Senin, 29 Februari 2016

Wwdc 2017 : Introducing Ios Eleven Inward Sinhala

ඇපල් අයට iOS 11 මෙහෙයුම් පද්ධතිය නිකුත්වෙයි.


ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම් පද්ධති සහ උපාංගයන් පිළිබඳව තාක්ෂණික තොරතුරු සමුළුව WWDC 2017 ඊයේ දිනයේ ඉතාමත්

සාර්ථක ලෙස පැවැත්වුනා. මෙහිදී කාගේත් වැඩි අවධානය දිනාගනු ලැබුවේ. ඇපල් නවතම iOS 11 සංස්කරණය නිකුත් කිරීමයි. ඇපල් අයිෆෝන් අතුරු මුහුණත ඉතාමත් ආකර්ශනීය ලෙස පරිශීලකයාගේ පහසුව වෙනුවෙන් නිර්මාණය වී තිබෙනවා. බලන්න අයිෆෝන් එකකට iOS 11 දැමූ පසු පෙනෙන ආකාරය දැක්වෙන screenshot කිහිපයක්.






පෙර පැවති Drag Menu එකට Screen Record එකකුත් පැමිණ තිබෙනවා. එයින් වීඩියෝ ලෙස අපේ අයිෆෝන් එකේ | අයිපෑඩ් එකේ කරන දේවල්  save කරගන්න පුලුවන්. මෙම නවතම iOS 11 සංස්කරණය දැනට iOS ඇපල් Apps Developer වරු ලෙස Register වෙලා තියෙන අයට Beta Version එකක් ලෙස දාගන්න පුළුවන්. නොබෝ දිනකින් ඇපල් user ලාට iOS eleven update ගොනුව ලබාදෙයි. පහත ඇපල් උපාංග සඳහා මෙම iOS 11 සහාය දක්වනවා.

iPhone
  • iPhone 7
  • iPhone vii Plus
  • iPhone 6s
  • iPhone 6s Plus
  • iPhone 6
  • iPhone half-dozen Plus
  • iPhone SE
  • iPhone 5s
iPad
  • 12.9-inch iPad Pro sec generation
  • 12.9-inch iPad Pro 1st generation
  • 10.5-inch iPad Pro
  • 9.7-inch iPad Pro
  • iPad Air 2
  • iPad Air
  • iPad fifth generation
  • iPad mini 4
  • iPad mini 3
  • iPad mini 2
iPod

  • iPod deport upon sixth generation

ලෙස iOS 11 හි ඇතුලත් වැඩකෑලි 11 ක් Everything Apple Pro යූටියුබ් නාලිකාව හදුන්වාදුන් අයුරු.


අවසාන වශයෙන් අපි කියන්නේ තවම මෙය Beta සංකරණයක් බැවින් ඔබගේ අයිෆොන් එකට, ටැබ් එකට දැන්ම අප්ඩේට් කරන්න එපා ( Update කරන්න කියලා Notification ආවත් ) . ඒකට හේතුව මෙහි ඇති Bug වලින් අයිෆෝන් එක රත්වීම, ඉක්මනින් බැටරිය බැසීම, හිරවීම, Network Signal නොමැතිවීම, සමහර ඇප්ස් ඉන්ස්ටෝල් නොවීම වැනි දෑ සිදුවිය හැකි වීමයි. එමනිසා iOS 11.1 සංස්කරණයවත් පැමිණෙනකන් ඉවසීමෙන් සිටිම වටිනවා. ඒවගේම මෙම කාරණා විමසා බලා දැනුවත්ව හෝ නොදැනුවත්ව iOS 11 දාපු උපාංග වලට බලපෑම් නැතිනම් ඔබගේ අදහස් පහතින් දාන්න. අලුතෙන් අප්ඩේට් කරන්න ඉන්න අයට එය වැදගත් වෙයි.




දැනට අප්ඩේට් නොකර ඉන්න අයට ජනප්‍රිය iOS 11 wallpaper එක මෙතනින් පිවිස බාගන්න. ඉහතින් දැක්වෙන්නේ එහි sample එකකි. 😊


Namunu Translator - Sinhala Meaning

පරිගණකයේ ඕනෙම තැනක සිංහල තේරුම බලමු.

අපේ රටේ ගොඩක් දෙනාට ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න හරිහැටි බෑ. ඒක ලැජ්ජා වෙන්න ඕනෙ කාරනයක් නෙවෙයි. මොකද අපේ රටේ මවුබස සිංහල නිසා. 


ඔන්න මේ හදුන්වාදෙන මෘදුකාංගයෙන් අන්තර්ජාලයේ තිබෙන වෙබ් පිටුවක හෝ පරිගණකයේ ඇති word, PDF වැනි ලිපි ගොනුවක ඇති ඉ‍ංග්‍රීසි වචන වල සි‍ංහල තේරුම බලන්න පුළුවන් අපූරු මෘදුකාංගයක් අපේ රටේ දක්ෂයෙකු විසින් නිර්මාණය කර තිබෙනවා. මෙහි නම තමයි නමුණු පරිවර්තකය. බලන්න හදුන්වාදෙන වීඩියෝව.


word ගොනුවක මෙය ක්‍රියාකරන ආකාරය ස්ක්‍රීන්ශොට් එකක්.

