Selasa, 31 Mei 2016

Ussd Codes Srilanka App - Ezcodes

 USSD Codes Srilanka App - Ezcodes
USSD කෝඩ් එකම තැනකින් ලබාදෙන ඇප් එකක්.

ස්මාර්ට්ෆෝන් බාවිතා කරන ඔබ දැනට සිම් පත් කිහිපයක් බාවිතා කරනවා නම් USSD කෝඩ් මතක තියාගෙන ඉන්න එක තරමක් අපහසුයි.

ගිණුමේ ශේෂය බලන්න, ගිණුම යාවත්කාලීන කරන්න, මුදල් හුවමාරු කරන්න, සේවා පහසුකම් ලබාගන්න වැනි විවිධ කෝඩ් එක් එක් සන්නිවේදන සේවා සපයන සමාගම් බාවිතා කරනවා. ශේෂය බලන්න වැනි නිතර බාවිතා කරන USSD මතකයේ තිබුණත් අනෙකුත් ඒවා මතකයේ රැදෙන්නේ නෑ. ඒ නිසා මේ ඇප් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට්.




මෙතනින් පිවිස ඇප් එක බාගන්න. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ජංගම උපාංග සඳහා මෙය ක්‍රියාකරයි.


Technical Details

  • App Name : Ezcodes
  • Requirements : Android 4.0.3 & upward
  • License : Free
  • Developer contact : techrat1991@gmail.com

Sri Lanka Museums

 Sri Lanka Museums
කටු ගෙදර ඇප් එකකින් යන්න දැන් පුළුවන්.

අපේ රටේ කෞතුකාගාර වල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු රැසක් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් එකට 

ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත (ICTA) අායතනයේ නිර්මාණයක්. කෞතුක වස්තුවක් නැරඹීමේදී අදාළ කෞතුක වස්තුව පිළිබඳව තොරතුරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සවන්දීමට මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ලිඛිත තොරතුරු පරිශ්‍රිලනය කිරීමට ද පුළුවන්. තවද ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ඩිජිටල් තාක්‍ෂණය සහිත (HD) ජායාරූප ද මෙයට එක්කර තිබෙනවා.


මෙමගින් විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් වෙත වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ‍කෞතුක වස්තූන් නරඹන්නන්ට වැඩි දැනුවත් වීමක් සහිතව ඒවා නැරඹීමටත් කෞතුක වස්තූන් පිලිඹදව තොරතුරු හදාරන්නන්ට සහ ගවේෂණය කරන්නන්ට මෙය ඉතා වැදගත් වෙනවා. මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය සහ දඹාන යන කෞතුකාගාර නරඹන්නන්ට මේ වන විට මෙම පහසුකම අත්විදීමට පුළුවන්. කොළඹ ජාතික කෞතුකාගාරය මෙන්ම ජාතික ස්භාවික විද්‍යා කෞතුකාගාරය සඳහා ද මෙම පහසුකම තවත් මාස කිහිපයකින් හඳුන්වා දීමට නියමිතය.

බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.
මෙතනින් පිවිස Google Play Store හරහා මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකට බාගන්න.

Technical Details

  • App Name : Sri Lanka Museums
  • File size : Varies alongside device
  • Requirements : Android 4.0 in addition to up
  • License : Free
  • Publisher Website : www.icta.lk

Fathom Ane Underwater Drone

 Fathom One Underwater Drone
දිය යටින් ගමන් කළ හැකි අලුත්ම ඩ්‍රෝනයක්.

දිය යට ඇති සුන්දර දසුන් පහසුවෙන් නැරඹීමට අලුත්ම ඩ්‍රෝනයක් පසුගියදා හදුන්වා දී තිබෙනවා. පෙර පැවති දිය යටින් ගමන් කරන ඩ්‍රෝන වලට වඩා

මෙය ඉතාමත් සරල ලෙස හැසිරවිය හැකි ඩ්‍රෝනයක් ලෙස හදුන්වාදිය හැක. මෙය ප්‍රමාණයෙන් ඉතා කුඩා පහසුවෙන් ඔනෑම තැනටක රැගෙන යා හැකි පරිදි නිර්මාණය කර ඇත. ඔබගේ ස්මාර්ට් ජංගම උපාංගයක් මගින් මෙම ඩ්‍රෝනය සමග සම්බන්ධ විමටද හැකිය.ඇත්තටම මෙය කුඩා සබ්මැරීනයක හැඩයක් ගන්නවා. මෙහි බැටරිය උපරිම චාර්ජ් කර පැයක පමණ කාලයක් දිය යට ගමන් කරවිය හැකිය.උපරිම වශයෙන් නොට්ස් three ක වේගයෙන් මෙයට ගමන් කළ හැක. ජලයේ අඩි 150 ක් පමණ ගැඹුරට ගමන් කිරීමට මෙයට හැකිය. දිය යට ගමන් කිරීමේදී ජලයෙන් ඇතිවන පීඩනයට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉතාමත් ශක්තිමත් ලෙස මෙහි සැකිල්ල නිර්මාණය කර ඇත. එමෙන්ම ජලය යට ඇති අදුරු තත්ත්වය මගහරවා ගෙන පහසුවෙන් වීඩියෝ කිරීමට මෙහි ඉදිරියෙන් LED light 2 ක් සවි කොට ඇත. මෙය දිය යටට ගිය විට අඩි 100 පමණ වයරකින් මතුපිට යම් උපාංගයකට සවිකර ඇත. මෙම උපාංගය WiFi Hostpot එකක් වන බැවින් ජංගම උපාංගයක් මගින් මේ හා සම්බන්ධ වීමට හැකිය.

