Senin, 21 Maret 2016

Pinnacle Ten Android Apps - February 2017

  Top x Android Apps - Feb 2017
2017 පෙබරවාරි මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 10

ස්මාර්ට්ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට හැම මාසෙම නිකුත්වෙන ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්

අපි ලබාදෙනවා. ෆෝන් එකට සහ ටැබ් එකට ගූගල් ප්ලේ වෙතින් නොමිලේ ලබාදෙන අලූත්ම ඇප්ස් කිහිපයක් තමයි මේ. බලන්න හදුන්වාදෙන වීඩියෝව.
.

වීඩියෝවට අනුව කැමති ඇප් එකක් පහතින් බාගන්න.
  1. Days Counter
  2. Memorigi
  3. Long Screenshot
  4. Curious Facts
  5. Beat Racer
  6. Compass
  7. Forecast
  8. Material Notes
  9. Material Lock
  10. Orbital Key

Sl Vacation Calendar App

 SL HoliDay Calendar App
නිවාඩු දින සහිත දින දර්ශනය.

අපි කලින් ලිපියකින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට දින දර්ශන ඇප් එකක් ලබාදුන්නා මතක ඇති. ඔන්න ඇපල් අයිෆෝන් සඳහා බාවිතා කරන්න ඇප් එකක් මෙම ලිපියෙන් හදුන්වා දෙනවා.

කාලයත් සමඟ දැන් Day Card ලඟ තියාගන්නේ නෑනේ. ඒ නිසා ඔබගේ ස්මාර්ට් ෆෝන් එකට ඇප් එකක් ලෙසින් මේ දින දර්ශනය දාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙළඳ සහ පොහොය දින නිවාඩු සහිතව මෙහි දින දැකගන්න පුළුවන්. මෙම ඇප් එක මගින් ඔබගේ ඇපල් ඔරලොසුවෙන්ද, ඇපල් අයිෆෝන් එකෙ Today Widget වලින්ද පහසුවෙන් නිවාඩු දින බලාගන්න පුලුවන්. ලග එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍රද මෙහි අඩංගු වෙනවා. නිවාඩු දින පිළිබඳ කල්තියාම සැලසුම් කරගන්න මෙම ඇප් එකෙන් පුළුවන්. 

බලන්න ස්ක්‍රින්ශොට්.


ඇපල් උපාංග සඳහා මෙතනින් පිවිස බාගන්න.

  • ඇන්ඩ්‍රොයිඩ් අයට ලබාදුන් ඇප් එක බලන්න මෙතනින්.


Technical Details

  • App Name : SL HoliDay Calendar
  • Requirements : iOS 8.0 or later
  • License: Free
  • Developer : Nisal Chathuranga

Minggu, 20 Maret 2016

Potplayer - Multimedia Player

 PotPlayer - Multimedia Player
අලුත් වීඩියෝ ප්ලේයරයක්.
Pot Player

සිංදු අහන්න, ෆිල්ම් බලන්න හොඳ විඩියෝ ප්ලේයරයක්. සමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක වල මූලික වීඩියෝ ප්ලේයරය තමයි වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක.

නමුත් එහි සමහර වීඩියෝ ෆෝමැට් වර්ග play වෙන්නේ නෑ. අනික තිබෙන option එකතරම් user friendly නැහැ. ඉතින් අපිට සිදුවෙනවා අන්තර්ජාලයේ ඇති වෙනත් වීඩියෝ ප්ලේයර් එකක් බාවිතා කරන්න.

අපි කවුරුත් දන්න KMplayer, VLC, Media Player Classic වගේ ප්ලේයර් ඔයාලා දැනටමත් බාවිතා කරනවා ඇති. නමුත් මෙය අලුතෙන්ම පැමිණි විඩියෝ ප්ලේයර් එකක්. වැඩ ගොඩක් ඇතුලත් වෙනවා. පෙනුමත් හොඳයි. ලගදි ආපු KMplayer Update එකෙන් පස්සේ ඒ ප්ලේයර් එක ගොඩක් අයට නිසි ආකාරයෙන් වැඩ කරන්නේ නෑ. ඉතින් ඒ අය මේ ප්ලේයර් එක දාලා බලන්න. අන්තර්ජාලයේ නොමිලේ බාවිතා කිරීමට ලබාදෙන හොඳම ප්ලෙයර් අතුරින් එකක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. ඒ වගේම සිංහල උපසිරැසි සමඟ ෆිල්ම් බලන අයට කිසිදු ගැටළුවක් නෑ නියමෙට සිංහල සබ් වැඩ කරනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
මෙතනින් පිවිස මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.