පහත පිළිවෙලට ඔබගේ පරිගණකයටත් මෙය දාගන්න පුළුවන්. 😊
  1. මුලින්ම මෙම මෘදුකාංගය ඔයාගේ පරිගණයට මෙතනින් පිවිස බාගෙන install කරගන්න.
  2. ඊට පස්සේ නමුණු මෘදුකාංගය open කරන්න.
  3. වෙබ් බ්‍රවුසරයෙන් ඉ‍ංග්‍රීසි වචන සහිත වෙබ් පිටුවකට පිවිස හෝ ඉ‍ංග්‍රීසි වර්ඩ් ෆයිල් එකක් open කරලා, නොදන්නා වචනේ උඩ දෙවරක් ක්ලික් කරන්න. නැතිනම් තෝරන්න (Highlight).
  4. දැන් කීබෝඩ් එකේ කන්ට්‍රෝල් යතුර (CTRL) ඔබන්න. එවිට ඉහත ආකාරයට සි‍ංහල තේරුම දර්ශනය වෙයි.
  5. භාවිතයෙන් පසු Task Bar එකේ Notification surface area එකේ ඇති අයිකන් එක ක්ලික් කර මෘදුකාංගයෙන් ඉවත් වෙන්න.
💡 සැ. යු. මෙය Translate වීමට ඔබගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබිය යුතුය. ඉදිරි ස‍ංස්කරණයකදී offline දත්ත ගබඩාවක් බාවිතයෙන් මෘදුකාංගය නිර්මාණය කරන බව මෙහි Developer වරු සදහන් කරනවා.


Technical Details

  • Software Name : Namunu Translator
  • File size : 423KB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.namunu.uwucomputersociety.org

Minggu, 28 Februari 2016

Tsunami Sms & Email Alerts

සුනාමි සහ භූමිකම්පා සිදුවීම් පිළිබඳ අනතුරු ඇගවීම්.

2004 වසරේ සුමාත්‍රා දූපතේ ඇතිවූ භූමිකම්පාව නිසා අපේ රටේ වෙරළාශ්‍රිතව මුහුද ගොඩ දමමින් සුනාමි ආපදා තත්වයක් ඇති වුනා. මෙයින් අපේ රටේ මිනිස් 

ජීවිත 30,196 ක් අහිමි වුනා. 😓 මෙම අදුරු මතකයත් සමග අදටත් මිනිසුන් මහත් දුක් විදිමින් අබ්බගාතයෙකු සේ ජීවිතය ගෙන යනවා, නැතිනම් තම නෑදෑ හිත මිතුරන් අහිමිව හුදකලාව ජීවත් වෙනවා. මේ සිදුවීම නිසාවෙන් සුනාමි සහ භූමිකම්පා ගැන අපේ රටේ බොහෝ දෙනා ලොකු අත්දැකීමක් ලබාගත්තා. මින් පෙර අපරටට මෙවැනි අත්දැකීමක් හෝ දැනුවත්වීමක් නොමැති නිසා මෙතරම් ජීවිත සංඛයාවක් අහිමි වී ගියා. දැන් මේගැන දැනුවත් නිසා අප මේ හදුන්වාදෙන්නේ ලෝකයේ ඔනෑම රටක සිදුවන භූමිකම්පා සහ සුනාමි අනතුරු අපව නොමිලේම දැනුවත් කරන වෙබ් සේවාවක් ගැනයි. 🙌

වෙබ් අඩවි ලිපිනය :  www.cwarn.org


මෙහිදී අපගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් සහ ඊමේල් පණිවිඩයක් මගින් ලබාගන්න පුළුවන්. භූමිකම්පාවේ ප්‍රමාණය (බලපෑම), දිනය, වෙලාව, ස්ථානය සහ සුනාමි බලපෑම් සිදුවන ප්‍රදේශ පිලිබඳ තොරතුරු දැනුම් දෙනවා. SMS සේවයට ඇතුලත් වීමට මෙතනින් පිවිස ලියාපදිංචි වෙන්න. මේ සඳහා කිසිදු මුදල් අය නොකෙරේ. 😊

Audacity - Well Editor Too Vocalization Remover

සිංදුවක කටහඩ ඉවත් කරන්න මෘදුකාංගයක්.

ගොඩක් අය අපෙන් ඉල්ලූ දෙයක් තමයි සිංදුවක තිබෙන කටහඩ ඉවත් කරලා Music එක විතරක් ගන්න පුළුවන් මෘදුකාංගයක්. මේ සදහා අන්තර්ජාලයතුල

විවිධ වූ මෘදුකාංග සහ ක්‍රම තිබෙනවා. අපි මේ හදුන්වාදෙන මෘදුකාංගය තමයි Audacity. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ බාවිතාකලහැකි නිදහස් මෘදුකාංගයක්. ඕනෑම් කෙනෙක්ට පරිශීලනය කරන්න පුලුවන් පහසු interface එකක් ඇතුලත් වෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්. 

මෙය නිර්මාණය කරලා තිබෙන්නේ Audio වල ශබ්දය විවිධ සංස්කරණ කටයුතු කිරීමටයි. ඒඅනුව කටහඩ අඩුකරන ආකාරය බලන්න පහත වීඩියෝව.


මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name :  Audacity
  • File size : 25 MB
  • Requirements : windows All/ Mac/ Linux
  • License : Free
  • Publisher website : www.audacityteam.org

Roman Numerals Converter

ඕනෙම රෝම ඉලක්කමක් ක්ශණිකව සොයාදෙන මෘදුකාංගයක්.

යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුනු ලිවීමට රෝම ඉලක්කම් භාවිතාවේ. පාසල් ළමුන්ටද ප්‍රාථමික පංතිවලදී ගණිතය

පාඩමේදීත් රෝම ඉලක්කම් ගැන ඉගැන්වෙනවා. දැනටත් සාමාන්‍ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිතා වේ. තරමක් සංකීර්ණ අංක ක‍්‍රමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔර්ලෝසු වල සහ පොත්වල දක්නට ලැබේ.  රෝම ඉලක්කම් ක්‍රමය තුළ සංකේත 7 ක් තිබේ. (I V X L C D M) ඉතින් මෙම මෘදුකාංගය මගින් පහසුවන්ම රෝම ඉලක්කම් සොයා ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම Run වෙනවා. බලන්න Screenshot එකක්.


මෘදුකාංගය මෙතනින් පිවිස බාගන්න.

Technical Details

  • Software Name : Roman Converter
  • File size : 124 KB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Pasan Rajitha Weerasekera

Sabtu, 27 Februari 2016

Baby Sex Predictor Software

ඔබට ලැබෙන්නේ දුවෙක්ද, පුතෙක්ද දැනගන්න මෘදුකාංගයක්.

අපි එදා මෙදාතුර ලබාදී ඇති මෘදුකා‍ංග අතුරෙන් මෙය හාත්පසින්ම වෙනස් මෘදුකාංගයක්. මෙම අපූරු මෘදුකා‍ංගය නිර්මාණය සිදුකල "පසන් රජිත" විසින්.


ඔහු ප්‍රකාශකලේ මෙය නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇත්තේ චීනයේ පීකිං නුවර රාජකීය පවුලක භාවිතා කරන ලද ක්‍රමවේදයක් ගැන අන්තර්ජාලයෙන් ලබාගත් සිද්ධාන්තයකි. මෙය අන්තර්ජාලයේ තිබෙනවා ඔබ මීට කලින් දැකලා තිබෙන්නත් පුළුවන්. බලන්න එය පහතින්.
මෙය පාදක කරගනිමින් මෙම මෘදුකාංගය නිර්මාණය කරඇත. කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.



ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. මෘදුකාංගය මෙතනින් පිවිස බාගන්න.

Technical Details

  • Software Name : Baby Gender Predictor
  • File size : 326 KB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Pasan Rajitha Weerasekera

Youtube Nighttime Fashion Theme

යූටියුබ් වෙබ් අඩවියේ පසුබිම කලු පැහැය ගන්වමු.

මෙය ඇවිල්ලා යූටියුබ් වීඩියෝ බලන අයට වටිනා Trick එකක්. කිසිම මෘදුකාං‍ගයක් මේ සදහා බාවිතා කරන්න අවශ්‍ය නෑ. ගූගල් සමාගම විසින් යූටියුබ් වෙබ් අඩවියට

අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. සුදු පැහැති පසුබිම නිසා රාත්‍රීකාලයේ වැඩි වෙලාවක් වීඩියෝ බලන එක සමහර අයට අමාරුයි. ඒ නිසා මේ අදුරු පසුබිම සහිතව වීඩියෝ බලන එක ඒ අයට ප්‍රයෝජනවත්. අපි බලමු මේ Dark Mode එක දාගන්න විදිය.

  • මුලින්ම පිවිසෙන්න www.youtube.com/new වෙබ් අඩවියට. එවිට පහත ආකාරයට පෙන්වයි. එහි ඇති "Go to youtube" බටන් එක උඩ click කරන්න.
  • ඔබ දැන් අලුත් යූටියුබ් UI වෙබ් අඩවියට පිවිස තිබෙනවා.
  • දකුණුපස ඉහල කෙළවරේ ඔබගේ Profile අයිකන් එක උඩ click කරන්න එවිට පහත Dark Theme : off කියලා පෙන්වයි. එය ON කරන්න.
  • දැන් ඔන්න පහත ආකාරයට YouTube වෙබ් අඩවියේ background එක කළු පැහැතිව පෙන්වයි.


Jumat, 26 Februari 2016

Internet Speed Upwards Tricks

වින්ඩෝස් පරිගණකයේ ඉන්ටර්නෙට් වේගවත් කරමු.

වින්ඩෝස් තුලදී එහි අන්තර්ජාල සබඳතාවයෙන් 20%ක වේගයක් මෙහෙයුම් පද්ධතිය හා එහි ස්ථාපනය කරඇති යෙදුම්


හරහා ලබාගන්නා බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එයින් හැඟීයන කාරණය නමි ඔබට අන්තර්ජාල වේගයෙන් 100% ක්ම නොලැබෙන බවයි. මෙම වෙන්කල බෑන්ඞ්විත් ප‍්‍රමාණය අධිවේගී අන්තර්ජාල සබඳතාවයන් සදහා එතරම් බලපෑමක් සිදුනොකලත් මදවේගී සබදතාවයන් සදහා මෙම 20% සීමාව අන්තර්ජාලයතුල සැරිසැරීමේදී හා බාගත,උඩුගත කිරීමේ වේගය සදහා අතිශය වැදගත් වෙයි. නමුත් වින්ඩෝස්හී ඇති සමුහ ප‍්‍රතිපත්ති සංස්කාරකය (group policy editor) මගින් පෙන්නුම් කෙරෙන්නේ වින්ඩෝස් මුදල් ගෙවා ගන්නා ඔරිජිනල් සංස්කරණ සඳහා පමණකි. ඔබ එන්ටර්ප‍්‍රයිස් හා අල්ටිමේට් අනුවාදයන් භාවිතා කරයි නමි ඔබට සමිපූර්ණ වේගය ලබාදෙන්නේ ඔබ පරිගණකයට ඇඞ්මිනිස්ටර් අයිතින් සහිතව ඇතුල්වී සිටියහොත් පමනි.


