Double Information Offering Yesteryear Dialog

 Double Data offering past times Dialog
ඩයලොග් වෙතින් නොමිලේම ඩේටා පැකේජ ඩබල් කරයි.

ලංකාවේ සන්නිවේදන ජාල අතර ප්‍රමුඛ පෙලේ ස්ථානයක් හිමි ඩයලොග් සමාගම විසින් නත්තල් මාසය නිමිති කරගෙන තම පාරිභෝගිකයින්ට

රිසිසේ අන්තර්ජාලයේ සැරිසැරීම සදහා බෝනස් ඩේටා ලබා දීම මෙවරත් අරඹා තිබෙනවා. ඔබත් ඩයලොග් 4G සම්බන්ධතාවයක් භාවිතා කරනවා නම් දැනටමත් බෝනස් ඩේටා ඔබට ලබා දී තිබෙනවා.  ඔබගේ දැනට ක්‍රියාත්මක ඩේටා පැකේජයේ තිබෙන ඩේටා ප්‍රමාණය වගේ දෙගුණයක් ඩේටා ලබා දී තිබෙනවා. උදාහරණයක් විදියට 120GB පැකේජ එකට Any Time 60GB සහ Night Time 60GB ලෙසයි ඩේටා ලබා දුන්නේ. දැන් මේ පැකේජයට 240GB ලැබෙනවා. එතකොට Any Time 120GB සහ Night Time 120GB ලැබෙනවා. මෙය 2016/12/01 සිට 2016/12/31 දක්වා මාසයක කාලයක් වලංගු වේ.


 ඔබටත් බෝනස් ඩේටා ලැබුනද කියලා හරියටම දැනගන්න ඕන නම් ඩයලොග් Account එකට Log වෙලා බලන්න. ඩයලොග් Account එකක් නැති අය මෙතනින් ඩයලොග් වෙබ් සයිට් එකට ගිහිල්ල MY ACCOUNT යටතේ ඔයාගේ Connection එකේ විස්තර දීලා Account එකක් හදාගන්න. නැත්නම් Dialog Self assist අැප් එක install කරගන්න ෆොන් එකට. මේ අැප් එකෙන් Dialog TV, Mobile Broadband, Mobile, Fome Broadband Loyalty, Locate Us වගේ 250කට අධික ඩයලොග් සේවාවන් අත්විඳින්න පුළුවන්. මේ අැප් එක ක්‍රියාත්මකවන අාකාරය ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.



 ඩයලොග් ඇප් එක අැන්ඩ්‍රොයිඩ් නම් මෙතනින්ද, අැපල් iOS නම් මෙතනින්ද, වින්ඩොස් නම් මෙතනින්ද බාගත කරගන්න.