Technical Details

  • Software Name : PotPlayer
  • File size : 20MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : potplayer.daum.net

Introducing Buddhanussathi App

 Introducing Buddhanussathi App
බුද්ධානුස්සති භාවනාව සඳහා වටිනා ඇප් එකක්.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීම එනම්, බුද්ධානුස්සති භාවනාව, නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතුවන බවයි.

මෙම මෙවලම බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීම සදහා
මනා පිටිවහලක් වනු ඇත. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී පහත දැක්වෙන ආනිශංස ලබාගත හැකිවෙයි. එනම්, 
  1. ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත්වීම.
  2. භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත්වීම.
  3. භාවනා ප්‍රීතිය බහුලවීම.
  4. මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදුරජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇතිවීම.
  5. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම.
  6. ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇතිවීම.
  7. ධ්‍යානයට පූර්වභාග සැපය ඇතිවීම.
  8. අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.
මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකිය. සිහි නුවණින් දිරිමත්ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියටම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන්ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත්වෙයි. එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාදව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.


බුදුගුණ භාවනාවේ ( බුද්ධානුස්සති භාවනාවේ ) අනුසස්.
  • සතර අපායට පත් නොවීම.
  • නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම.
  • සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම.
  • නිහතමානී ගති පැවතුම් ඇතිවීම.
  • ලෝකයාට ප්‍රියමනාප වීම.
  • බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම.
  • දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම.
  • අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම.
  • තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම.
  • භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම.
  • පාපයට ලැජ්ජ භය වීම.
  • අධි කුසලයට සිත නැඹුරු වීම.
  • අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම.
  • ගුණ, නුවණින් පිරිපුන් වීම.
  • පිටසක්වල නූපදීම.
  • අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම.
  • උන්මන්තක නොවීම.
  • මිසිදිටු නොගැන්වීම.
  • මරණයට නොබියව මුහුණදීම.
  • මුහුණෙ වර්ණය පැහැපත්වීම.
  • වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම.
  • බුදුබව පවා පැතීමට සිත නැමීම.
  • තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම.
  • යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම.
  • එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම.
  • තම සිතුම් පැතුම් එලෙසම ඉටුවීම.
  • ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම.
  • සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම.
  • සම්මා දිට්ඨියෙහි පිහිටීම.
  • යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම.
  • ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම.
  • ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම.
  • මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම.
  • සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම.
  • නපුරු සිහින නොපෙනීම.
  • භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම.

App Screenshot.

මෙතනින් පිවිස ඇප් එක බාගන්න.


Technical Details

  • App Name : Buddhanussathi
  • Requirements : Android 4.0 & up
  • License : Free
  • Publisher Contact : wasura.ediri@gmail.com

Sabtu, 19 Maret 2016

Introducing Alienware Alpha R2 Past Times Dell

 Introducing Alienware Alpha R2 yesteryear Dell
PS4 සහ X-Box ගේමින් කොන්සෝලයට අලුතෙන් පැමිණි තවත් ගේමින් කොන්සෝලයක්.

Dell සමාගමෙන් 2014 වසරේ මුල් වරට Alienware Alpha ගේමින් කොන්සෝලය එළිදැක්වූ විට එයට

ප්‍රමාණවත් අවධානයක් ලැබුණත්, Xbox Ones PlayStation four භාවිතා කරනා පරිශීලක පිරිස ඔවුන්ගේ හුරුපුරුදු ගේමින්ග් කොන්සෝලයන්ට ඇති පක්ෂපාතීත්වයෙන් කඩා තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමට Alienware Alpha කිසිසේත්ම සමත් නොවුණි. කෙසේ නමුත් Alienware Alpha R2 ගේමින් කොන්සෝල් පරිගණකය එළිදැක්වුණේ එහි පූර්වජයාට වඩා බොහෝ ඉහළ ශක්‍යතාවයන් සහ විශේෂාංගයන් සමගින් වූ අතර, එහි ඉහළ මිල පසෙකින් තබා බැලුවද Alienware Alpha R2 යනු සැබවින්ම සැලකිල්ලට ගත යුතු ගේමින් කොන්සෝලයක් බව අවිවාදිත වේ.

