Selasa, 23 Juni 2015

Android Ransomware Assault Inwards Sri Lanka.

Android උපාංග වලට Rnsomware වයිරස් එකක් පැමිණෙයි.

මේ Ransomeware එකේ නම DoubleLocker. මේකෙ නම වගේම තමයි වැඩෙත්. Android Device එක දෙපාරක් ලොක් වෙනවා.

මේක අළුතෙන්ම පැතිරෙන Ransomeware එකක් කියලයි ආරංචි වෙන්නෙ. හැබැයි Wanncry වගේ මේකෙදි files encrypt වෙන්නෙ නෑ. ඒ වෙනුවට මේකෙදි වෙන්නෙ Screen Lock එකේ pin අංකය මාරු වීමයි. මේ කියන DoubleLocker Ransomeware එක Android සදහා නිපදවා ඇති පළමු හානිදායක Ransomware එකයි. Online Banking, Android දුරකථන ඔස්සේ සිදුකරන අයටත් මේකෙන් බාධා සිදු වෙනවා. ඉතාමත් හානිදායක වයිරස් එකක්  බවයි පර්යේෂකයන් පවසන්නේ.


"Given its banking malware roots, DoubleLocker may good last turned into what could last called ransom-bankers," said Lukáš Štefanko, the malware researcher at ESET. 
ESET ආයතනයේ Malware Researcher කෙනෙකු වන ලූකස් ස්ටෙෆැන්කො මහතා පවසන්නේ බැංකු කරදරකාරී Ransomware සැලකිල්ලට ගත්විට DoubleLocker කප්පම් බැංකුකරුවන් (Ransome-Bankers) ලෙස නම් කල හැකි බවයි.
"Two-stage malware that start out tries to wipe your banking concern or PayPal trouble organization human relationship in addition to afterward locks your device in addition to information to asking a ransom."
එමෙන්ම මෙම DoubleLocker අනාගතයේදී මුදල් කප්පම් පමණක් නොව Bank ගිණුම් සහ PayPal account වලට ලොග් වී, Device ලොක් කර ඒවා නැවත Unpin කරගැනීමට කප්පම් ඉල්ලිය හැකි බවයි. තවද පර්යේෂකයන් විශ්වාස කරනුයේ මෙම Ransomeware මෘදුකාංගය මුදල් කප්පම් ගැනීම හැර බැංකු තොරතුරු සොරකම් කිරීමට යාවත්කාලීන කිරීමේ හැකියාවක් ඇති බවයි. මෙය මෙම වසරේ (2017) මැයි මාසයේ පළමු වතාවට දක්නට ලැබුනේ ව්‍යාජ වෙබ් අඩවි හරහා Adobe Flash යාවත්කාලීන කිරීමක් ලෙසයි.

ඒ නිසා අලුතෙන් පැමිණෙන ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමට පෙර එහි ඇති Review කියවා බලා install කිරීම ආරක්ෂිතයි. Play Store එකෙන් බැහැරව ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේදී බොහෝ විට මෙම වයිරසය ඇතුළු විය හැකි බව අන්තර්ජාලය තුල සඳහන් වෙනවා.


හිරු News තුලින් මේ පිළිබඳව දැනුවත්කල වීඩියෝව බලන්න.


Post past times : Thiwanga Sandaruwan

Senin, 22 Juni 2015

Inside Apple Tree Iphone Factories Labour Case.

චීනයේ තාක්ෂණික සමාගමේ සේවකයින්හට අත්ව ඇති ඉරණම.

අපි අද පාවිච්චි කරන නවීන ස්මාට් ජංගම දුරකථන, අයි ෆෝන්, අයි පෑඩ් හරිම ආකර්ශණීය වුණාට ඒවා නිපදවන මිනිසුන්ගේ කතාව නම් ඒ තරම් ලස්සන නෑ.

