Introducing Micro Universal Locomote Adapter

පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යාහැකි කුඩා විදුලි ඇඩැප්ටරයක්.

විවිධාකාරයේ විදුලි කෙවෙනි සවිකර ඇති විවිධ පේනු ගණනාවකින් සංයුක්ත පේනු ඇඩැප්ටරයක් ලෙසින් හැදින්විය හැක. 


බොහෝ දෙනෙකුට ට්‍රැවල් ඇඩප්ටරයේ අවශ්‍යතාවය මතුවන්නේ දුර බැහැර ගමන් කිරීමේදී හෝ රටින් පිට සංචාරයන්හි නිරත වීමේදී ය. මෙහිදී ඔබ සිටිනා ස්ථානයේ ඇති විදුලි කෙවෙනියට සරිලන පේනුව ඇඩැප්ටරයෙන් තෝරා සවි කළ හැක. මේ ආකාරයෙන් විවිධාකාර විදුලි පේනු ගණනාවක් සම්බන්ධ වීමේදී ට්‍රැවල් ඇඩැප්ටරය ප්‍රමාණයෙන් විශාල වේ. මෙසේ ප්‍රමාණයෙන් විශාල වීමේදී රැගෙන යාමේදී ගැටළු ඇතිවන බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. මෙම ගැටළුවට පිළයමක් ලෙස හදුන්වාදෙන ලද නවතම ට්‍රැවල් ඇඩැප්ටරය ලෙස Micro universal move adapter උපකරණය හදුන්වා දිය හැකිය.


බලන්න හදුන්වාදෙන වීඩියෝව.


මෙහි ඇති විශේෂත්වයක් වන්නේ වෙළදපොලේ පවතින අනෙකුත් ට්‍රැවල් අඩැප්ටරයන්ට වඩා බොහෝ සෙයින් කුඩා වීමයි. ඔබට හමුවන ඔනෑම විදුලි පේනුවකට ආරක්ෂාකාරීව සම්බන්ධ කළ හැකි මෙය පළල, උස සහ දිග 6 x 3.1 x 2.6 ප්‍රමාණයේ වේ. එනම් කිසිදු අපහසුතාවයකින් තොරව සාක්කුවක වුවද රැගෙනයා හැකිය. ඇඩැප්ටරය ඇතුළත තැන්පත් කර ඇති. පේනු ඉහළට මතු කිරීමට හා ඒවා මනා ලෙස අගුලු දැමීමට ඇඩැප්ටරය දෙපැත්තේම  සුපුරුදු පරිදි අල්ලු තිබේ. එමෙන්ම ඇම්පියර 6.3 ක ප්‍රමාණයේ ෆියුසයක්ද ස්ථාපනය කර ඇති අතර විදුලි බලය ඒකාකාරී නොවන විටකදී උපාංගයට හානි සිදු නොවීම සදහා එය සවි කොට තිබේ.

ඡායාරූප කිහිපයක්.