විශේෂයෙන්ම මෙම වසරේ සහ පසුගිය වසරේ නිකුත් වූ ගේමින් කොන්සෝලයන් සමගින් සසඳා බැලූ විට ප්‍රබලත්වයෙන් ඉහළ ස්ථානයක සිටින, එහෙත් ප්‍රමාණයෙන් කුඩා වූ ගේමින් කොන්සෝලයක් ලෙසින් මෙය නමක් දිනා ඇත. බොහෝ දෙනෙකු මෙය මිනි-පරිගණකයක් ලෙසින් හැඳින්වීමටද හේතුව එයයි. පිටතින් බැලූ විට බැලූ බැල්මට පෙනෙන්නේ Alienware Alpha R2 උපාංගය එහි පූර්වජයාගෙන් ඒ තරම් වෙනස් නොවන බවයි. එනම් එය තවමත් කුඩා හුරුබුහුටි ප්‍රමාණයේ (අඟල් 8x8x2), හයි ටෙක් පෙනුමෙන් යුතු ගේමින්ග් කොන්සෝලයකි. එසේ නමුත් එහි ඇතුළත විශේෂාංගයන් සහ හැකියාවන් - විශේෂයෙන්ම ග්‍රැෆික් ධාරිතා බොහෝ සෙයින් වෙනස් වී ඇත.


 පැරණි Alienware Alpha උපාංගයේ තිබූ ප්‍රධාන ගැටලුවක් වූයේ එහි සීමාසහිත දෘඩ තැටියයි. එය බොහෝ විට අකාර්යක්ෂම ලෙසින් ක්‍රියාත්මක වුණි. එසේම යම් පරිශීලකයෙකුට SSD (Solid dry reason drive) මතකයක් සවි කරගැනීමට අවශ්‍ය නම් එයට අවකාශය තිබුණද, එය වෙනමම මිලදී ගෙන, Alienware Alpha උපාංගය ගලවා අතින් සවිකරගැනීමට පරිශීලකයාට සිදුවුණි. මෙය බොහෝ දෙනෙකුට කරදරයක් මිස විකල්පයක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වුවත් Alienware Alpha R2 සමගින් ඔබට එම ගැටලුව පැන නොනඟිනු ඇත. මෙහි අඟල් 2.5 ක දෘඩ තැටියක් ස්ථාපනය කර ඇති අතරම, විකල්පයක් ලෙස M.2 PCIe SSD මතක එළැවුමක්ද සවිකිරීමේ හැකියාව තිබේ. එයට උපාංගය ගැලවීම අවශ්‍ය නොවන අතර, පරිශීලකයාට මෙම මතක ධාරිතා විකල්ප දෙකම සමගින් පද්ධතිය සකසා ගැනීමට හැකියාව ලබාදී ඇත.

 එසේම මෙහි  ග්‍රැෆික් ප්‍රොසෙසරයද පැරණි Nvidia GeForce GTX 860M චිප් පද්ධතියෙන් බොහෝ දුරක් ඉදිරියට පැමිණ ඇත. නවීන Alienware Alpha R2 උපාංගයේ ස්ථාපනය වී ඇත්තේ Nvidia GeForce GTX 960 ග්‍රැෆික් ප්‍රොසෙසරයයි. මෙහිදී බොහෝ දෙනෙකුට මතුවූ ගැටලුව වූයේ අඟල් 8x8x2 ප්‍රමාණයේ කුඩා උපාංගය තුළට එම ප්‍රමාණයටම ආසන්න වූ මෙම ග්‍රැෆික් කාඩ්පත සවිකර ඇත්තේ කෙසේද යන්නයි.




සැබවින්ම නිෂ්පාදකයින් විසින් එහිදී සුවිශේෂී ඉංජිනේරු කටයුත්තක් සිදුකර ඇති බව නිරීක්ෂණය කළ හැක. කෙසේ නමුත් මේ සමගින් මතුවන එක් ගැටලුවක් වන්නේ Nvidia GeForce GTX 960 කාඩ්පත Alienware Alpha හි  ග්‍රැෆික් ප්‍රොසෙසරය මෙන් දෙගුණයක් තරම් රත් වන නිසා, Alienware Alpha R2 උපාංගය සමගින් වඩාත් කාර්යක්ෂම සිසිලන පද්ධතියක් නිර්මාණය කිරීමට නිෂ්පාදකයින්ට සිදුවීමයි. එහිදී ඔවුන් සාර්ථක වී තිබුණද, මෙහි පංකා පද්ධතියෙන් සැලකිය යුතු මට්ටමේ ශබ්දයක් නැඟෙනා බව කිවයුතුවේ.