මේ පුංචි තැනක රස්සාවක් එහෙම නෙවෙයි. චීනයෙ මහ විශාල කම්හලක රස්සාවක්. උදේ 8.10 ට කම්හලේ සේරම සේවකයො එක තැනකට එන්න ඕන. මේ අවුරුදු දහ අටට අඩු අය, ගැබිණි මාතාවන්, පාසල් ගාස්තු හොයාගන්න ටික කාලයක් පාසලෙන් අයින් වෙලා වැඩට එන ලාබාල තරුණ දරුවෝ පවා මේ සේවක එකතුවේ ඉන්නවා. අටයි දහයට එක තැනකට එකතු වුණ මේ සේවකයො “වැඩ වල උසස් තත්වය පවත්වගෙන යන බව, මහන්සි වෙලා වැඩ කරන බව, එකමුතුව වැඩ කරන බව“ වගේ තවත් ආදර්ශ පාඨ හඩ නගලා කියමින් දිවුරුම් දෙන්න ඕන. උදේම තියෙන ඒ “උදය රැස්වීමෙ“ කාලය විනාඩි විස්සක්. ඒ විනාඩි විස්සට වැටුප් ලැබෙන්නෙ නෑ. 8.30 ට හරියට වැඩ පටන් ගන්නවා.

දවසේ වැඩ කරන පැය ගාණ පැය දොලහක්. ඒ පැය දොලහට කෑම වෙලාවක් තේ වෙලාවක් තියෙනවා. විනාඩි අනූවක්. කෑම කන්නෙ කෑම කන ශාලාවෙ ඉදන් විතරයි. වැඩ කරන වෙලාවේ කතා කරන්න බෑ. ඉදගෙන ඉන්න තැනින් නැගිටින්න බෑ. වැඩ කරන තැන වතුර බෝතලයක්වත් තියා ගන්න බෑ. ජංගම දුරකථන පාවිච්චියත් තහනම්. වැසිකිලියට යන්න, වතුර බොන්න යන්න වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන. එක වතාවකට එක්කෙනයි. දෙන්නෙකුට එක වෙලාවක මේ අවශ්‍යතා ඇති වෙන්නත් බෑ. කරන්න තියෙන වැඬේ තමයි අයි ෆෝන්, අයි පෑඞ් වල පසුපස කවරය ඇමුණුම් කරන එක. එක්කෙනෙක් දවසකට අයි ෆෝන් 600 ක කවර අමුනන්න ඕන.


කවුරු හරි කතා කරනව ඇහුනොත්, කවුරු හරි තමන් ඉන්න තැන ටිකක් හරි අපිරිසිදු කරල තිබුනොත්, ඒ මුලු ශාලාවෙම ඉන්න සේවකයින්ට දඩුවම් විදින්න සිද්ද වෙනවා. දඩුවම තමයි කිසිම ගෙවීමක් නැතිව පැයක් අතිකාල සේවය කරන්න සිද්ධ වෙන එක. වැඩ බිමේදී අමුත්තන් මුණ ගැහීම තහනම්. ඕපාදූප කතා කිරීම තහනම්. ලැබෙන පඩිය ගැන කාත් එක්කවත් කතා කිරීමත් තහනම්. දුම්බීමත් තහනම්. පත්තර අත්පත්‍රිකා හුවමාරු කරගැනීමත් තහනම්. වැඩ වර්ජන උද්ගෝෂණ සපුරා තහනම්. රෑ 8.30 ට වැඩ ඉවර වෙනවා. ඊට පස්සේ හැන්දෑවේ රැස්වීම. ඒ රැස්වීම නවය වෙනකල් තියනවා. ඊට පස්සේ පැයක දෙකක අතිකාල වැඩ. ලැබෙන පඩියෙ හැටියට අතිකාල වැඩ නොකර යන්තම් කාල ඇදල ඉන්නත් බැරි තරම්. සතියකට වතාවක් ඇපල් සමාගමේ වැඩ පරික්ෂක වරුන්ට යවන්න අතිකාල වාර්තාවක් අත්සන් කරලා දෙන්නත් ඕන. ඒ වාර්තාවේ තියෙන්නෙ නම් අතිකාල පැය 10 ක්. ඒත් අතිකාල වැඩ කරන්න සිද්ද වෙන පැය ගණන නම් සතියකට පැය විස්සකටත් වැඩියි. අතිකාල වැඩත් ඉවර වෙලා නවාතැනට යන්න පුලුවන් රෑ 11.00 ට විතර.