බලන්න හදුන්වාදෙන වීඩියෝව.


මෙහි කොටස් හදුනාගන්න පහත පින්තූරය බලන්න.

බලන්න ඡායාරූප.




Jamboard - 4K Digital Whiteboard From Google

 Jamboard - 4K digital Whiteboard From Google
ගූගල් වෙතින් නවීන වයිට්බෝඩ් එකක් හදුන්වාදෙයි.

මෙතෙක් කාලයක් පුරාවට ‍රැකියා ආයතනයක සාකච්ඡා ශාලාවක වූවද, උසස් අධ්‍යාපන ආයතනයක දේශන ශාලාවක වුවද ප්‍රධාන


තැන් හිමිකරගත් උපකරණයක් වූයේ වයිට්බෝඩයයි. සාම්ප්‍රදායික කළුලෑල්ලේ පරිණාමය වූවක් ලෙසින් සැලකිය හැකි වයිට් බෝඩ් එක සහ මාකර් පෑන් සැබැවින්ම ඕනෑම අයෙකුට හුරුපුරුදු උපකරණයක් බවට පත්වන්නේද එහි ඇති ඉහළ උපයෝග්‍යතාවය නිසාවෙනි. කෙසේ වුවත් සියලුම දේ ඩිජිටල්කරණය වන වර්තමානයේදී වයිට්බෝඩයටද නවීන තාක්ෂණයෙන් බේරී සිටීමට නොහැකි වී ඇත. ගූගල් සමාගම විසින් Jamboard උපාංගය හඳුන්වා දෙන්නේ සාම්ප්‍රදායික වයිට් බෝඩ් එක වෙනුවට භාවිත කළ හැකි එහි ඩිජිටල් අනුප්‍රාප්තිකයෙකු ලෙසිනි.

කෙසේ නමුත් වයිට් බෝඩ් උපකරණය Jamboard උපාංගය බවට පත් කිරීමේදී ඊට වයිට් බෝඩයකින් බලාපොරොත්තු විය නොහැකි සුවිශේෂී හැකියාවන් ගණනාවක් ගූගල් විසින් දෙනු ඇති බවද උපකල්පනය කළ හැකි දෙයකි. සැබවින්ම අඟල් 55 ප්‍රමාණයේ ස්පර්ෂ තිරයක් ලෙසින් හැඳින්විය හැකි Jamboard උපාංගය ඔබට පහසුවෙන්ම දේශන හෝ සාකච්ඡා ශාලාවක තැන්පත් කර තැබිය හැකි අතර, වයිට් බෝඩ් එකකින් සිදුකළ හැකි ක්‍රියාකාරකම් වඩාත් පුළුල් තලයක සිට පරිශීලකයන්ට සපයා දීමට එය සමත්වනු ඇත. සාම්ප්‍රදායික වයිට් බෝඩ් එකක් ලෙසින්ම භාවිත කිරීම සඳහා මෙම Jamboard උපාංගය සමගින් ස්ටයිලස් පෑන් දෙකක් සහ සාම්ප්‍රදායික වයිට් බෝඩ් ඉරේසරයක කාර්යය ඉ‍ටු කරන වක්‍රාකාර කුඩා උපාංගයක් ලැබෙනු ඇත. මෙම ස්ටයිලස් පෑන් ද්විත්වය භාවිත කර සම්මත මාකර් පෑන්වලින් සිදුකරන කාර්යයම කළ හැකිවේ. මෙම Jamboard ස්පර්ෂ තිරයට පොයින්ට් 16 ක් දක්වා ස්පර්ෂයන් හඳුනාගත හැකි නිසාවෙන්ම කිහිප දෙනෙකුට වුවත් එක් වර මෙම උපාංගය භාවිත කිරීමේ පහසුව තිබේ.

හඳුන්වාදීමේ වීඩියෝව බලන්න.


