Imo - Windows Desktop

 imo - Windows Desktop
ඉමෝ චැට් පරිගණකයටත් දාගමු.

ස්මාර්ට් ජ‍ංගම උපාංග වල ජනප්‍රියම චැට් කිරීමට සහ විඩියෝ ඇමතුම් ලබා ගැනීමට අප බාවිතා කරන ඇප්ස් අතුරින් ඉමෝ ඇප් එකත් කා අතරත් ජනප්‍රියයි.

මේ ඇප් එක මෘදුකාංගයක් ලෙසද ඉමෝ ඩිවලොපර්වරු හදුන්වාදී තිබෙනවා. ඒ නිසා ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ෆෝන් වල පමණක් නෙවෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක වලද මෙය සහාය දක්වනවා. පිටරට ඉන්න අය සමග චැට් කරන්න වීඩියෝ කෝල් ගන්න මේ ඉමෝ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අනෙකුත් වයිබර්, වට්ස්ඇප්, මැසේන්ජර් ඇප්ස් වලට වඩා කටහඩෙහි පැහැදිලි කමක් ඉමෝ වල තිබෙනවා. මෙය බාවිතා කරන අය දන්නවා ඇති ඒ වෙනස,

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.


මෙතනින් පිවිස ඔබගේ වින්ඩෝස් පරිගණකයට මෙය බාගන්න. මෙය ඇක්ටිව් කිරීමට ඉමෝ ඇප් එක ෆෝන් එකට දාගෙන තියෙන්න ඕනේ. මොකද ඇක්ටිව් කෝඩ් එක එවන්නේ ඉමෝ මොබයිල් ඇප් එකේ මැසේජ් එකකින්.


Technical Details

  • Software Name : imo
  • File size : eleven MB
  • Requirements : Windows All
  • License : Free
  • Developer Website : www.imo.im