Introducing It Main Youtube Channel

 Introducing information technology Master youtube channel
තොරතුරු තාක්ෂණය ගැන ඉගෙනගන්න අලුත් තැනක්.

ගූගල් සමාගමේ යූටියුබ් වෙබ් අඩවිය මගින් අපේ රටේද විවිධ පුද්ගලයින් විසින් දැනුම බෙදාදෙන වීඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන තැනක් බවට


අද පත් වෙමින් තිබෙනවා. අප අද ඔබට හදුන්වාදෙන්නේ IT සම්බන්ධ වැදගත් තොරතුරු යාවත්කාලීන වෙන මෙවැනි චැනල් එකක් ගැනයි. මෙහිචැනල් එකේ නම තමයි IT Master. මෙය පවත්වාගෙන යනු ලබන්නේ අදීශ නිපුල් විසින්. IT Master ආගමනය ගැන අපි ඔහුගෙන් විස්තර ලබාගත්තේ මෙලෙසයි.

01). IT Master පටන් ගැනීමේ අරමුණ.

මම මේක පටන් ගත්තේ 2016 නොවැම්බර් වල.මගේ අරමුණ වුනේ පුළුවන් තරම් අනෙක් අයට තොරතුරු තාක්ෂණය සම්බන්ධව දැනුම ලබාදීමයි. මේ චැනල් එක පටන් ගන්න හේතු උනේ අද ලංකාවේ පරිගණක තාක්ෂණය සමග ගැටෙන පරිස දිනෙන් දින වැඩි වීමක් සිදු උනත් ඒ අයගෙන් බහුතරයක් ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය ගැන නිසි අවබෝධයක් නොමැති වීමයි. ඉතින් මට හැකි උපරිමයෙන් මම හැමෝටම උදවූ කිරීමේ අරමුණින් සහ බොහෝ කලෙක සිට මෙය ඉටු කිරීමට මා තුල ඇති දැඩි කැමැත්ත නිසාවෙන් චැනල් එක පවත්වාගෙන යනවා.

02). මෙහි අන්තර් ගතයන් මොනවද ?

මෙම චැනලයෙන් කතා කරන්නේ පරිගණකය පාවිච්චි කිරීමෙදී වැදගත් වන පරිගණක ඉගි (pc tricks), මෘදුකා‍ංග පිළිබද දැනුම ගෙනෙන පාඩම් මාලා සහ පරිගණක භාවිතයේදී ඇතිවන ගැටළු සහ පිළියම්, පරිගණකය බාවිතයේදී වැදගත් වන සියලුදේ සහ පරිගණක තාක්ෂණයට අලුතෙන් එකතුවෙන දේ (නව පරිගණක තාක්ෂණය) හදුන්වා දීමද සිදුකරයි.

IT MASTER යූටුබ් චැනලයට පිවිසුණු පසු ඔබට Playlists යාමෙන් මෙලෙස විවිධ කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇති ආකාරය බලාගන්න පුළුවන්.

  • PC TRICKS
මෙය මෙහි ප්‍රධානම වර්ගීකරනයි.මෙහිදී ඔබට පරිගණක දැනුම,නව පරිගණක ඉගි,පරිගණක භාවිතයේදී සැලකිලිමත් විය යුතු සහ දැනගතයුතු කාරනා හා ක්‍රියාකාරකම් උගන්වන ස්ථානයි. මේවා ඔබට බොහෝ ප්‍රයෝජනවත් වන බව නිසැකයි.
  • EASY TRICKS 
මෙය බොහෝවිට කලින් කී දෙයට සමාන බවක් පෙනුනත් මෙහි  පල කරන්නේ කෙටි කාලීනව ඔබට උගත හැකි සහ කෙටි කාලීනව ඔබට ප්‍රයෝජනයට ගතහැකි දැනුමයි.

  • GAMES REVIEWS
මෙහිදී සාකච්ඡා කරන්නේ නව සහ පැරනි පරිගණක ක්‍රීඩා ගැනයි. පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන අන්දම, එහි පාදක කතාව සහ තවත් කරුණු ගැන සැලකිලිමත් වේ. පරිගණක ක්‍රිඩා වලට කැමැත්තක් දක්වන සහ උනන්දු අයට මෙය ඉතාමත් අපුරු කාණ්ඩයකි.

  • HACKING AND OTHERS
මෙහිදී හැකින් හෙවත් සාමාන්‍ය බාවිතයේදී පරිගණක හොර වැඩ පිළිබවදව පාඩම් අන්තර්ගත වේ. මෙය ඔබගේ අධයාපනික දැනුම උදෙසා ලබාදෙන වීඩියෝ ඇතුලත්වන බවත්, කිසිවෙකුට හානි කරන අරමුණකින් සිදුනොකරන බවත් මතක තබාගන්න.

දැනට නොමැති ඉදිරියේදී IT MASTER චැනලයේ share වීමට නියමිත Playlist කිහිපයක් මෙසේය.

  • SOFTWARE REVIEWS
  මෙහිදී ඔබට වැදගත් වන මෘදුකා‍ංග දැන හදුනාගත හැකිය.

  • FREE PAID SOFTWARE
මෙය ඔබට ඉතාමත් වැදගත් වන අතර මෙහි පල වන්නේ අන්තර්තොරතුරු තාක්ෂණය ගැන ඉගෙනගන්න අලුත් තැනක්. ගූගල් සමාගමේ යූටියුබ් වෙබ් අඩවිය මගින් අපේ රටේද විවිධ පුද්ගලයින් විසින් දැනුමජාලය තුල මිලදී ගත යුතු සොෆ්ට්වෙර්ස් නියමම ප්‍රමිතියෙන් (Genuine Software) ඔබට නොමිලේ ලබාදීයි.

  • SOFTWARE COURSES AND TUTORIALS
මෙහිදී ඔබට පාඨමාලාවක් ලෙස පරිගණක මෘදුකංග ගැන ඉගෙන ගැනීමට හැක.

  • PC HELP
මෙයින් ඔබට පරිගණක භාවිතයේදී මතුවන පරිගණක දෝෂ සදහා පිළියම් උගන්වන්නකි.

ඔන්න ඔයාලා එහෙනම් මේ යුටියුබ් චැනල් එක subscribe කරලා අලුත් වීඩියෝ බලලා අඩුපාඩු ඇත්නම් ඒවාද අදහස් ලෙස පලකරලා සහයෝගයක් ලබාදෙන්න. information technology Master යුටියුබ් චැනලයට මෙතනින් පිවිසෙන්න.