නවාතැන් පහසුකම් නම් ආයතනයෙන්ම දෙනවා. ඒ නවාතැනක එක කාමරේ එකොලොස් දෙනෙක්. එක වැසිකිලිය, එක නානකාමරය සිය ගණනක් පාවිච්චි කරනවා. නවාතැනේත් නීති රීති තියනවා. සුරතල් සතුන් ඇති කිරීම තහනම්. මත්පැන් පාවිච්චිය තහනම්. සදලුතල වල සිටගෙන සිටීම තහනම්. කාමර හෝ ඇදවල් මාරු කරගැනීම තහනම්. මේ චීනයේ විශාලතම අයි ෆෝන් නිපදවෙන කම්හලක සේවකයෙකුගෙ දින චරියාව. මේ විස්තරය සකස් කරල තියෙන්නෙ China Labor Watch කියන රාජ්‍ය නොවන සංවිධානය කරපු අධ්‍යයනයකින්. මේ අධ්‍යයනයට China Labor Watch කරුණු එකතු කරගත්තෙ Microsoft, Dell, Hp සහ Apple කියන ප්‍රකට සමාගම් වලට අයි ෆෝන් නිපදවන චීනයේ ප්‍රකට කර්මාන්තශාලා තුනකින්.


 අපි අද පාවිච්චි කරන නවීනතම අයි ෆෝන්, අයි පෑඩ් ඇමරිකානු සමාගම් වල නිර්මාණ වුණත් ඒවා නිශ්පාදනය කෙරෙන්නේ චීන කර්මාන්තශාලා වල. අයි ෆෝන් ජංගම දුරකථන කොටස් නිශ්පාදනය සහ එකලස් කිරීම තමයි මේ කර්මාන්ත ශාලා වල සිද්ධ වෙන්නෙ. මේ කර්මාන්ත ශාලා වල සේවයට එන්නෙ චීනයේ දුප්පත්ම ගම්මාන වලින් රස්සා හොයාගෙන එන රැකියා නැති තරුණ තරුණියෝ. මේ කර්මාන්ත ශාලා වල ඒ සේවකයින්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ හරිම දුෂ්කරතා මැද. ජීවත් වෙන්න කොහෙත්ම සෑහෙන්නෙ නැති තරම් අඩු පඩියකට. ඒ අයගෙ මාසික වැටුප ගොඩක් වෙලාවට මාසයකට ඩොලර් 250ක් විතර ඇති. හැබැයි සතියකට දවස් හයක්, දවසකට පැය දොලහක් එක හුස්මට වැඩ. මේ මුදලට වඩා කීයක් හරි අමතර ගානක් උපයා ගන්න මේ සේවකයෝ තවත් පැය කීපයක්වත් අතිකාල සේවයත් කරනවා. ඒ කියන්නෙ දවසකට පැය පහලවක් විතර මේ සේවකයෝ වැඩ. 

චීනයේ කම්කරු නීති උල්ලංඝනය කරමින් මේ කම්හල් වල බාලවයස්කාර සේවකයිනුත්, ගැබිණි මව්වරුත් බොහොම වෙහෙසකාරී විදිහට අතිකාල සේවයේ යොදවනවා කියලත් China Labor Watch සදහන් කරනවා. ඒත් මේ එක කම්හලක සේවකයින් ලක්ෂයකට වැඩි පිරිසක්වත් සේවය කරන බව තමයි වාර්තා වෙන්නේ. මේ සේවකයින්ට නවාතැන් පහසුකම් දෙන්නෙත් ඒ ආයතන වලින්මයි. ඒ නවාතැන් වල තත්වයත් කොහෙත්ම සතුටුදායක නැහැ. සේවකයින් දහස් ගණනක් නවාතැන් ගන්න මේ නවාතැන් වල එක කාමරයක අට දෙනෙක් දොලොස් දෙනෙක් නිදාගන්නවා. පෞද්ගලිකත්වය රැකෙන නානකාමරයක් වැසිකිලියක් නෑ. ඒවාත් පොදු ස්ථාන. එක වතාවකට විසි දෙනෙක්වත් එකට නාගන්න, ශරීර කෘත්‍යය කරගන්න ඕන. තත්වය එහෙම වුණත් මේ නවාතැන් පහසුකම වෙනුවෙනුත් ඔවුන්ට ලැබෙන පඩිපතෙන් ඩොලර් දාසයක් අය කරගැනෙනවා.


