Imo - Windows Mobile App

 imo - Windows Mobile App
වින්ඩෝස් මොබයිල් වලටත් ඉමෝ චැට් ඇප් එක නිකුත්වෙයි.

යහළුවන් සමග චැට් කරන ජනප්‍රිය ඇප් එකක් ලෙස ඉමෝ ( imo ) කා අතරත් ජනප්‍රියයි. වයිබර් වලට වඩා කටහඩ පැහැදිලි වීඩියෝ කෝල් ලබාගන්නත්


මෙමගින් පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් iOS සදහා පමනක් මෙය මුලින් නිකුත් කෙරුණා. ඔන්න දැන් වින්ඩෝස් මොබයිල් වලටත් මේ ඇප් එක රිලීස් වෙලා. හැබැයි ගැටළු තියෙනවා. imo Account එක කන්ෆර්ම් කරන කෝඩ් එක සමහර අයට එන්නේ නෑ. Review වල, Feedback වල ගොඩක් අය ඒ දේ කියලා තියෙනවා. අඩුපාඩු තිබුනත්, වැඩ නොකලත් සතුටු වෙන්න ඕන දේ වින්ඩෝස් වෙනුවෙන් මේ විදියට ජනප්‍රිය ඇප් එකක් ආපු නිසා.


මෙය තවම නිකුත්කල බවට imo වෙබ් අඩවියේද අප්ඩේට් එකක් නැතත්. imo ඩිවලොපර්වරු මෙය වින්ඩෝස් Apps ගබඩාවට නිකුත්කලා පමණයි. තවම පර්යේෂණ මට්ටමේ පවතින බැවින් අවශ්‍ය අය මෙතනින් පිවිස බාගන්න.