මෙම Alienware Alpha R2 උපාංගයේ 4GB ප්‍රමාණයේ GDDR5 රැම් මතකයක් ස්ථාපනය වී ඇති අතර, වඩාත් ඉහළ මධ්‍යම සැකසුම් ඒකක සංස්කරණයන්හි 8GB සහ 16GB රැම් මතකයන් තිබේ. මධ්‍යම සැකසුම් ඒකක ලෙසින් 6th generation Skylake CPU පද්ධතීන් මෙහි පිහිටුවා ඇත. පරිශීලකයින් හට Core i3, Core i5 සහ Core i7 යන විකල්පයන් අතුරින් අභිමත පරිද්දෙන් තෝරාගත හැකි ලෙසින් Alienware Alpha R2 සංස්කරණයන් කිහිපයක් වේ. මෙහි ධාවනය වන මෙහෙයුම් පද්ධතිය වන්නේ Windows ten Home (64bit) වේ. Alienware Alpha R2 උපාංගයේ ඉදිරිපස USB 3.0 පෝට් දෙකක්ද, පතුළේ USB 2.0 පෝට් එකක්ද, එසේම පිටුපස USB 3.0 පෝට් දෙකක්ද වේ. ඊට අමතරව පිටුපස කොටසේ RJ45 GbE පෝට් එකක්, HDMI-Out 2.0 පෝට් එකක්, HDMI-In 2.0 පෝට් එකක්, optical well out (Toslink) පෝට් එකක් මෙන්ම Alienware Graphics Amplifier පෝට් එකක්ද වේ.

මේ මගින් ඔබට අවශ්‍ය නම් අමතර NVIDIA Graphics ග්‍රැෆික් කාඩ්පතක් Alienware Amplifier චැසියක් හරහා සවිකරගැනීමට හැකියාව තිබේ. සමස්තයක් ලෙසින් බැලූ විට සාපේක්ෂව වැඩි මුදලක් වැය වූවත්, ඔබ සොයන්නේ හුරුබුහුටි ප්‍රමාණයෙන් සහ ප්‍රබල ශක්‍යතාවයන්ගෙන් යුක්ත මිනි පරිගණකයක්/ මිනි ගේමින් කොන්සෝලයක් නම් Dell සමාගමේ Alienware Alpha R2 යනු ඔබට ගැළපෙනම උපාංගයයි. 


බලන්න හදුන්වාදෙන Review වීඩියෝව.

Tips To Speed Upwardly Windows Ten

  Tips to Speed Up Windows x
මන්දගාමී වූ වින්ඩොස් 10 පරිගණක වේගවත් කරමු.

වින්ඩොස් 10 භාවිතා කරන බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි, කාලයක් යන විට මෙහෙයුම් පද්ධතිය මන්දගාමි වීම. මෙසේ වීමට බලපාන මූලික හේතු කිහිපයක් ඇත.

 ඒවා නම්, වින්ඩොස් Boot වනවිට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වීම, දෘඩ තැටිය තුළ ඇති ෆයිල් Fragments වී තිබීම. හාඩ්වෙයාවලට ක්‍රියාත්මක කිරීමට අසීරු ලෙස ඇපියරන්ස් හා අලංකාර යෙදුම් භාවිතා කිරීම, හාඩ් ඩිස්ක් එකේ ප්‍රී ස්පෙස් එක අඩු වීම වැනි මෙම හේතු නිසා මෙහෙයුම් පද්ධතිය මන්දගාමී වේ. පහත ක්‍රම මගින් වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්.

01.Startup
වැඩසටහන් සීමා කිරීම.

මේ සදහා ඔබ Task managing director ඕපන් කරගත යුතුය. එ් සදහා Task bar එක මත රයිට් ක්ලික් කිරීමෙන් හෝ Ctrl + Alt + Del මගින්ද ඕපන් කරගත හැකිය. ඉන්පසු Startup ටැබ් එක මත ක්ලික් කරන්න. එහි name යටතේ දක්වා ඇති පරිදි පරිගණකය බූට් වීමේදී ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් තෝරා Disable බටන් එක ක්ලික් කරන්න.