මෙම උපාංගයට සම්මත OCR (Optical graphic symbol recognition) හැකියාවන් ලබාදී තිබේ. එනම් මෙම ස්පර්ෂ තිරයේ සටහන් කරන ඕනෑම දෙයක් ඩිජිටල් අකුරු බවට පරිවර්තනය කිරීමේ හැකියාව මෙයට තිබේ. එසේම එසේ පරිවර්තනය කරනා දත්ත Google Drive හි සුරක්ෂිත කෙරෙනු ඇත. එවිට සාකච්ඡා ශාලාවේ සිටිනා අනෙකුන් හටද තමන්ගේ ස්මාට්ෆෝන් හෝ ටැබ්ලට් හෝ ලැප්ටොප් උපාංගයන් ඔස්සේ එම දත්ත වෙත යම් වෙනස් කිරීමක් හෝ යෝජනා කිරීමක් හෝ සිදුකරමින් වචනාර්ථයෙන්ම සක්‍රියව සාකච්ඡාවට සහභාගී වීමට ඉඩ ලැබීමද විශේෂත්වයකි. මෙය සැබවින්ම වයිට් බෝඩයක හැකියාවන් මීළඟ තලයට ගෙන යෑමක් පමණක් නොව, දේශනයක හෝ කාර්යාල සාකච්ඡාවක හැකියාවන්ද වැඩිදියුණු කරවීමක් ලෙසින් දැකිය හැකිය.

ඡායාරූප.


Senin, 30 Mei 2016

Disable Kmplayer Ads

 Disable KMPlayer Ads
KMPlayer එකේ දැන්වීම් පෙන්වීම නවත්වන්න අපේ මෘදුකාංගයක්.

වීඩියෝ බලන්න ගොඩදෙනෙක් බාවිතා කරන්නේ KMPlayer එක නිසා ඒ අයට වටිනා මෘදුකාංගයක් ලංකාවේ අයෙක් නිර්මාණය


කර තිබෙනවා. මෙම Player එකේ නව සංස්කරණ වල අලුත් අංග අැතුලත් වුුනත් එ් සමඟම කරදරකාරී ලෙස දැන්වීම්ද ඇතුලත් වී තිබෙනවා. බහුතරයක් දෙනා  player එක බාවිතයෙන් ඉවත් වීමටද එය හේතුවක් වී තිබෙනවා. මෙසේ අපි දවසට කිහිපවරක්ම player එක බාවිතා කරන නිසා දැන්වීම් වලට අනවශ්‍ය ඩේටා වැයවීමක්ද වෙනවා. අනිත් එක දැන්වීම close කරන්න කාලයක්ද ගතකරනවා. මොකද ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙන පරිගණක වල player එක open කරපු ගමන් හුගක් කරදරකාරී ලෙස දැන්වීම් දර්ශනය වීමයි. එහෙනම් බලමු මේක කරන ආකාරය.
  • මුලින්ම මෙතනින් (154KB) පිවිස මෙම මෘදුකාංගය බාගත කරගන්න. දැන් බාගත කරගත් Zip ෆයිල් එක Winrar වැනි මෘදුකාංගයක් භාවිතා කර විවෘත කරගන්න. නැතහොත් Unzip කරගන්න. දැන් එහි තිබෙන kmpAdRemover නම් ෆයිල් එක විවෘත කරගන්න.
  • එවිට මෙම මෘදුකාංගය මෙලෙස විවෘත වෙයි.
  • දැන් ඔබේ පරිගණකයේ KMPlayer එක ස්ථාපනය කර තිබෙන ස්ථානයට අදාල File Location එක කොපි කරගන්න.

  • දැන් එම Address එක කොපි කරගත් පසු ඉහත විවෘත කරගත් මෘදුකාංගයේ KMPlayer Location කියන ස්ථානයේ Paste කර Remove Ads ක්ලික් කරන්න.


  • දැන් KMPlayer එක විවෘත කරලා බලන්න, දැන්වීම් ඉවත්වී ඇත.

ඒවගේම මේ දේවල් කරන්න අපහසුනම් දැන්වීම් නොපෙන්වන KMPlayer මුල් සංස්කරණය මෙතනින් පිවිස බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.

Introducing Sinhala Avurudu Nakath App

 Introducing Sinhala Avurudu Nakath App
සිංහල අලුත් අවුරුදු නැකැත් ෆෝන් එකෙන් බලමු.

ඔන්න මේ මාසේ ඔයාලගේ ෆෝන් එකට දාගන්නම වටින ඇප් එකක් තමයි මේ හඳුන්වා දෙන්නේ. සිංහල අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයයි.

අපි ලිතෙන් නැකැත් බැලුවේ ඉස්සර, දැන් පහුසුවෙන්ම සිංහල අලුත් අවුරුදු නැකැත් ඔබේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන්ම බලාගන්න මේ ඇප් එකෙන් පුලුවන්. මෙහි ඇති එක් සුවිශේෂ කාරණයක් නම් සිංහල ඇති නැති ඕනෑම දුරකථනයක සිංහල දර්ශණය වන අකාරයට නිර්මාණයකර තිබීමයි.
ඒ අනුව මෙහි,
  • නව සඳ බැලීම.
  • පරණ අවුරුද්ද සඳහා ස්නානයට.
  • අලුත් අවුරුදු උදාව.
  • පුණ්‍ය කාලය.
  • ආහාර පිසීම.
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය.
  • හිසතෙල් ගෑම.
  • රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම.
  • රාහු කාලය‍ යනාදිය ඔබට බලාගන්න පුළුවන්.
මෙම සංස්කරණයේ ඇති පහසුකම් :
  • Push notifications (නැකැත් වෙලාවන් මතක් කිරිම)
  • Flat blueprint (UI)
  • Fast loading & Quick access
  • Small app size
බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.






