Introducing Alienware Alpha R2 Past Times Dell

 Introducing Alienware Alpha R2 yesteryear Dell
PS4 සහ X-Box ගේමින් කොන්සෝලයට අලුතෙන් පැමිණි තවත් ගේමින් කොන්සෝලයක්.

Dell සමාගමෙන් 2014 වසරේ මුල් වරට Alienware Alpha ගේමින් කොන්සෝලය එළිදැක්වූ විට එයට

ප්‍රමාණවත් අවධානයක් ලැබුණත්, Xbox Ones PlayStation four භාවිතා කරනා පරිශීලක පිරිස ඔවුන්ගේ හුරුපුරුදු ගේමින්ග් කොන්සෝලයන්ට ඇති පක්ෂපාතීත්වයෙන් කඩා තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමට Alienware Alpha කිසිසේත්ම සමත් නොවුණි. කෙසේ නමුත් Alienware Alpha R2 ගේමින් කොන්සෝල් පරිගණකය එළිදැක්වුණේ එහි පූර්වජයාට වඩා බොහෝ ඉහළ ශක්‍යතාවයන් සහ විශේෂාංගයන් සමගින් වූ අතර, එහි ඉහළ මිල පසෙකින් තබා බැලුවද Alienware Alpha R2 යනු සැබවින්ම සැලකිල්ලට ගත යුතු ගේමින් කොන්සෝලයක් බව අවිවාදිත වේ.

විශේෂයෙන්ම මෙම වසරේ සහ පසුගිය වසරේ නිකුත් වූ ගේමින් කොන්සෝලයන් සමගින් සසඳා බැලූ විට ප්‍රබලත්වයෙන් ඉහළ ස්ථානයක සිටින, එහෙත් ප්‍රමාණයෙන් කුඩා වූ ගේමින් කොන්සෝලයක් ලෙසින් මෙය නමක් දිනා ඇත. බොහෝ දෙනෙකු මෙය මිනි-පරිගණකයක් ලෙසින් හැඳින්වීමටද හේතුව එයයි. පිටතින් බැලූ විට බැලූ බැල්මට පෙනෙන්නේ Alienware Alpha R2 උපාංගය එහි පූර්වජයාගෙන් ඒ තරම් වෙනස් නොවන බවයි. එනම් එය තවමත් කුඩා හුරුබුහුටි ප්‍රමාණයේ (අඟල් 8x8x2), හයි ටෙක් පෙනුමෙන් යුතු ගේමින්ග් කොන්සෝලයකි. එසේ නමුත් එහි ඇතුළත විශේෂාංගයන් සහ හැකියාවන් - විශේෂයෙන්ම ග්‍රැෆික් ධාරිතා බොහෝ සෙයින් වෙනස් වී ඇත.


 පැරණි Alienware Alpha උපාංගයේ තිබූ ප්‍රධාන ගැටලුවක් වූයේ එහි සීමාසහිත දෘඩ තැටියයි. එය බොහෝ විට අකාර්යක්ෂම ලෙසින් ක්‍රියාත්මක වුණි. එසේම යම් පරිශීලකයෙකුට SSD (Solid dry reason drive) මතකයක් සවි කරගැනීමට අවශ්‍ය නම් එයට අවකාශය තිබුණද, එය වෙනමම මිලදී ගෙන, Alienware Alpha උපාංගය ගලවා අතින් සවිකරගැනීමට පරිශීලකයාට සිදුවුණි. මෙය බොහෝ දෙනෙකුට කරදරයක් මිස විකල්පයක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වුවත් Alienware Alpha R2 සමගින් ඔබට එම ගැටලුව පැන නොනඟිනු ඇත. මෙහි අඟල් 2.5 ක දෘඩ තැටියක් ස්ථාපනය කර ඇති අතරම, විකල්පයක් ලෙස M.2 PCIe SSD මතක එළැවුමක්ද සවිකිරීමේ හැකියාව තිබේ. එයට උපාංගය ගැලවීම අවශ්‍ය නොවන අතර, පරිශීලකයාට මෙම මතක ධාරිතා විකල්ප දෙකම සමගින් පද්ධතිය සකසා ගැනීමට හැකියාව ලබාදී ඇත.

