Fetch App Past Times Microsoft

 Fetch App past times Microsoft
ෆොටෝ එකෙන් සුනඛයාගේ වර්ගය හොයන්න.

මේ ඇප් එක හඳුන්වාදී තිබෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමෙන්. විශේෂ තාක්ෂණයක් උපයෝගී කරගෙන සුනඛයාගේ පෙනුම සහ වර්ණය හඳුනාගනිමින්

සුනඛයාගේ වර්ගය හැකිතාක් අාසන්න වශයෙන් අනුමාන කිරීමට හැකි වන පරිදි මෙය සකසා තිබෙනවා. දැනට මෙම අැප් එක iOS සඳහා පමණයි නිර්මාණය වී තිබෙන්නේ. නමුත් ඕනම ෆෝන් එකකින් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මෙම සේවාව අැප් එක බාගත කිරීමකින් තොරව ඔන්ලයින් අත්විඳින්නත් පුළුවන්.


මේ ඇප් එක මඟින් සෑම විටම 100%ක් නිවැරදි ප්‍රතිඵල දෙන්නේ නෑ කියලා ඔබට මෙන්ම අපිටත් හිතුනා මෙය පාවිච්චි කරලා බලන්න කලින්. නමුත් මෙහි ප්‍රතිඵල දැක්කම අැත්තටම පුදුමත් හිතෙනවා. සුනඛයාගේ ඡායාරූපය පැහැදිලි නම් බොහෝ විට 99%ක්ම නිවැරදි පිළිතුරක් ලබා දෙන්න මේ ඇප් එක සමත් වුණා. අනෙක් කාරණය තමයි,  සුනඛයාගේ ඡායාරූපයක් ලබා ගන්න තියෙන අමාරුව ඔබ දන්නවා. ලේසියෙන්  ඡායාරූපයකට කෙලින් පෙනී ඉන්නේ නෑනේ. එ් ගැටළුවටත්  මේ ඇප් එක විසඳුමක් ලබා දී තිබෙනවා. ඡායාරූපය ගන්න පෙර ඇප් එකෙන් හඬක් play වෙනවා. අමුතු සත්තු කෑගහන හඬවල්, විසිල් හඬවල් වගේ ශබ්ද. එතකොට සුරතලා කෙලින්ම ෆෝන් එක දිහා තමයි බලන්නේ. එ් නිසා පැහැදිලිව ඡායාරූපයක් ගන්න එක ලේසියි. මෙය හඳුන්වාදීමේ වීඩියෝව පහතින් බලන්න.



මෙතනින් පිවිස iOS උපාංග සඳහා අැපල් අැප්ස් ගබඩාවෙන් බාගත කරගන්න. ඔන්ලයින් වෙබ් අඩවියෙන් මෙම සේවාව අත්විඳින්න මෙතනින් පිවිසෙන්න.