 

මෙතනින් පිවිස ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.

Technical Details

  • Software Name : Sinhala Aluth Avurudu Nakath - 2017
  • Requirements : Android (4.0 together with up)
  • License : Free
  • Developer : Sameera Premathunga

Kanchayudha Game - Subject Song

 Kanchayudha Game - Theme Song
කංඡායුධ ගේම් එකට තේමා ගීතයක් හඳුන්වාදෙයි.

ශ්‍රී ලංකා පරිගණක ක්‍රීඩා ඉතිහාසය වෙනස්ම තලයකට ගෙන ගිය ARIMAC LANKA අායතනය විසින් නිර්මාණය කෙරූ කංඡායුධ පරිගණක ක්‍රීඩාවට ඔවුන් විසින්ම


නිර්මාණය කළ තේමා ගීතයක් (Theme Song) හඳුන්වාදී තිබෙනවා. කංඡායුධ ක්‍රීඩාවේ මෙන්ම VFX සහ 3D Animation තාක්ෂණය බාවිතයෙන් මෙය නිර්මාණය කර තිබේ. මෙම ගීතයට සංගීතය නිර්මාණය කර තිබෙන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වූ චිත්‍රාල් සෝමපාල මහත්මයායි.



Predator 21X Gaming Laptop Yesteryear Acer

Can shop upwards to 5 storage drives at a fourth dimension Predator 21X gaming laptop past times Acer
ලොව හොඳම Gaming ලැප්ටොප් එක Acer සමාගමෙන් නිපදවයි.

පරිගණක ඉතිහාසයම වෙනස් කරමින් සුපිරිම Gaming ලැප්ටොප් පරිගණකයක් ඉදිරියේදී වෙළෙදපොළට පැමිණීමට

නියමිතව තියෙනවා. ගොඩ දෙනෙක් අතර පරිගණක ක්‍රීඩාකරන්න ප්‍රචලිත වී තිබෙන්නේ Desktop පරිගණක වුවත් නවීන තාක්ෂණයේ අාගමනයත් සමග එ් අදහස වෙනස් වෙමින් පවතිනවා. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ ලොව සුපිරිම පරිගණක නිෂ්පාදනය කරන සමාගමක් වන Acer සමාගම විසින්. මෙය නම් කර තියෙන්නේ Predator 21 X ලෙසයි. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් $9,000 ක් ( රු.1,350,000 ) බවටයි වාර්තා වෙන්නේ. මේ ලැප්ටොප් පරිගණකය ලබන මාසයේ දී උතුරු ඇමෙරිකාවේදි වෙළඳපොළට හඳුන්වාදීමට නියමිතව තියෙනවා. මේ ලැප්ටොප් එකෙන් ලොව හොදම පරිගණක ක්‍රීඩාවන් 45ක් පමණ පහසුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා. 

මෙය හඳුන්වාදීමේ නිල වීඩියෝව පහතින් බලන්න.



මෙහි ඇතුලත් අ‍ංග හදුන්වාදෙන Review වීඩියෝවක් බලන්න.



මෙහි අැති විශේෂාංග,
  • 21-inch screen, 21:9 human face ratio, 2,560x1,080-pixel resolution
  • 120Hz refresh rate
  • 2000R curved screen
  • Nvidia G-Sync
  • Tobii Eye Tracking
  • Two Nvidia GeForce GTX 1080 GPUs
  • Seventh-gen Intel Core i7-7820HK (overclockable) CPU
  • Can shop upwards to 5 storage drives at a time
  • Two ability supplies to run
  • Five organization fans
  • Nine rut pipes to rest cool
  • HDMI port as well as ii DisplayPorts
  • Four speakers as well as ii subwoofers
  • Mechanical keyboard uses Cherry
  • MX switches as well as has an RGB LED nether every key
  • SD bill of fare reader
  • 19.4 pounds (8.8 kg)
ඡායාරූප.




Minggu, 29 Mei 2016

Pirith Actor App

 Pirith Player App
ජංගම දුරකථනයෙන් පිරිත් අහන්න ඇප් එකක්.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරිම පුදුම දෙයක්‌. අපිට අදහාගන්න අමාරු තරම්ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර

කෙරෙනවා, සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා, ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා, චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා, සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා, ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. මේ පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක්‌ නෙවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්‌.