02. Defragment කිරීම.

යම් යම් අවස්ථාවලදී අප විසින් පරිගණකයේ සේව් කරන ෆයිල් හාඩ් ඩිස්කයේ කොටස් වෙනවෙනම බෙදී විවිධ තැන් වල ගබඩා වෙන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් නැවත නැවත භාවිතා කරනකොට හාඩ් ඩිස්කය විසින් විසිරී ගිය ෆයිල් කොටස් එකතු කර ඔපන් කරයි. මේ නිසා වැඩි කාලයක් ගතවේ. මෙසේ දෘඩ තැටියේ Fragment වුනු ෆයිල් De-fragment කිරීම සිදු කර යුතුය.  ඒ සදහා මුලින්ම C campaign එක එනම් වින්ඩොස් ස්ථාපනය කර ඇති Partition එක මත රයිට් ක්ලික් කර Properties ක්ලික් කරන්න. එවිට එන වින්ඩොවු එකේ ඇති Tools ටැබ් එක ක්ලික් කරන්න.පසුව Optimize together with de-fragment campaign යටතේ ඇති Optimize බටන් එක ක්ලික් කරන්න.


03. හාඩ් ඩිස්ක් Cleanup කිරීම.

ඇතැම් විට හාඩ් ඩිස්ඩකයේ ඉඩ පිරී ගිය අවස්ථාවකදී ද පරිගණකය මන්දගාමී වේ. සාමාන්‍යයෙන් හාඩ් එකේ මුලු ඉඩෙන් 25% ක් වත් නිදහස්ව පැවතිය යුතුය.මේ සදහා පරිගණකයේ ඇති අනවශ්‍ය ෆයිල් ගොනු ඉවත් කිරීම, භාවිතා නොකරන මාදුකාංග ඉවත් කිරීම සිදු කළ යුුතුය.  අනවශ්‍ය මෘදුකාංග Uninstall කිරීමට Start ගොස් Setting වෙත යා යුතුය. ඉන්පසු එහි ඇති system අයිකන් එක මත ක්ලික් කර වම් පස ඇති Apps & features තෝරා ගත යුතුය.එහිදී ඔබට පරිගණකයේ ස්ථාපනය කොට ඇති සියලුම වැඩසටහන් ලැයිතුවක් සේ පෙන්වයි. දැන් ඉවත් කිරීමට අවශ්‍ය වැඩසටහන තෝරා ක්ලික් කරන්න.


04. ඇපියරන්ස් (Appearance windows) සැකසීම.

ඇපියරන්ස් සැකසීම සදහා මුලින්ම This PC අයිකන් එක මත රයිට් ක්ලික් කර Properties තෝරාගන්න. අනතුරුව විවෘත වන වින්ඩොවු එකේ වම් පස ඇති Advanced System Settings යන්න තෝරා ගන්න. දැන් විවෘත වන වින්ඩොව් එකෙහි Advanced ටැබ් එක සිලෙක්ට් වී තිබෙනු දැකිය හැකිය. එහි ඇති Performance යන්නට පහලින් තිබෙන Setting බටන් එක ක්ලික් කරන්න. එවිට විවෘත වන dialog box එක තුළ ඇති Adjust for best performance යන්න සිලෙක්ට් කර ගන්න. ඉන්පසු මෙහෙයුම් පද්ධතියේ ලස්සනට යොදාගෙන ඇති විවිධ යෙදවුම් එනම් විවිධ සජීවිකරණ, සෙවනැලි , ආකර්ශනීය අයිකන් වැනිදෑ ක්‍රිියාත්මක වීම නතර කරයි. එමගින් පරිගණකයේ අනවශ්‍ය ලෙස භාවිතා වන රැම් ධාරිතාවද අවම කරගන්න පුළුවන්.

05. වයිරස්ගාඩ් භාවිතා කිරීම.
 

වයිරස් වැඩසටහන් නිසාද මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ ගැන්වේ. එමනිසා වින්ඩොස් 10 තුළ භාවිතා කළ හැකි හොදම වයිරස් ගාඩ් එක ලෙස ඔබගේ රැම්ධාරිතාවයට ගැලපෙන වයිරස්ගාඩ් එක බාවිතා කරන්න.