මේ හේතු කාරණා නිසාම අන්තර්ජාල සබඳතාවය වැඩිකර ගැනීම සදහා මෙම බැන්ඩ්විත් සීමාව ඉවත් කිරිමෙන් වේගය 20% කින් වැඩිකරගත හැක. මෙම වෙන්කරන ලද බැන්ඞ්විත් අගය ඉවත් කිරිම සමහර වින්ඩෝස් පරිශිලකයන්හට තරමක් පරිස්සමෙන් කලයුතු ක‍්‍රියාවකි. ඒ සඳහා ඔබට (group policy editor) තුල වෙනස්කමි කිරිමට සිදුවෙයි. Group policy editor යොදාගනිමින් ඔබගේ අන්තර්ජාල වේගය 20% කින් වැඩිකරගන්නා ආකාරය පහතින් දැක්වෙයි.
  • පියවර 1වින්ඩෝස් Run කොටුව තුල gpedit.msc ලෙස ටයිප් කර enter කරන්න.

  • පියවර 2වෙන් කරන ලද බැන්ඩ්විත් සීමාව බලාගැනීම සදහා Computer Configuration > Administrative Templates > Network > Qos Packet Scheduler > Limitreservable Bandwidth වෙත පිවිසෙන්න.
  • පියවර 3ඉන්පසුව පහත ආකාරයට බෑන්ඞ්ව්ත් සීමාව 20 සිට 0 දක්වා වෙනස් කරන්න. පසුව එම වෙනස්කම් save කරගන්න.


දැන් ඔබට ඔබේ අන්තර්ජාල සබදතාවයේ ඉන්ටර්නෙට් වේගය 100% ක්ම භාවිතාකල හැක.


Openit Android App

අන්තර්ජාලයේ සැරිසරන අයට වටිනා ඇප් එකක්.

OpenIt app එක සතියක් වගේ පොඩි කාලෙකින් සහන් රණසිංහ විසින් Develop කරපු වැඩසටහනකි. මොහුට මෙය නිර්මාණය කිරීමට හේතු වූයේ පහත කාරණාවයි.


"මං හැමදාම නිදාගන්න ගිහින් ෆෝන් එකෙන් ඉන්ටනෙට් එකේ Articles, Blogs කියවල YouTube වීඩියෝ බලල තමයි නිදා ගන්නේ. ඒත් ඒ බලන දේවල් මට මගේ ලැප් එකෙන් පස්සේ වෙලාවක බලන්න open කරලා තියන්න විධියක් තිබුනේ නෑ. Play Store එකේ එහෙම App එකක් තිබුනේ නැති නිසා මං තීරණය කළා මේ App එක develop කරන්න. මුලින් මුලින් පොඩියට වැඩේ පටන් ගත්තත් යාලුවොන්ගේත් ඉල්ලීම මත මන් app එකට තව තව features එකතු කරලා හැදුවා."

Android App එක.



chrome extension එක.


මේ මගින් ෆෝන් එකෙන් කියවන Web Site එකක්, බලන YouTube වීඩියෝ එකක් OpenIt app එක හරහා තත්පර කිහිපයක් ඇතුලත Chrome Browser එකේ open කරගෙන බලන්න පුළුවන්. ඊට අමතරව ෆෝන් එකේ බලන දෙයක වචනයක් හෝ වචන කිහිපයක් Google එකෙන් search එකක් විදියට PC එකේ Chrome Browser එකෙන් open කරගන්නත් පුළුවන්. App එකේ history එක පෙන්නන නිසා පරණ වෙබ් සයිට් එකක් වුනත් සුළු වෙලාවකින් open කරගන්න පුළුවන්. 

දැනට මේ පහසුකම Google Chrome සහ Chromium spider web browser දෙකටත් Android ෆෝන් වලටත් විතරයි develop කරලා තියෙන්නේ. ඉදිරියට Firefox browser එකට වගේම iPhone වලටත් App එක ලබා දෙන්න කටයුතු කරනවා. App එක පාවිච්චි කරන්නනම් Chrome browser එකට OpenIt extension එක install කරලා Google account එකෙන් Sign in වෙන්න ඕන. ඊට පස්සේ Android ෆෝන් එකට OpenIt app එක install කරලා Sign in වෙන්න ඕන. කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියන එක ගැන පොඩි අදහසක් ලබාගන්න පහත වීඩියෝව බලන්න.



ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න මෙතනින් පිවිසෙන්න.
ගූගල් ක්‍රෝම් extension එක මෙතනින් පිවිස ලබාගන්න.


Kamis, 25 Februari 2016

Introducing Wireless Charging Mouse Pad

රැහැන් රහිතව ආරෝපණය වෙන මවුස් එකක්.

