![VidCutter - Trimming Video software VidCutter - Trimming Video software](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTeyNC1WvugTmyu9f8tEagSscB9kHDzWCuLeCokx-CuIwA1WCGrZYJvEDFax9fugwkpvlP65Bw54ZN0SpYQ_5n4eleOwYNIWjhGbQBMcdMBy-UZoDdnIKyIxU4dflb5s_JnImHPrjeNCc/s1600/VidCutter+trimming+your+videos+www.aluth.com.png)
ඔබගේ පරිගණකයේ ඇති ෆිල්ම්, වීඩියෝ වල අනවශ්‍ය කොටස් පහසුවෙන් ඉවත් කළ හැකි සරල අතුරු මුහුණතක් සහිත
පහසුවෙන් පරිශීලනය කලහැකි මෘදුකාංගයක් ලෙස VidCutter මෘදුකාංගය හදුන්වාදිය හැක. ඔබ මෙයට වීඩියෝ එකක් ඇඩ් කළ පසු පහළින් ඇති clip start බටන් එක ක්ලික් කරගන්න. ඉන්පසු clip destination බටන් එක ක්ලික් කිරීම මගින් ඔබට ඉවත් කිරීමට අවශ්‍ය වීඩියෝ කොටස පහසුවෙන් Select කරගන්න පුළුවන්. එමෙන්ම එසේ ඔබ සකසාගත් වීඩියෝව ඔබට AVI, MP4, MPEG 1/2, WMV, MP3, MOV, 3GP, FLV ආකාරයෙන් save කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ දෙකක් එකට Join කරගැනීමටත් මෙම මෘදුකාංගය යොදාගන්න පුළුවන්.
බලන්න තිරඡායාරූපයක්.
මෙම මෘදුකාංගය 100% නොමිලයේ ලබාදෙන්නකි. එමෙන්ම වෙනත් මාදුකාංග වල වගේ Ram එක, CPU එක වැඩිපුර භාවිතා වෙන්නේත් නෑ. මෘදුකාංගය බාගත කරගැනිමට මෙතනින් පිවිසෙන්න.
Technical Details
- Software Name : VidCutter
- Requirements : Windows All / Mac
- License : Free
- Developer : Pete Alexandrou
Add your comment