මෙහෙම දුෂ්කරතාවන් විදගෙන කරන රැකියාව වුණත් ස්ථිර නැහැ. අයි ෆෝන් වලට ඉල්ලුම අඩු කාලයට මේ කම්හල් සේවකයින්ගෙ රැකියා අවදානමේ. ඒත් අයි ෆෝන් වලට, ටැබ් වලට ඉල්ලුම වැඩි වෙන කාලයට චීනයේ පතල් කම්කරුවන්ව පවා මේ කම්හල් වල දුෂ්කර සේවයට ගෙන්නා ගැනෙන බව Wall Street Journal ඉදිරිපත් කරන නව වාර්තාවේ සදහන් වෙනවා. දුප්පත්කම නිසා කොහොම හරි මේ රැකියාව කරන්නත් සිද්ධ වෙන, ඒත් රැකියාවේ තියෙන වෙහෙසත් මානසික පීඩනයත් දරාගන්න බැරි සමහර සේවකයින් සිය දිවි නසාගන්නත් පෙළඹෙනවා. පහුගිය කාලෙ Foxconn කර්මාන්ත ශාලාවත් විශාල ආන්දෝලනයකට ලක් වුණේ ඒ ආයතනයේ සේවකයින්ගේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව වේගයෙන් ඉහල ගිය නිසා. පීඩනය දරාගන්න බැරි තරම් නිසා සේවකයින් ආයතනයෙ ඉහල මහල් වලින් බිමට පැනලා සිය දිවි නසාගන්න පටන් ගත්තා. මේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහල යන්න පටන් ගත්තාම කර්මාන්ත ශාලාවෙ පරිපාලනය කළේ සේවකයින්ට සියදිවි නසාගන්න බිමට පනින්න බැරි වෙන විදිහට කර්මාන්ත ශාලාවෙ කවුළු වලට යකඩ කම්බි වලින් ආවරණය කරපු එක.



කොහොම වුණත් මේ Foxconn ආයතනය සේවකයින් මිලියනයකට විතර රැකියාව සපයපු තැනක්. මිලියන හයක විතර ජනතාවක් ඉන්න ෂොන්ග්ෂොවු නගරයේ මැද්දෙ තියෙන මේ අතිවිශාල අයි ෆෝන් කර්මාන්ත ශාලාවෙ ඒ පලාතෙ ඉන්න දුප්පත්ම මිනිස්සු මිලියනයකට විතර රස්සාව කරනවා. මේ නිසාම ෂොන්ග්ෂොවු වලට “අයි ෆෝන් නගරය“ කියලත් කියනව. මේ අයි ෆෝන් නගරයෙ දවසකට අයි ෆෝන් ලක්ෂ පහක් (500,000) නිපදවෙනවා කියලයි කියන්නෙ. Foxconn,Pegatron වගේ මහාපරිමාණ අයි ෆෝන් නිශ්පාදන කර්මාන්ත ශාලා ගොඩක් චීනයේ තියෙනවා. ඒ කර්මාන්ත ශාලා වල සේවකයින්ගෙ ජීවිත වල නම් ලොකු වෙනසක් නෑ. දවසකට අයි ෆෝන් සිය ගණනක් හැදුවත්, තමන්ටම කියලා අයි ෆෝන් එකක් මිලදී ගැනීම නම් මේ කම්හල් සේවකයින්ට ජීවිතය පුරාම හැබෑ කරගන්න බැරි හීනයක්. ඒ තරම්ම ඔවුන්ගේ ජීවිත දුක්බරයි. ඒ මිනිසුන්ගේ මහන්සිය, දුක, වේදනාව, පීඩනය ඔබේ අතේ ඔය තියෙන වටිනා අයි ෆෝන් එකෙත් ඇති.

🖊 Post yesteryear Nimmi Muditha Herath.
Divaina News Paper.

Wonderfox - Halloween Software Carnival

හැලෝවීන් වෙනුවෙන් WonderFox මෘදුකාංග 9ක් නොමිලේ.