අතීතයේ පැවති රැහැන් රහිත මවුස් උපාංග වල තිබූ දුර්වලතාවන් අතර සාපේක්ෂව රැහැන් සහිත මවුස් උපාංග වලට වඩා ප්‍රතිචාර කාලය අඩුවීම සහ කෙටි කාලයක් පවතින


බැටරි කාලය දැක්විය හැක. විශේෂයෙන්ම අතීතයේ තිබූ රැහැන් රහිත මවුස් උපාංග වියළි කෝෂ මගින් ක්‍රියාත්මක වූ අතර, නිරන්තර භාවිතයේදී ඉතා ඉක්මනින් බැටරි බැස යෑම ගැටළුවක් බවට පත්විණි. කෙසේ හෝ පරිගණක ආදාන හා ප්‍රතිදාන උපාංග නිෂ්පාදන තාක්ෂණය දියුණු වීමත් සමගින් මෙම ගැටළු දෙකම සාර්ථක අන්දමින් විසඳිණි.

සාමාන්‍යයෙන් දැනට පවතින රැහැන් රහිත මවුස් වල ප්‍රතිචාර කාලය වෙනසක් නොදැනෙන තරමට දියුණු වී තිබීම විශේෂත්වයකි. කෙසේ නමුත් බැටරි බලය සම්බන්ධ ගැටළුව තවමත් ඉතිරිව තිබේ. සාමාන්‍යයෙන් එදිනෙදා වැඩකටයුතු සඳහා භාවිත වන රැහැන් රහිත මවුස් උපාංගයක බැටරි එක් වරක් දැමූ පසුව වසරක් පමණ එක දිගට භාවිත කළ හැකි පරිද්දෙන් බැටරි ආයුකාලය දීර්ඝ වී ඇත. එනමුත් ගේමින් මවුසයක් සාමාන්‍ය මවුසයකට වඩා බලශක්තිය භාවිත කරමින් ක්‍රියාත්මක වන නිසා තවමත් වැඩි කාලයක් පවතින ලෙසින් බැටරි ආරෝපණය තබා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ. මේ නිසා මෙම ගැටළුවට පිළියමක් ලෙස හදුන්වා දෙන Logitech Power play මවුස් පෑඩ් උපාංග කට්ටලය වෙළෙඳ පොළට පැමිණෙන්නේ එම ගැටළුවට විසඳුමක් ලෙසිනි.

වීඩියෝ. 
මෙම උපාංගය බැලූ බැල්මට සාමාන්‍යය මවුස් පෑඩයක් ලෙසින් දිස්වන අතර, එය රැහැන් රහිත බැටරි ආරෝපණය කරනා දෘඩාංගයක්ද සමගින් සංයුක්තව පැමිණ තිබේ. මෙම උපාංගය භාවිත කිරීම මගින් ඔබට රැහැන් රහිත ගේමින් මවුසය භාවිත කරන අතරේදීම එය ආරෝපණය කරගැනීමට හැකියාව ලැබේ.

ඡායාරූප.



මෙය වඩාත් වැදගත් වන්නේ පරිගණක ක්‍රීඩා ලෝලීන් හට බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිරන්තරයෙන්ම මවුසය ආරෝපණය වෙමින් පවතින නිසාවෙන්, කිසිවිටෙකත් ක්‍රීඩා කරන අතරතුරදී බැටරි බැස නොයන බැවින් අපහසුතාවත් ඇතිවන්නනේ නැත. අඟල් 10.8 x 12.6 ක දිගින් හා පළලින් යුක්ත මෙම Logitech Power play මවුස් පෑඩය සාමාන්‍ය පරිශීලකයෙකුට මෙන්ම පරිගණක ක්‍රීඩා ලෝලියෙකු හටද මවුසය හැසිරවීමට ප්‍රමාණවත් අවකාශයක් ලබාදෙනු ඇත. මෙය මවුස් පෑඩයට ස්ථාපනය කොට ඇති විශේෂිතව සැකසූ විද්‍යුත් චුම්භක සම්ප්‍රයුත්ත පද්ධතියක් හා පැමිණෙන නිසාවෙන්, ඒහා ගැළපෙන ඕනෑම power core එකක් ඇති මවුස් උපාංගයක් හෝ ගැළපෙන Power pith එකක් ඇති වෙනයම් Logitech උපාංගයක් මවුස් පෑඩය මතට පැමිණි විට ස්වයංක්‍රීයව හඳුනාගනිමින් එය ආරෝපණය කිරීම සිදුවනු  ඇත. මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය වන නිසාවෙන්ම ඔබට බැටරිය ආරෝපණය කිරීම පිළිබද සිතීමට පවා අවශ්‍ය නොවේ.

එසේම මේ වනවිට මෙම Logitech Power play මවුස් පෑඩ් උපාංගය හා අනුකූල වන මවුස් උපාංග දෙකක් ලොජිටෙක් සමාගම මගින් නිෂ්පාදනය කොට ඇත. ඒ Logitech G903 සහ Logitech G703 යන මවුසයන් දෙවර්ගයයි.



මෙම උපාංගයේ මිල පිළිබද සැලකූ විට ඇමරිකන් ඩොලර් 100 පමණ වෙයි. මේ පිළිබද වැඩිවිස්තර හා ඇනවුම් කිරීමට අවශ්‍යනම් මෙතනින් ආයතනයේ වෙබ් අඩවිය වෙතට පිවිසෙන්න.