මේ පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා, ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි. ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත. මෙහි ඇති පිරිත් සහ ගාථා.
  • මහ පිරිත.
  • සෙත් පිරිත.
  • ධම්මචක්ක සූත්‍රය.
  • ජය පිරිත.
  • සීවලී පිරිත.
  • ධජග්ග සූත්‍රය.
  • ජල නන්දන පිරිත.
  • අන්තරාය නිවාරන පිරිත.
  • රත්නමාලී යන්ත්‍රය.
  • ජත්ත මානවක ගාථා.
  • අංගුලිමාල පිරිත.
  • ජනපඤ්ජරය.
  • ඇනවුමි පිරිත.
  • වට්ටක පිරිත.
  • දස දිසා පිරිත.
  • බෝධි පූජා.
මෙතනින් ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ඇප් එක බාගන්න.


Technical Details

  • App Name : Pirith Player
  • Requirements : Android 4.0 as well as up
  • License : Free
  • Publisher Website : www.androidsinhalen.com

2017 Smart Applied Scientific Discipline - Wemo Switch

 2017 Smart Technology - WeMo Switch
2017 වසරේ ලොවට හඳුන්වා දෙන නවතම ස්මාර්ට් ස්විච්.

විදුලිය භාවිතාවේදී විය හැකි නොයෙකුත් ප්‍රායෝගික ගැටලු නිසා අයහපත් ප්‍රතිඵලවලට මුහුණදීමේ අවදානමකින් මිදෙන්නට මඟක් ලෙස 

මෙම තාක්ෂණය 2017 වසරේ ලොවට හඳුන්වා දී තිබෙනවා. ඔබ නිවෙසට එන්නට ප්‍රමාද වුවහොත් ගෙදර විදුලි පහන් දල්වන්නට කෙනෙක් තබා යන්නට හෝ සොයා ගන්නට මහන්සි වීම, නිවෙසින් පිටව යන විට හෝ වෙනත් කාර්යයක නිතර වන විට අතපසු වීමෙන් විදුලි උපකරණ ක්‍රියාවිරහිත කරන්නට අමතක  වීම වගේ ප්‍රායෝගික ගැටලු වලට මෙම තාක්ෂණය පිළිතුරු ලබා දී තිබෙනවා. දැනටමත් ප්‍රචලිතව පවතින iDevices හරහා නිවස ස්මාර්ට් හවුස් එකක් කරගෙන ඇති පාරිභෝගිකයන් හට ස්මාර්ට් ෆෝන් එක හරහා තමන් සිටින ඕනෑම තැනක සිට තම නිවසේ විදුලි උපකරණ, විදුලි පහන් සහ විදුලියෙන් ක්‍රියාත්මක වන තව ඕනෑම ගෘහ උපාංගයක් පාලනය කිරීමේ හැකියාව ස්මාර්ට් ප්ලග්ස් ලබා දෙයි. මෙම තාක්ෂණය හඳුන්වාදීමේ වීඩියෝවක් පහතින් බලන්න.


නිදිමත බිඳගෙන ඇඳෙන් බැස ගොස් ලයිට් නිවා දමා එන්නට මැළිකමක් දක්වන බොහෝ දෙනකුට මෙය සුබ ආරංචියක් විය හැකියි. කුඩා දරුවන් ප්ලග්වලට ඇඟිලි ඔබන පුරුද්ද නිසා ඔවුන් හට විදුලි සැර වැදීමේ අවදානමත් ස්මාර්ට් ප්ලග්ස් නිසා බැහැර වෙනවා. wemo ප්ලග්වලට පමණක් සංවේදී වන නිසා එය පුංචි ඇඟිල්ලක් විවරයට එබූ විට විදුලි ධාරාවක් නිකුත් කරන්නෙ නැහැ. ඊට අමතරව ස්මාර්ට් ප්ලග්ස් නිවසේ දුමක් නැතහොත් කාබන් ඩයොක්සයිඩ් වායුව නිකුත් වුවහොත්, එසැණින්ම මොබයිල් ඇප් එක ඔබේ ස්මාර්ට් ෆෝන් එකට Alert එකක් එවන බැවින් වඩාත් අාරක්ෂාකාරී වෙයි.

Apple Hmekit සහ Works amongst Nest හරහා ඇපල් Siri සහ Amazon Echo වැනි උපාංග වල සහයෙන් දැනටමත් නිවසේ යම් යම් උපාංග දුරස්ථව සහ කාල සටහනකට අනුව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතත්, 2016 අවසානයත් සමඟ හඳුන්වා දුන් Google Home හරහා නිවැසියන්ගේ කටහඬ අනුවද පාලනය කළ හැකි මධ්‍යම පරිපාලන පද්ධතියක් නිවසට එක්වන දවස වැඩි අෑතක නොවේ.

ඡායාරූප කිහිපයක්.





Samsung Galaxy Ten - Projection Valley

 Samsung Milky Way X - Project Valley
නම්‍යශිලී දුරකතනයක් සැම්සුන් සමාගම නිපදවීමට සැරසෙයි.

