අඩවියක, කිසිම ෆයිල් ෂෙයාරිං වෙබ් අඩවියක ) පළ කිරීම,
  • මේ වෙබ් අඩවියේ ඇති තොරතුරු හෝ ඉන් කොටසක් හෝ කිසිම සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් එකක පළ කිරීම,
  • මූල්‍යමය ලාභයක් ලැබුණත් නැතත් වාණිජ අරමුණක් ඇතුව මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු යළි නිපදවීම, අනුපිටපත් සෑදීම, කොපි කිරීම හෝ වෙනත් ආකාරයකින් අයුතු ලෙස පරිහරණය කිරීම. එමෙන්ම වෙනත් ඇප්ලිකේෂන් එකක් හරහා මෙම වෙබ් අඩවියට සම්බන්ධ කිරීම, ලින්ක් (static හෝ dynamic ආකාරයට) කිරීම,
  • අන්තර්ජාලයේ ඇති දත්ත ක්‍රමානුකූලව හෝ ස්වයංක්‍රීයව එකතු කිරීම හා බෙදාහැරීම සඳහා (scraping, information mining, information extraction, as well as information harvesting යනාදිය ඇතුළත්) මෙම වෙබ් අඩවියේ ප්‍රභව කේතය (source code), ප්‍රෝග්‍රෑම් එකක් හෝ තාක්ෂණය යොදාගැනීමේ අරමුණෙන් මෙම අඩවියට පිවිසීම,
  • මෙම වෙබ් අඩවිය හෝ එය ඉටු කරන කාර්යයට බාධා කරමින් එහි භාවිත කිරීමේ නීති නොසලකා එය අයුතු ලෙස භාවිත කිරීම,
  • මෙම වෙබ් අඩවියට හානි වන ආකාරයට හෝ හානියක් විය හැකි ආකාරයට එය භාවිත කිරීම හෝ එයට පිවිසෙන්න බැරි වන ලෙස එයට බාධා කිරීම, මෙම වෙබ් අඩවිය නීත්‍යනුකූල නොවන, නීති විරෝධී, වංචනික හෝ හානිකර ආකාරයට භාවිත කිරීම හෝ නීත්‍යනුකූල නොවන, නීති විරෝධී, වංචනික හෝ හානිකර අරමුණකින් භාවිත කිරීම,
  • මෙම වෙබ් අඩවියේ තොරතුරු ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් භාවිත කිරීම.

භාවිත කිරීමේ නීති කඩ කිරීම.

භාවිත කිරීමේ නීති කඩ කළොත් එය කළ පුද්ගලයා කවුරු වුණත් ඔහුට මෙම වෙබ් අඩවියට පිවිසීමට ඇති හැකියාව තාවකාලිකව අත්හිටු වීමට, වෙබ් අඩවියට පිවිසීම සපුරා තහනම් කිරීමට, ඔබේ IP ලිපිනය යොදාගෙන වෙඩ් අඩවියට ඇතුල් වීමට ඇති හැකියාව බ්ලොක් කිරීමට, ඔබේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රවයිඩර් හරහා මෙම වෙබ් අඩවියට පිවිසීමට ඇති හැකියාව වැළැක්වීම හා/හෝ ඔබට එරෙහිව නීතිය මගින් ක්‍රියා කිරීමට අපහට අවශ්‍ය නම් හැකියි.

විටින් විට නීති යළි සලකා බැලීම

භාවිත කිරීමේ මෙම නීති Admin මගින් විටින් විට නැවත සලකා බලා අලුත් කරනු ලැබේ. අලුත් කරන ලද භාවිත කිරීමේ නීති එය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට වලංගු වේ. එමනිසා අලුත් කරන ලද භාවිත කිරීමේ නීති ගැන දැනගැනීමට නිතරම මෙම පිටුවට පිවිසෙන ලෙස ඉල්ලා සිටින්නෙමු.

නීතිය හා අධිකරණ බලය

භාවිත කිරීමේ මෙම නීති පාලනය කෙරෙන්නේ සහ ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ පනතේ නීතිවලට එකඟවයි. ඊට විරුද්ධව කටයුතු කරන අයව ශ්‍රී ලංකාවේ පිහිටි ඕනෑම උසාවියක් මගින් නීත්‍යනුකූලව කටයුතු කරනු ලැබේ.

සමහර නීති අදාළ නැති විට

නිසි බලය ඇති උසාවියකින් මෙම භාවිත කිරීමේ නීති බල රහිතයි, වලංගු නැත, ක්‍රියාත්මක කළ නොහැකියි හෝ නීතියට එකඟ නැත කියා තීරණය කළත් වෙබ් අඩවිය භාවිත කිරීම සම්බන්ධයෙන් Admin විසින් පනවා ඇති නීති අහෝසි නොවන අතර වෙනත් ආකාරයකින් එය ක්‍රියාත්මක කෙරේ.

සම්පූර්ණ ගිවිසුම

මෙම වෙබ් අඩවිය භාවිත කිරීමේ මෙම අලුත් නීතිවලට යටත් වෙනවා නම් ඔබ අප සමඟ ගිවිසුමකට එළඹෙයි.