තවත් වින්ඩොස් 10 වේගවත් කරගන්න පුළුවන් ක්‍රම බලන්න පහත වීඩියෝව.
 

Introducing Youtube Tv

 Introducing YouTube TV
අනාගතේ ටීවී බලන්න වෙන්නේ යූටියුබ් වෙතින්.

ලෝව ප්‍රබල රුපවාහිනි මාධ්‍ය හා එක්ව YouTube වෙතින් නවතම රූපවාහිනි මාධ්‍ය ජාලයක් ඇරඹීමට ගුගල් සමාගම මේ වනවිට කටයුතු සම්පාදනය කරමින්

පවතිනවා Google සමාගම හා අනුබද්ද ආයතනය වන YouTube ජාලය විසින් නවතම රුපවාහිනී සේවාවක් හදුන්වා දීමට නියමිතව ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරනවා. මාසකට ඩොලර් 35 ක් වැනි මුදලකට Broadcast Channel සහ Cable Channel 40 කින් සමන්විත රුපවාහිනී සේවාව නුදුරේදීම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරන බවයි  Google සමාගමේ සදහන් කරන්නේ.


 මෙම නව රුපවාහිනි හඳුන්වාදීම ඔස්සේ Broadcast Channel ලෙස NBC, ABC, CBS හා Fox යන මාධ්‍ය ජාල ද  හා Cable Channel ලෙස MSNBC, USA, ESPN, FX හා Fox News වැනි මාධ්‍ය ජාල ද ඇතුලත් වන අතර ඉදිරි මාස කිහිපය තුල මෙය පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට නියමිත බවයි  ඔවුන් පෙන්වා දෙන්නේ. එපමණක් නොව පාරිභෝගික ඔබට මෙමගින් සජීව වැඩසටහන් නැරඹීමට සහ එම වැඩසටහන් මිත්‍රයන් සමඟ බෙදාගැනීමට අවස්තාව හිමි වෙනු ඇත.

 මාස 9ක් පමණ කාලයක් තුල විකාශය වූ වැඩසටහන් පටිගත (Record) කර තබා ගැනීමට හැකි වීම මෙහි ප්‍රධාන වාසියකි වෙයි. YouTube ජාලය වෙතින් හඳුන්වාදෙන මෙම අලුත්ම රුපවාහිනි ජාලයේ වැඩසටහන් නැරඹීමේ හැකියාව නුදුරු මාස කිහිපයේදී පාරිභෝගික ජනතාව උදෙසා හඳුන්වාදීමට නියමිත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


Jumat, 18 Maret 2016

Youtube Video Download Tricks - Yout

 Youtube Video Download Tricks - yout
යූටියුබ් වීඩියෝ බාන්න ලේසිම ක්‍රමයක්.

කිසිදු මෘදුකාංගයක් හෝ වෙබ් බ්‍රවුසර් ඇඩෝන් එකක් නොමැතිව පහසුවෙන් යූටියුබ් විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියල දෙනවා.

මේක වෙබ් අඩවියක් වන Yout.com මගින් ලබාදෙන සේවාවක්. අපිට අවශ්‍ය යූටියුබ් වීඩියෝවේ Audio එකද අවශ්‍යනම් Mp3 ලෙසට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පහත දැක්වෙන ආකාරයට ඔබට මෙය සිදුකළ හැක.



 යූටියුබ් වීඩියෝවක ඇතුලත් වෙබ් ලිපිනයෙහි මුලින් ඇති www. සහ ube අකුරු ඩිලීට් කරලා කීබෝඩ් එකේ Enter Press කරන්න විතරයි තියෙන්නේ. එවිට අදාල Yout.com වෙබ් අඩවියට පිවිසෙනවා. අනතුරුව පහතම ඇති Record බටන් එක ක්ලික් කරන්න. හරිම ලේසි ක්‍රමයක්. අවශ්‍යනම් බාගත කරන්න කලින් වීඩියෝවේ Quality එකත් තෝරන්න පුළුවන්.

නැතිනම් Yout.com වෙත පිවිස අදාල යූටියුබ් වීඩියෝවේ copy කරගත් වෙබ් ලිපිනය මෙහි past කරලා බාගන්නත් පුළුවන්. ඊට වඩා ඉහත කී ක්‍රමය ඉතාමත් සරලයි.

Gappiya's T-Shirt Pack For Gta V

 Gappiya's T-Shirt Pack for GTA V
ගප්පියාගේ ටී-ශර්ට් ඇදගෙන අපේ විදියට GTA v ගහමු.