මෙතෙක් ලොව දෙකට නැවිය හැකි ජංගම දුරකථන සුලභව දක්නට ලැබුණත්, ක්‍රම ක්‍රමයෙන් එම ෆ්ලිප් ෆෝන් 

(Flip Phone) අභාවයට ගොස් ඇති බව දකින්නට ලැබෙයි. කෙසේ නමුත් මෙම නවඅාරංචිය අනුව කියැවෙන්නේ නව ෆ්ලිප් ෆෝනයක් සම්බන්ධයෙන් නම් නොවේ. මෙම ආරංචියට අනුව නැවිය හැකි ස්මාට්ෆෝනයක් සැම්සන්ග් සමාගමෙන් 2017 වසර අග භාගයේදී නිකුත් වීමට නියමිතයි. Galaxy X නමින් හඳුන්වන එය ඉහත කියූ මින් පෙර දක්නට ලැබුණු නැවිය හැකි ජංගම දුරකථන වන ෆ්ලිප් ෆෝන් ආකෘතියෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මෙම නව Galaxy X හි ඡායාරූප බලද්දී වැටහෙයි. එම ඡායාරූප මෑතකදි සැම්සුන් සමාගම ලබාගත් පේටන්ට් බලපත්‍රයන් ඇසුරෙන්, ලොව පුරා සිටිනා නව ස්මාට්ෆෝනයන් සම්බන්ධ නිර්මාණ සැලසුම් අනාවැකිකරුවන් විසින් නිශ්චය කළ හැඩ සටහන් ඇසුරෙන් නිර්මාණය වූ ඒවා වේ.


 මෙම ව්‍යාපෘතියේ නම ලෙසින් අසන්නට ලැබෙන්නේ Project Valley යන්නයි. මෙම තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැති ස්මාට්ෆෝනය අලෙවි කරන නාමය Galaxy X වුවත්, ඊට පසුව වෙනත් නමක් ලැබුණද, එහි අපූර්ව හැඩය සම්බන්ධයෙන් සැම්සුන් සමාගමෙන්ම ලැබුණායැයි කියන අාරංචිය මෙයට සුවිශේෂී ආකර්ෂණයක් එක් කොට ඇති බව පෙනී යයි. මෙම ස්මාට්ෆෝනයේ මිළ පිළිබඳව හෝ ස්මාට්ෆෝනයේ අන්තර්ගත විශේෂාංගයන් පිළිබඳව මේ වනතෙක් කිසිඳු තොරතුරක් නිකුත්ව නැතත් මෙම උපාංගයේ හැඩය මතම පමණක් බොහෝදෙනෙකු මෙයට ආකර්ෂණය වී තිබෙන බව මෙම පුවත පැතිරී යන වේගය නිසා හඳුනාගත හැකිය. මෙම තාක්ෂණය සැම්සුන් සමාගම විසින් පසුගියදා හදුන්වාදුන්නේ අපූරූ වීඩියෝවකිනි.


දුරකථනයේ හැඩය දැක්වෙන ඡායාරූප කිහිපයක්.




Everything To Know Near Nokia 6

 Everything to know virtually Nokia 6
Nokia සමාගම හදුන්වාදුන් නොකියා 6 ගැන දැනගමු.

Nokia සමාගම මීට දින කීපයකට කලින් හදුන්වාදුන් ඔවුන්ගේ පළමු ඇන්ඩ්‍රොයිඩ් දුරකනනය ලෙස Nokia 6 හදුන්වාදිය හැකිය. ඉතාමත් සුවිශේෂී අත්දැකීම් රාශියක්

යොදාගනිමින් මෙය නිර්මාණය කර ඇත. අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් N එනම් Android 7.0 මෙහෙයුම් පද්ධතිය මෙහි ක්‍රියාත්මක වේ. මෙම දුරකතනය Release කරල තියෙන්නේ චීනයේදී ය. මින් පෙර හදුන්වාදුන් Nokia දුරකතන මයික්‍රොසොෆ්ට් සමග එක් වී නිර්මාණය කළද එය Nokia සමාගම බිද වැටීමට හේතු විය. කෙසේ නමුත් දැන් Nokia ඇන්ඩ්‍රොයිඩ් සමග එකතු වී ඔවුන්ගේ අලුත්ම Nokia vi දුරකතනය හදුන්වා දී ඇත. සමාගම පවසන ආකාරයට ඔවුන්ට එක් දුරකතනයක් සම්පූර්ණයෙන් තැනීමට පැය 10 කාලයක් ගතවේ. අත්ලෙහි පහසුවෙන් රදවා ගත හැකි අන්දමින් සහ කාලයක් පවතින අන්දමින් මෙම දුරකතනය නිමවා ඇත.මෙය 5.5 Full hard disk Display එකකින් සමන්විත වෙනවා. මෙහි Octa Core Processor එකක් අන්තර්ගත වේ. 4 GB රැම් ධාරිතාවක් ඇත. තවද Dual sim පහසුකමද ඇත.

බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.