Data Recovery Software Complimentary Download

නැතිවුන ෆයිල් Recovery මෘදුකාංගයකින් ආපහු ගමු.

මොකද්ද මේ ෆයිල් රිකවර් කරනවා කියන්නේ. ඇයි ෆයිල් රිකවර් කරන්න ඕන වෙන්නේ? කොහොමද මේක කරන්නේ ? අපි හැමෝම දන්නවා අපි වින්ඩෝස් වලදී


ෆයිල් එකක් Delete කරලා දැම්මම ඒක යන්නේ Recycle Bin එකට මොකද අපිට වැරදිලාවත් ඒක ආපහු ගන්න ඕන උනොත් කියලා. නමුත් Shift + Delete කී දෙකම ප්‍රෙස් කරලා මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් කරොත් ඒක සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා යනවා Recycle Bin එකට යන්නේ නැහැ. නමුත් වැරදිලාවත් මේ ෆයිල් එක ඕන එකක් උනොත් ? නැත්නම් පස්සේ හරි ඕන උනොත් ? කරගන්න දෙයක් නැති වෙනවනේ. අන්න ඒ නිසා තමයි මේ Recovery මෘදුකාංග හදල තියෙන්නේ.

නමුත් මේ ගොල්ලෝ කොහොමද මේ ඩිලීට් වෙච්ච ෆයිල් ආපහු ගෙනත් දෙන්නේ ? ඇත්තම කියනවනම් අපි Shift +Delete ගහල ඩිලීට් කරාට මේ ෆයිල් ඒක ඔයාලගේ computer එකෙන් ඉවත් වන්නේ නැහැ. වෙන්නේ මෙහෙයුම් පද්දතියේ මේ ෆයිල් එකත් එක්ක ගොඩනගල තිබ්බ සම්බන්ධතාවය අහෝසි කරලා දාන ඒක. නමුත් ෆයිල් ඒක තියෙනවා. හිස් ඉඩකුත් පෙන්නනවා. ඔයාල පස්සේ මොනවහරි කොම්පියුටරේට දැම්මොත් ඔන්න අර ඩිලීට් කරපු ෆයිල් ඒක මකල දාල ඒ ඉඩ අරගෙන අර ඔයාල අලූ‍තින් ගෙනාපු ෆයිල් ටික දානවා. එතකොට තමයි අර ෆයිල් ඒක මැකෙන්නේ. ඉතින් මේ රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්නේ මෙන්න මේක තමයි.

එය කරන්නේ අර ඉතුරු වෙච්ච ෆයිල් ඒක අරගෙන අපිට දෙනවා. නමුත් ඒක උඩින් තව මොනවහරි ඔයාල දාල තිබුනොත් මෙවයිනුත් ආපහු ගන්න බැරිවෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා තමයි ඔයාල මාසෙකට විතර කලින් ඩිලීට් කරපු ෆයිල් එහෙම ආපහු ගන්න බැරි. අප හදුන්වාදෙන මෙම රිකවරි මෘදුකාංගයේ නම තමයි "රිකුවා". මෙතනින් පිවිස මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. Recuva නොමිලේ පරිශීලනය කරන්න පුළුවන් මෘදුකාංගයක්. මෙය බාවිතා කරන ආකාරය බලමු.
  • සොෆ්ට්වෙයා ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගෙන open කරහම මුලින්ම මෙන්න මෙහෙම එකක් එයි. මේකේ ඔය Do non Show this sorcerer On Start-up කියන ඒක උඩ ක්ලික් කරලා cancel බටන් ඒක ඔබන්න.
  • මුලින්ම ඔයාලට රිකවරි කරගන්න ඕන ෆයිල් ඒක තිබුන පාටිෂන් ඒක ඔය වම පැත්තේ උඩින් තියෙන දිග ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකෙන් තෝරාගන්න. ඊට පස්සේ ඔය ඊට මෙහායින් තියෙන scan බොත්තම ඔබන්න.
දැන් ඔන්න ඔයාලට පේනවා ඇති Search Results ලැබිල තියෙනවා. මේහැම එකකටම මෙහා පැත්තෙන් රතු, කහ හෝ කොළ පාට බෝලයක් තියෙනවා. සහ චෙක් බොක්ස් එකක්. මේ රතු පාටින් කියන්නේ ඒ ෆයිල් ඒක රිකවර් කරන්න බෑ. කියන ඒක. එහෙමත් නැත්නම් මේක රිකවර් කරත් වැඩ කරන එකක් නෑ කියන ඒක. කහ පාටින් කියන්නේ ෂුවර් නැති ෆයිල් මේවා රිකවර් කරන්න පුළුවන් වෙන්නත් පුලවන්. බැරිවෙන්නත් පුළුවන්. නැත්නම් රිකවර් කරහම වැඩ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. කොළ පාටින් කියන්නේ කිසිම අවුලක් නැතුව රිකවර් කරගන්නත් කිසි අවුලක් නැතුව වැඩත් කරන ෆයිල්.