ෆේස්බුක් එකේ Funny වීඩියෝ නිර්මාණයකර ශෙයා කරලා ජනප්‍රිය වූ ගප්පියාගේ ටී-ශර්ට් සෙට් එක ඔයාලා දන්නවා ඇති. 

ඔන්න දැන් GTA V ගේම් එක සෙල්ලම් කරන අයට ඒ ටී ශර්ට් පැක් එක අපි හදුන්වාදෙනවා.  ලංකාවේ අයට තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්න මේ ක්‍රමයෙන් පුළුවන්. බලන්න පහත වීඩියෝව.

 
ස්ක්‍රීන්ශොට් බලන්න.













මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි ගැන සම්පූරණ විස්තරයත්, ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් මෙතනින් පිවිස දැනගන්න පුලුවන්. ඒ වගේම තවත් දෙයක් වෙන්නෙ ඔයාල ගේම් එක මොඩ් කරන්න කලින් අනිවාර්යෙන්ම මොඩ් කරන ෆයිල් එක Backup කරන්න මතක තියාගන්න.

Kamis, 17 Maret 2016

Why Is Apple's Iphone Demeanour On Id Important

 Why is Apple's iPhone Touch ID Important
iPhone එකේ ඇති finger impress එකේ වැදගත්කම.

Apple iPhone 5s එක වෙළදපොළට පැමිණියේ දුරකතන ලොවේ විශාල පෙරලියක් ඇතිකරමිනි. ඒ ප්‍රථම වතාවට දුරකථනයක් සදහා finger impress scan

තාක්ශණය එක් කිරීමත් සමගය. එනම් දුරකථනයක අගුලු දැමීම සදහා මුරපදයක් වෙනුවට ඇගිලි සලකුණ (finger print) එක් කිරීමය.

මෙම finger print තාක්ශණය ප්‍රබේද කිහිපියකින් ඇති අතර ඇතැම් බොහෝ අවස්ථාවලදී යම් කසි පුද්ගලයකු යෙදූ finger impress මුර පදයක් සොරා ගැනීමටද, එමගින් අගුලු දැමූ මුරපදය ඒ සොරාගත් ඇගිලි සලකුණ මගින් විවෘත කීරීමටද පුලුවන්. අප්පට සිරි දැන් හිතන්න එපා එහෙම කොහොමද ඇගිලි සලකුණ හොරා ගන්නෙ කියල. මෙහෙමයි අපි නිකමට හිතමු ඔයාගෙම ඇගිලි සලකුණ කියල. ඔයා ස්පර්ශ කරන ඕනෑම වස්තුවක ඇගිලි සලකුණ පිහිටනව. අන්න ඒ ඇගිලි සලකුණ re-create කරල finger impress එක දාල තිබුන එකට ඒ කියන්නේ මුර පදය වෙනුවට ඒ re-create කරගෙන තියල විවෘත කරගන්න පුලුවන්. මීට අමතරව මිය ගිය කෙනෙකුගේ ඇගිලි සලකුණකින් වූවද finger impress lock එකක් unlock කරගන්න පුලුවන්.



නමුත් apple iPhone වල ඇති finger print එක ඉහත සදහන් කල කිසිදු කරුණකින්වත් unlock කිරීමට නොහැක. කෙටියෙන්ම කියනවනම් ඔයා මැරුණට පස්සෙ ඔයාගෙ iPhone එකට ඔයාගෙ ඇගිලි සලකුණ support කරන්නෙ නෑ. iPhone finger print තාක්ශණය ඇගිලි සලකුණ අදුනාගන්න ක්‍රම දෙකක් තියනව.

1. Capacitive

      මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ ඔබේ සම හරහා දුවන කුඩා විද්යුකත් දාරවන් උපයෝගී කර ගනිමිනි. මන්ද සෑම සජීවි මිනිස් සිරුරකම micro magnetic voltage එකක් අන්තර්ගත වේ. iPhone එකේ finger print තාක්ෂණය සදහා මේ ක්‍රමවේදය භාවිතා කරයි. iPhone වල touch screen එක සදහා භාවිතා කරන්නේද මෙම ක්‍රමවේදයයි.