මෙහි ඇති විශේෂාංග,
  •  Android OS, v7.0 (Nougat)
  •  5.5 inch shroud
  •  1080 x 1920 pixels ( 403 ppi pixel density)
  •  Micro SD, upwardly to 256 GB
  •  16MP nurture photographic television set camera in addition to 8MP Front Camera
  •  3000mAh Battery capacity
  •  Qualcomm MSM8937 Snapdragon 430 Chipset
  •  Octa-core 1.4 GHz Cortex-A53 Processor
  •  Dual SIM (Nano-SIM, dual stand-by)
නොකියා සමාගම පාඩු ලැබීම නිසා මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මිලදීගත් පසු නිල වශයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ෆෝන් හදුන්වා දුන්නත්, නොකියා නාමයට ලෝකයාගේ ඇති ප්‍රසාදය නිසාවෙන් ඔවුන් HMD Global සමාගම සමග නොකියා ආයතනය වසර 10ක ගිවිසුමකට එළඹෙන ලදී. ඒ අනුව HMD Global සමාගම නොකියා වෙළද නාමය සහිත ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් නොකියා 6 හදුන්වා දෙනලදී. එම හේතුවෙන් චිනයේ පමණක් නිල වශයෙන් මෙම ස්මාර්ට් දුරකතනය හදුන්වාදුන්නේ ඔවුන්ගේ වයාපාරික දැනුම අනුව එය සාර්ථක වේද යන්න බැලීමටයි. මෙම හේතු නිසාවෙන් 100% ක් නොකියා ආයතනයේ නිපැයුමක් ලෙස අපට මෙම ස්මාර්ට් දුරකතනය හදුන්වාදිය නොහැක.
 


Sabtu, 28 Mei 2016

Jeta Logo Designer Free

 Jeta Logo Designer FREE
ලෝගෝ හදන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගය.

ඔබගේ ආයතනයට, කාර්යාලයට, ගෘප් එකට, පේජ් එකට, වෙබ් සයිට් එකට වගේ Logo එකක් හදාගන්න මේ  මෘදුකාංගයෙන් පුළුවන්.


බලන්න ස්ක්‍රීන්ශොට්.

මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : Jeta Logo Designer
  • File size : 7.9Mb
  • Requirements: Windows All
  • License : Free
  • Publisher website : www.jeta.com

Computer Retention - It Lesson 06

 Computer Memory - information technology Lesson 06
පරිගණක මතකය වර්ගීකරණය කිරීම.

දත්ත හා තොරතුරු ගමන් කිරීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරනු ලබයි. මෙසේ දත්ත හා තොරතුරු ගමන් කිරීමේ උපක්‍රම හෙවත් විවිධ වූ පරිගණක මතකවල

ක්‍රියාකාරිත්වය විවිධාකාරය. එමනිසා පරිගණක මතකය වර්ගීකරණය කිරීම මගින් මෙය සරලව පැහැදිලි කරගැනීමට හැක. පරිගණක වර්ගිකරණයේදී මූලික වශයෙන් කොටස් 2 ක් යටතේ වර්ග කරනු ලබයි. ඒවානම්,
  • ප්‍රාථමික මතකය (Primary Memory)
  • ද්විතීයික මතකය (Secondary Memory)

ප්‍රාථමික මතකය තවත් කොටස් 3 කට බෙදා වර්ග කරනු ලබනවා. ඒවානම්,

1) සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory[RAM])
2) පඨන මාත්‍ර මතකය (Read Only Memory [ROM])
3) වාරක මතකය (Cache Memory)

ද්විතියික මතකයද කොටස් 3 ක් මගින් වර්ග කළ හැකිය. ඒවානම්.

1) චුම්භක මාධ්‍ය උපක්‍රම (Magnetic media devices)
2) ප්‍රකාශ මාධය උපක්‍රම (Optical media devices)
3) ඝනත්වයේ උපක්‍රම (Solid patch devices)


  • ප්‍රාථමික මතකය (Primary Memory)
පරිගණකයේ ප්‍රධාන මතකය හෙවත් මධ්‍ය සැකසුම් ඒකකයට කෙලින්ම ප්‍රවේශ විය හැකි මතකය ප්‍රාථමික මතකය ලෙස හදුන්වනු ලබයි. ඉහත හදුන්වා දුන් පරිදි ප්‍රාථමික මතකය කොටස් 3 කට බෙදා දැක්විය හැකි. දැන් එම කොටස්  පහත පරිදි එකින්එක සලකා බලමු.


සසම්භාවී පිවිසුම් මතක (Random Access Memory[RAM])



අප විසින් හදුන්වන රැම් කාඩ් එක අයත් වන්නේ ප්‍රාථමික මතක ගණයටයි. සකස් කිරීමට යොමු කරන තෙක් දත්ත තාවකාලිකව රදවා තබා ගැනීම මෙමගින් සිදුවේ. තවද මෙහි මතකය රැදී තිබෙන්නේ පරිගණකයේ ක්‍රියාත්මක වෙමින් පවතින විට පමණි. එනම් විදුලිය නැතිවූ විට මෙහි මතකය මැකී යයි. ඒබැවින් මෙය නෂ්‍ය මතකය ලෙසින් හැදින්වේ. එසේම දත්ත ආදානය, තැන්පත් කිරීම, ප්‍රතිදානය කිරීම සදහා ද්විතියික මතකය වෙත යොමු කරන්නේද සසම්භාවී පිවිසුම් මතකයයි.