 එසේම මෙහි  ග්‍රැෆික් ප්‍රොසෙසරයද පැරණි Nvidia GeForce GTX 860M චිප් පද්ධතියෙන් බොහෝ දුරක් ඉදිරියට පැමිණ ඇත. නවීන Alienware Alpha R2 උපාංගයේ ස්ථාපනය වී ඇත්තේ Nvidia GeForce GTX 960 ග්‍රැෆික් ප්‍රොසෙසරයයි. මෙහිදී බොහෝ දෙනෙකුට මතුවූ ගැටලුව වූයේ අඟල් 8x8x2 ප්‍රමාණයේ කුඩා උපාංගය තුළට එම ප්‍රමාණයටම ආසන්න වූ මෙම ග්‍රැෆික් කාඩ්පත සවිකර ඇත්තේ කෙසේද යන්නයි.




සැබවින්ම නිෂ්පාදකයින් විසින් එහිදී සුවිශේෂී ඉංජිනේරු කටයුත්තක් සිදුකර ඇති බව නිරීක්ෂණය කළ හැක. කෙසේ නමුත් මේ සමගින් මතුවන එක් ගැටලුවක් වන්නේ Nvidia GeForce GTX 960 කාඩ්පත Alienware Alpha හි  ග්‍රැෆික් ප්‍රොසෙසරය මෙන් දෙගුණයක් තරම් රත් වන නිසා, Alienware Alpha R2 උපාංගය සමගින් වඩාත් කාර්යක්ෂම සිසිලන පද්ධතියක් නිර්මාණය කිරීමට නිෂ්පාදකයින්ට සිදුවීමයි. එහිදී ඔවුන් සාර්ථක වී තිබුණද, මෙහි පංකා පද්ධතියෙන් සැලකිය යුතු මට්ටමේ ශබ්දයක් නැඟෙනා බව කිවයුතුවේ.


මෙම Alienware Alpha R2 උපාංගයේ 4GB ප්‍රමාණයේ GDDR5 රැම් මතකයක් ස්ථාපනය වී ඇති අතර, වඩාත් ඉහළ මධ්‍යම සැකසුම් ඒකක සංස්කරණයන්හි 8GB සහ 16GB රැම් මතකයන් තිබේ. මධ්‍යම සැකසුම් ඒකක ලෙසින් 6th generation Skylake CPU පද්ධතීන් මෙහි පිහිටුවා ඇත. පරිශීලකයින් හට Core i3, Core i5 සහ Core i7 යන විකල්පයන් අතුරින් අභිමත පරිද්දෙන් තෝරාගත හැකි ලෙසින් Alienware Alpha R2 සංස්කරණයන් කිහිපයක් වේ. මෙහි ධාවනය වන මෙහෙයුම් පද්ධතිය වන්නේ Windows ten Home (64bit) වේ. Alienware Alpha R2 උපාංගයේ ඉදිරිපස USB 3.0 පෝට් දෙකක්ද, පතුළේ USB 2.0 පෝට් එකක්ද, එසේම පිටුපස USB 3.0 පෝට් දෙකක්ද වේ. ඊට අමතරව පිටුපස කොටසේ RJ45 GbE පෝට් එකක්, HDMI-Out 2.0 පෝට් එකක්, HDMI-In 2.0 පෝට් එකක්, optical well out (Toslink) පෝට් එකක් මෙන්ම Alienware Graphics Amplifier පෝට් එකක්ද වේ.

මේ මගින් ඔබට අවශ්‍ය නම් අමතර NVIDIA Graphics ග්‍රැෆික් කාඩ්පතක් Alienware Amplifier චැසියක් හරහා සවිකරගැනීමට හැකියාව තිබේ. සමස්තයක් ලෙසින් බැලූ විට සාපේක්ෂව වැඩි මුදලක් වැය වූවත්, ඔබ සොයන්නේ හුරුබුහුටි ප්‍රමාණයෙන් සහ ප්‍රබල ශක්‍යතාවයන්ගෙන් යුක්ත මිනි පරිගණකයක්/ මිනි ගේමින් කොන්සෝලයක් නම් Dell සමාගමේ Alienware Alpha R2 යනු ඔබට ගැළපෙනම උපාංගයයි. 


බලන්න හදුන්වාදෙන Review වීඩියෝව.