Introducing Huawei P10 - Sinhala Review

 Introducing Huawei P10 - Sinhala Review
හුවාවේ සමාගමේ සුපිරිම ස්මාර්ට් ෆෝන් එක P10.

අපේ රටේ ගොඩක් දෙනා හුවාවේ ස්මාර්ට් ෆෝන් බාවිතා කරනවා. ඒ අප ගෙවන මිලට සාපේක්ෂව උපරිම Performance එකක් හුවාවේ ෆෝන් වල තිබීම

හේතුව ලෙස අපට පෙන්වාදිය හැක. පසුගිය වසරේ හුවාවේ සමාගම නිකුත් කල Huawei P9 සදහා ආකර්ශණීය ඉල්ලුමක් පැවති අතර මේ වසරේ P10 සදහාද එය තවත් වැඩි වෙතැයි අපිට කිවහැක, ඒ මෙම Huawei P10 තුල ඉතාමත් හුරුබුහුටි පෙනුමත් ඇතුලත ඇති specification වල පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කිරීම නිසාවෙනි. විශේෂයෙන් ඡායාරූප ශිල්පය සදහා මෙම ස්මාර්ට් ෆෝන් එක වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. පිටුපස කැමරා දෙකක් ඇතුලත් වීම තුලින් ත්‍රිමාණ වීඩියෝ රෙකෝඩින් සිදු කිරීමටද පුළුවන්.

හුවාවේ සමාගම නිල වශයෙන් මෙම හුවාවේ P10 හදුන්වාදුන් වීඩියෝව.


හුවාවේ Huawei P10 හි ඇතුලත් ගුණාංග.
  • ඇලුමිනියම් කවරයක් සහ ඩිස්ප්ලේ එක 2.5D Gorilla Glass v වේ.
  • ස්ක්‍රීන් එක 5.1" IPS-NEO LCD amongst 1,080 x 1,920 px resolution (432ppi).
  • පිටුපස කැමරා දෙකක් ඇතුලත් වේ. (20MP monochrome/12MP color sensors).
  • පිටුපස ෆ්ලෑශර් දෙකකින් කැමරාවට ආලෝකය ගැන්වේ. ( 2x hybrid zoom; 2160p together with 1080p @ 30/60fps video capture).
  • ඉදිරිපස සෙල්ෆි කැමරාව 8MP (1080p @ 30fps video capture).
  • ඇන්ඩ්‍රොයිඩ් නවතම මෙහෙයුම් පද්ධතිය වූ 7.0 Nougat ඇතුලත් වේ.
  • ප්‍රොසෙසරය Octa-core CPU (4xCortex-A73@2.4GHz + 4xCortex-A53@1.8GHz).
  • 4GB රැම් එකක් සහ අභ්‍යන්තර මතකය 32GB වේ.මයික්‍රෝ SD චිප් සම්බන්ධ කලහැක.
  • පිටුපස පියන ගැලවිය නොහැකි Seal Type බැටරියක් ඇතුලත්. (3,200mAh)
  • Fingerprint එකක් ඇතුලත් වෙනවා.
  • සිම්පත් දෙකක් දාන්න පුළුවන්.
  • වයිෆයි, බ්ලූටූත් ඉන්ටර්නෙට් යාමට LTE-A (Cat. 12 600/150Mbps).
  • USB-C Type port එකක්ද, රැහැන් රහිතව ෆෝන් එකේ බැටරිය ආරෝපනය කිරීමේ NFC තාක්ෂණයත් ඇතුලත් වෙනවා.

බලන්න ඡායාරූප.
තෝරාගැනීමට බාහිර පෙනුම වර්ණ කිහිපයක්ම ඇතුලත් වෙනවා.


දැන් කාටත් මේ ස්මාර්ට්ෆෝන් එක ගැන අදහසක් ඇති. නමුත් මෙහි මිල ගැන සදහනක් කරේ නෑනේ. මේක ඇමරිකන් ඩොලර් 899 වෙළදපොලට හදුන්වාදී තිබෙනවා. අපේ රටේ මෙය සාමාන්‍යයෙන් රු.140,000ක් පමණ වෙනවා. 😊 😊