පඨන මාත්‍ර මතකය (Read Only Memory [ROM])
මේවා පරිගණක නිශ්පාදකයින් විසින් පරිගණක මවුපුවරුවේ සවි කොට ඇත. මේවා තුළ පරිගණකයේ මූලික ක්‍රියාවලියට අයත් විධාන තැන්පත් කර  ඇත.මේවා  මූලික ආදාන ප්‍රතිදාන පද්ධති (Basic Input Output System - BIOS) විධාන වේ. තවද මෙහි විදුලි බලය නොමැති විටද දත්ත මැකීයාම සිදුවන්නේ නැත.එබැවින් මෙය නෂ්‍ය නොවන මතකයක් ලෙස හදුන්වයි.


වාරක මතකය (Cache Memory)


මෙය මධ්‍ය සැකසුම් ඒකක මතකය ලෙසද හදුන්වයි. ඉහත ඡායාරූපයෙන් පෙනි යන ආකාරයට මධ්‍ය සැකසුම් ඒකකය සහ ප්‍රාථමික මතකය අතර අතරමැදියා ලෙස ක්‍රියාකරන්නේ වාරක මතකයයි.

  • ද්විතීයික මතකය (Secondary Memory)  
දත්ත හා තොරතුරු ස්ථිරවම තැන්පත් කරනු ලබන්නේ ද්විතීයික මතකය තුළයි.මේවා පරිගණකයට ඇතුලතින් මෙන්ම පිටතින්ද සවි කිරීමට හැකි ද්විතීයික ආචයන උපාංග ඇත. මේවායෙහි විදුලිය නොමැති විට දත්ත මැකී යන්නේ නැත. එබැවින් මෙයද නෂ්‍ය නොවන මතකයකි.දැන් ඉහතින් සදහන් කළ ද්විතීයික මතක වර්ග පිළබද සලකා බලමු.

චුම්භක මාධ්‍ය උපක්‍රම (Magnetic media devices)

චුම්භක ආරෝපණයක් ඇති විම තුළින් දත්ත තැන්පත් කිරිම සිදුකරනු ලබයි. මේවාට උදාහරණ පහත පරිදි දැක්විය හැකිය.
  1. දෘඩ තැටිය (Hard disk)
  2. චුම්භක පටිය (Magnetic tape)

ප්‍රකාශ මාධය උපක්‍රම (Optical media devices)

අපි සාමාන්‍යයෙන් හදුන්වන CD/DVD වැනි Digital තැටිවල ගබඩා කර ඇති ලේසර් කිරණ භාවිතයෙන් දත්ත කියවීම හෝ ලිවිම සිදුවන නිසා ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම ලෙස හදුන්වයි. මෙසේ දත්ත හෝ තොරතුරු හවමාරුව සදහා යොදාගන්න ප්‍රකාශ තැටි වර්ග කිපයක් පහත පරිදි දැක්විය හැකිය.
  • සංයුක්ත තැටි (CD-ROM , CD-R , CD-RW)
  • සංඛ්‍යාංක බහුවිධ තැටි (DVD-ROM , DVD-R , DVD-RW)
  • බ්ලූරේ තැටි (Blue-ray R , Blue-ray RE , Blue-ray 3D)


ඝනත්වයේ උපක්‍රම (Solid patch devices)

දත්ත හා තොරතුරු කියවීමට සහ ලිවීමට යොදාගන්නා මේවා එහා මෙහා ගමන් නොකරන අංගවලින් යුත්ත නිසා ඝන තත්ත්වයේ උපාංග ලෙස හැදින්වේ. මේවා සදහා උදාහරණ පහත පරිදි දැක්විය හැකිය.

1. USB ෆ්ලෑෂ් ධාවකය. (Pen Drive)

මෙමගින් වේගවත් ලෙස දත්ත දත්ත හැසිරවිමට හැකි නිසා මෙය බොහෝ දෙනෙකු භාවිතා කරනු ලබයි.

2. මතක කාඩ්පත්. (Memory Card)

        මෙයද ෆ්ලෑෂ් ධාවකයට සමාන වුවත් මෙය එකවර පරිගණකයට සම්බන්ධ කළ නොහැකිය. Card Reader වැනි උපාංගවලින් කෙලින්ම පරිගණකයට සම්බන්ධ කළ හැකිය. තවද මේවා ජංගම දුරකතන, ඩිජිටල් කැමරා ආදියෙහි සම්බන්ධ කළ හැකිය. SD කාඩ් වර්ග උදාහරණ ලෙස දැක්විය හැකි. ලැප්ටොප් පරිගණක වලදී කාඩ් slot සඳහා Direct සම්බන්ධ කලහැකි ලෙස නිපදවා ඇත.

පසුගිය පාඩම් නොබලපු අය පිවිසෙන්න 01, 02, 03, 04, 05