2. Radio frequency 

       මෙම තාක්ෂණය මගින් සම මත ඇති මැරුණු සෛල සදහා සහයෝගයක් නොදක්වන අතර මැරුණු සෛල වලට යටින් ඇති සජීවි පටක සමග ක්‍රියාකරයි. ඒ තුලින් අදහස් වන්නේ මැරුණු පුද්ගලයකුගේ ඇගිලි සමග ක්‍රියා නොකරන බවයි. සියලු පටකයින් මියගිය පසු ඒ තුල ඇති සියලුම විද්‍යුත් ආරෝපනයද අතුරුදහන් වන අතර ඒ නිසා capacitive sensor සදහා සහයෝගයක් නොදක්වයි.

නමුත් finger print එක පමණක් ඉලක්ක කරගනිමින් නිශ්පාදනය වන දුරකථන සදහා මැරුණු පුද්ගලයකුගේ ඇගිලි සලකුණක් හෝ ඇලිගි සලකුණක පිටපතක් මගින්ද ප්‍රයෝජනයක් ගත හැකිය. නමත් iPhone සදහා ඒ කිසිවක් සහයෝගය නොදක්වයි. වෙළදපොලේ විවිධ වර්ගයේ ජංගම දුරකතන වල finger print තාක්ෂණය තිබුනද එහි සුරක්ෂිතබව දැනගෙන මිලදී ගන්න.
Post past times Anjula Madusanka

25 Best Fonts For Designers - Collection 01

 25 Best Fonts for Designers - Collection 01
ග්‍රැෆික් කරන අයට 2017 හොඳම සහ ජනප්‍රියම ඉංග්‍රීසී ෆොන්ට් 25 ක්.

ඔබ  ඡායාරූප සහ වීඩියෝ සංස්කරණ කටයුතු සිදුකරන වෘතීය පට්ටමේ පුද්ගලයෙකු විය හැක. ඒ අයට මේ ෆොන්ට් සියල්ල ඉතාමත් වැදගත් වෙනවා.

අපි කලින් ග්‍රැෆික්ස් කරන අයට වටිනා සිංහල ෆොන්ට් බාගත කරගැනීමට ලබාදුන්නා. ඒවගේම ජනප්‍රිය ඉංග්‍රීසි ෆොන්ට් ලබාදෙන්න කියලා ගොඩක් අය ඉල්ලීක් කරපු නිසා ඔන්න මේ ෆොන්ට් සෙට් එක අපි ලබාදෙනවා.අවශ්‍ය ෆොන්ට් එකක් උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන ෆොන්ට් 25 ක් ඇතුලත් වෙනවා.


 25 Best Fonts for Designers - Collection 01
1. a charming font


 25 Best Fonts for Designers - Collection 01
 2. tagettes font


 25 Best Fonts for Designers - Collection 01
 3. lokicola font


 25 Best Fonts for Designers - Collection 01
4. beautifules font


 25 Best Fonts for Designers - Collection 01
5. littledays font


 25 Best Fonts for Designers - Collection 01
6. wordsoflove font


 25 Best Fonts for Designers - Collection 01
7. sncscript font


 25 Best Fonts for Designers - Collection 01
8. jane_austen font


 25 Best Fonts for Designers - Collection 01
9. jey font


 25 Best Fonts for Designers - Collection 01
10. scramble font


 25 Best Fonts for Designers - Collection 01
11. degrassi font


 25 Best Fonts for Designers - Collection 01
12. sketchy font


 25 Best Fonts for Designers - Collection 01
13. jellyka jellyfish font


 25 Best Fonts for Designers - Collection 01
14. belphebe font


 25 Best Fonts for Designers - Collection 01
15. henrymorganhand font


 25 Best Fonts for Designers - Collection 01
16. zothique font


 25 Best Fonts for Designers - Collection 01
17. deftone font


 25 Best Fonts for Designers - Collection 01
18. dolphins font


 25 Best Fonts for Designers - Collection 01
19. valentinehearts font


 25 Best Fonts for Designers - Collection 01
20. flwscript font


 25 Best Fonts for Designers - Collection 01
21. aerosol font


 25 Best Fonts for Designers - Collection 01
22. germanica font


 25 Best Fonts for Designers - Collection 01
23. sanctuary font


 25 Best Fonts for Designers - Collection 01
24. medicitext font


 25 Best Fonts for Designers - Collection 01
 25. harrypotter font




Collection 02 මෙතනින් පිවිස ඩවුන්ලෝඩ් කරගන්න.