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයාලට ඕන ෆයිල් වල Check Box උඩ ක්ලික් කරලා Select කරලා ඔය දකුණු පැත්තේ යට තියෙන රිකවර් කියන බොත්තම උඩ ක්ලික් කරන ඒක. එතකොට save කරන්න තැනක් අහයි. මේ වෙලාවේදී මේ ෆයිල් ඒක තිබුන තැනම දෙන්න එපා. වෙන තැනක දෙන්න.ඒ මොකද කියල කියන්න ඕන නෑනේ. Post ඒක මුල ඉඳල බැලූ‍වනම් එහෙම කිව්වේ ඇයි කියල තේරෙනවා. අපි හිතමු ඔයාල හෙව්ව ෆයිල් ඒක මේකේ Search Results වලට ආවේ නැහැ කියල. එහෙනම් ඔයාලට පුළුවන් ටිකක් වැඩි පුර හොයල බලන්න කියල මෙයාට කියන්න. ඒක කරන්නේ මෙහෙමයි. දකුණු පැත්තේ උඩ තියෙන මේ Options කියන බොත්තම ක්ලික් කරන්න.
  • එතකොට එයි පොඩි window එකක් එකේ තියෙන මේ Actions කියන ටැබ් ඒක උඩ click කරන්න.
  • එකේයට තියෙන මේ deep scan කියන තැන ටික් ඒක දාල ඕකේ කරන්න ඊට පස්සේ ආපහු ස්කෑන් පාරක් දාල බලන්න ටිකක් වෙලා යයි කලින්ට වැඩිය. නමුත් සමහර විට ෆයිල් ඒක අහුවෙන්න ඉඩ තියෙනවා. ඔන්න එහෙනම් Recovery කරලා අවසානයි. ☺

Technical Details

  • software Name : Recuva
  • File size : 4.02 Mb
  • Requirements : Windows All
  • License : Free
  • Publisher spider web site : www.piriform.com

Winx Hd Video Converter Deluxe - Best Video Converter

රු.9,000ක් පමණ වටිනා වීඩියෝ කන්වර්ටර් මෘදුකාංගයක් නොමිලේ.

ඔයාලා දන්නවානේ අලුත් වෙබ් අඩවිය මගින් සල්ලි දීලා මිලදී ගතයුතු වටිනා මෘදුකාංග Giveaway අවස්ථාවන් මගින් ඔබට නොමිලේ ලබාදෙනවා. 


මේ එලෙස ලබාදෙන විඩීයෝ කන්වර්ටර් මෘදුකාංගයකි. සාමාන්‍යයෙන් අප එදිනෙදා පරිගණකය පරිශීලනය කිරීමේදී වීඩියෝ ෆයිල් සුලබ දසුනක්. ඉතින් එම වීඩියෝ ෆයිල් ස්මාර්ට් ෆෝන් එකට දාගන්න, වීඩියෝව සංස්කරණ කටයුතු කිරීමට කන්වර්ටර් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. අන්තර්ජාලය මගින් අපට වීඩියෝ කන්වර්ටර් සුලබව ලබාගත හැකි වුවත් මෙම මෘදුකාංගය නොමිලේ ලබාදෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ නොමිලේ ලබාදෙන විශේෂ අවස්ථාවේ ඩවුන්ලෝඩ් කරලා තියාගත්තත් පාඩු නෑ.

 ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ටරයක් බාවිතා කරනවා වන්නට පුළුවන්. නමුත් මෙම 
WinX hard disk Video Converter Deluxe මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා බලන්න ඔබට ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව වීඩියෝ කන්වර්ට් කටයුතු කරගන්න පුළුවන්. දැනට ඇති සුපිරිම වීඩියෝ කොලටිය ඇති 1080p multi-track high Definition videos ද සහාය දක්වනවා. අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරන Digiarty සමාගම අවුරුදු 11ක් පිරීම නිමිත්තෙනුයි මෙම මෘදුකාංගය නොමිලේ ලබාදීමට කටයුතු කරලා තිබෙන්නේ.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

ඒ වගේම මෙම මෘදුකාංගය පරිශීලකයාට පහසුවෙන් වීඩියෝ කන්වර්ට් කරගන්න පුලූවන් user friendly පෙනුමක් තිබෙනවා. Giveaway යටතේ නොමිලේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක සඳහා මෙතනින් පිවිස බාගතකරගන්න. මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා මෙතනින් පිවිස බාගන්න.

නිල වෙබ් පිටුවෙන් බාගන්න මෙතනින් පිවිසෙන්න. මෙම මෘදුකාංගය මගින් යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට හැකිවීම අමතර වාසියකි.


Technical Details

  • Software Name : WinX hard disk Video Converter Deluxe
  • Requirements : Windows & Mac
  • License : Free & Paid
  • Developer website : www.winxdvd.com

Rabu, 24 Februari 2016

Spider Schoolhouse Administrator

පාසලක ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ ඩේටා බේස් එකක් හදමු.

