Openit Android App

අන්තර්ජාලයේ සැරිසරන අයට වටිනා ඇප් එකක්.

OpenIt app එක සතියක් වගේ පොඩි කාලෙකින් සහන් රණසිංහ විසින් Develop කරපු වැඩසටහනකි. මොහුට මෙය නිර්මාණය කිරීමට හේතු වූයේ පහත කාරණාවයි.


"මං හැමදාම නිදාගන්න ගිහින් ෆෝන් එකෙන් ඉන්ටනෙට් එකේ Articles, Blogs කියවල YouTube වීඩියෝ බලල තමයි නිදා ගන්නේ. ඒත් ඒ බලන දේවල් මට මගේ ලැප් එකෙන් පස්සේ වෙලාවක බලන්න open කරලා තියන්න විධියක් තිබුනේ නෑ. Play Store එකේ එහෙම App එකක් තිබුනේ නැති නිසා මං තීරණය කළා මේ App එක develop කරන්න. මුලින් මුලින් පොඩියට වැඩේ පටන් ගත්තත් යාලුවොන්ගේත් ඉල්ලීම මත මන් app එකට තව තව features එකතු කරලා හැදුවා."

Android App එක.



chrome extension එක.


මේ මගින් ෆෝන් එකෙන් කියවන Web Site එකක්, බලන YouTube වීඩියෝ එකක් OpenIt app එක හරහා තත්පර කිහිපයක් ඇතුලත Chrome Browser එකේ open කරගෙන බලන්න පුළුවන්. ඊට අමතරව ෆෝන් එකේ බලන දෙයක වචනයක් හෝ වචන කිහිපයක් Google එකෙන් search එකක් විදියට PC එකේ Chrome Browser එකෙන් open කරගන්නත් පුළුවන්. App එකේ history එක පෙන්නන නිසා පරණ වෙබ් සයිට් එකක් වුනත් සුළු වෙලාවකින් open කරගන්න පුළුවන්. 

දැනට මේ පහසුකම Google Chrome සහ Chromium spider web browser දෙකටත් Android ෆෝන් වලටත් විතරයි develop කරලා තියෙන්නේ. ඉදිරියට Firefox browser එකට වගේම iPhone වලටත් App එක ලබා දෙන්න කටයුතු කරනවා. App එක පාවිච්චි කරන්නනම් Chrome browser එකට OpenIt extension එක install කරලා Google account එකෙන් Sign in වෙන්න ඕන. ඊට පස්සේ Android ෆෝන් එකට OpenIt app එක install කරලා Sign in වෙන්න ඕන. කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියන එක ගැන පොඩි අදහසක් ලබාගන්න පහත වීඩියෝව බලන්න.



ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න මෙතනින් පිවිසෙන්න.
ගූගල් ක්‍රෝම් extension එක මෙතනින් පිවිස ලබාගන්න.