මෙය ඕනෑම පාසල් පද්ධතියක් සඳහා භාවිතා කල හැකි වටිනා මෘදුකාංගයකි. පාසලක සිසුන්ගේ හා ගුරුවරුන්ගේ අඩංගු දත්ත පාදකයක්

සහිත මෙම මෘදුකාංගය පාසලක පවතින දත්ත විදිමත්ව සැකසීමට ඉවහල් වෙනවා. සාමාන්‍යයෙන් ලොග් පොත් වල තමයි ළමුන්ගේ ඇතුලත්වීම් අංක, ඇතුලත්වීම් දිනය සහිත විස්තර සදහන් වන්නේ. නමුත් අද කාලේ දියුණුවෙන තාක්ෂණයත් සමග ආරක්ෂිතව මෙම දත්ත පවත්වාගෙන යන්න ලංකාවේ අපේ මෘදුකාංගයක් නිර්මාණයකර තිබෙනවා. මෙහි නම තමයි Spider "School Administrator". මෙහි විශේෂත්වය තමයි මෘදුකාංගය සඳහා log වීමට Username හා Password මඟින් දත්ත වලට ආරක්ශාවක් ලබාදීම. ඒ වගේම බාවිතා කරන්නාගේ පහසුව සඳහා animation මඟින් ආකර්ශණීය Graphical User Interface එකක් ලබාදීලා තියෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට්.




මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : School Administrator
  • File size : 1.08MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.spidercraftcoop.tk

Introducing Lenovo Thinkstation P320 Desktop Pc

Lenovo සමාගමෙන් සුපිරි ඩෙස්ක්ටොප් පරිගණකයක්.

Workstation පරිගණක යනුවෙන් සැලකෙන්නේ සාමාන්‍යයෙන් පුද්ගල පරිගණක වලට වඩා වැඩි බලයක් සහිත, වඩාත් වෘත්තිමය වැඩකටයුතු සඳහා යොදාගත හැකි


පරිගණක යැයි කිව හැක. අතීතයේ පැවති වර්ක්ස්ටේෂන් පරිගණක පිළිබද කතාකිරීමේදී ප්‍රබල කාර්යක්ෂමතාවත් තිබුනද ඒවා ප්‍රමාණයෙන් විශාල වුණි. කෙසේ නමුත් අද වන විට මෙම පරිගණක හුරුබුහුටි නිමාවකින් යුක්තව නිර්මාණය කිරීමට පරිගණක නිෂ්පාදකයින් මහත් පරිශ්‍රමයක් දරයි. හඳුන්වා දෙන Lenovo ThinkStation P320 Tiny යනු එම උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස හදුන්වාදිය හැක. වර්තමානයේ දක්නට ඇති සාමාන්‍යය ඩෙක්ස්ටොප් පුද්ගල පරිගණකයකටත් වඩා ප්‍රමාණයෙන් අතිශයින්ම කුඩා මෙම වක්ස්ටේෂන් පරිගණකය Lenovo සමාගම විසින් හඳුන්වන්නේ ISV සහතිකය ලබා ඇති ලොව කුඩාම වර්ක්ස්ටේෂන් පරිගණකය ලෙසිනි.


වෘත්තිය ක්‍රියාකාරකම් සඳහාම විශේෂිතව සකස් කර ඇති මෙම Lenovo ThinkStation P320 Tiny සංයුක්ත ඩෙක්ස්ටොප් පරිගණකය ඔබට සාමාන්‍ය ඩෙක්ස්ටොප් ටවර් පරිගණකයක් සේම උස අතට මේසය මත පිහිටුවීමට නැතිනම් තිරස් අතට පිහිටුවීමට හැකියාව තිබෙනා අතර මෙහි ප්‍රමාණය සලකා බලන විට ඔබට වැඩ කරන්නට සිදුවන්නේ කෙතරම් කුඩා ඉඩක වුවත් මෙම පරිගණකය එතැනට වඩාත් ගැළපෙනු ඇත.


මෙම පරිගණකයේ ප්‍රමාණයන් සැලකූ විට උසින්, ගැඹුරින් හා පළලින් අඟල් 7.1 X 7.1 X 1.4 ක ප්‍රමාණයක් වෙයි. එසේම රාත්තල් 2.9 කට නොවැඩි බරක් ඇති මෙය ඔබ භාවිත කරනා මොනිටරය පසුපස කුඩා ඉඩක වුවත් සම්පූර්ණයෙන්ම සැඟවීමට වුවත් හැකියාව ඇත.මෙහි 7th Generation Intel Core i7-7700T vPro ප්‍රොසෙසරයක් සහ  NVIDIA Quadro P600 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් තිබෙනා අතර DDR4 රැම් මතකය ගිගාබයිට් 32 දක්වා ඉහළ අගයක් දක්වා ඉහළ දැමීමට හැකියාව තිබේ. එමෙන්ම මෙහි ටෙරාබයිට් 2 ක් දක්වා වූ සමස්ත මතක ධාරිතාවක් ලබාදෙන සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් (SSD) දෙකක් ස්ථාපනය කර ඇත.

මීට අමතරව මෙහි Dual Band Wireless ac 8265 වයි-ෆයි සහ Bluetooth 4.1 රැහැන් රහිත සම්බන්ධතාවයන් තිබේ. Windows 10 Pro (64 bit)දක්වා වූ මෙහෙයුම් පද්ධතීන් සමගින් මෙය මනාව ක්‍රියාත්මක වනු ඇත.තවද පසුපස Security lock ස්ලොට් එකක්, Ethernet පෝට් එකක්, Wi-Fi antenna ස්ලොට් එකක්, විදුලි බල ඇඩැප්ටරය සම්බන්ධ කෙරෙනා ස්ලොට් එක සහ තවත් USB 3.0 පෝට් තුනක් තිබේ. වැඩි විස්තර දැනගන්න මෙතනින් ආයතනයේ වෙබ් අඩවියට පිවිසෙන්න.

හදුන්වාදෙන නිල වීඩියෝව.