හැලෝවීන් කියන්නේ දුශ්ඨ ආත්ම පලවා හැරීම උදෙසා බටහිර ජාතීන් විසින් පවත්වන උත්සයක්. නමුත් දැන් ඒක විලසිතාවක් වෙලා අපේ රටවලටත් ඇවිත්.


අන්තර්ජාලය පුරාවට හැලෝවීන් (Halloween) වෙනුවෙන් හැඩගැහෙනවා. වොන්ඩර්ෆොක්ස් කියන්නේ අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන ආයතනයක්. ඉතින් මේ අය මුදලට ලබාදෙන මෘදුකාංග 9 ක් නොමිලේ බාවිතා කරන්න Giveaway අවස්ථාවක් ලබාදෙනවා.


DVD Ripper


ලබන නොවැම්බර් 5 දින දක්වා මෙම Halloween Promotion එක ලබාදෙනවා. මෙතනින් පිවිස මෘදුකාංග බාගන්න.

Iotransfer - Stimulate For Halloween

අයිෆෝන් සඳහා IOTransfer Pro මෘදුකාංගය.

මෙම මෘදුකාංගය ප්‍රයෝජනවත් වන්නේ ඇපල් උපාංග බාවිතා කරන අයටයි. අපි කලින් ලිපියකින් මේ මෘදුකාංගය ඔයාලට හදුන්වාදීලා තිබෙනවා.

ප්‍රධාන වශයෙන් අයිෆෝන්, ටැබ් සහ අයිපොඩ් වලට පරිගණකයේ සිට ෆයිල් දාන්න සහ ඇතුලත් දත්ත පරිගණකයට copy කරගන්න පුළුවන් පහසු මෘදුකාංගයක්. මෙහි Pro සංස්කරණය මිලදී ගතයුතුවන නමුත් Halloween season එක නිසා මෘදුකාංගය නිපදවන ඩිවලොපර්වරු මෙය 50% Discount 
එකක් අප වෙබ් අඩවිය හරහා ලබාදීමක් සිදුකරනවා.

අලුතෙන් පැමිණි iOS 11 සහිත ඇපල් උපාංග සඳහාද මෙය සහාය දක්වයි. ඉක්මනින් පරිගණකයේ ඇති Mp3, Video ගීත අයිෆෝන් එකට දාගන්න, PDF පොත් Tab එකට දාගන්න, අයිෆෝන් එකෙන් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පරිගණකයට copy කරගන්න මේ IOTransfer උපකාරී වෙනවා. ඇපල් සමාගමේ මේ කාර්‍යය සිදුකරගන්න iTunes මෘදුකාංගය තිබුණත් ඒක බාවිතා කරන්න තරමක් අපහසුයි. User Friendly නෑ. ඉතින් මේ IOTransfer මෘදුකාංගය ඒ සඳහා හොද ආදේශ මෘදුකාංගයක්.

බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.





මෙතනින් පිවිස IOTransfer Pro සංස්කරණය Halloween පිටුවෙන් බාගන්න පුළුවන්. මෙම 50% Discount එක ලබාගත හැකි වන්නේ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම follow කිරීමෙනි.


Technical Details

  • Software Name : IOTransfer
  • Size : 3.7MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.iotransfer.net

Winx Dvd Re-Create Pro - Halloween Giveaway

DVD Copy Pro මෘදුකාංගය නොමිලේ.

Halloween season එක නිසා අන්තර්ජාතික මේ වශයෙන් මෘදුකාංග නිපදවන අය ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා මුදලට ලබාදෙන මෘදුකාංග නොමිලේ ලබාදෙනවා.


මෙම මෘදුකාංගය ඕනෑම DVD තැටියක් පරිගණකයට Copy කරගන්න නිර්මාණයකල මෘදුකාංගයක්. ඔයාලා දන්නවා ඇති සමහර Original DVD තැටි පැමිණෙන්නේ පරිගණකයට හෝ වෙනත් DVD තැටියකට කොපි කරගන්න නොහැකි ආකාරයට. නමුත් මේ මෘදුකාංගයෙන් අපිට ලේසියෙන්ම පරිගණකයට copy එකක් දාගන්න පුළුවන්. DVD තැටි write කරන්නත් ISO ෆයිල් Mount කරන්නත් පුළුවන්.

බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.




මෙය අවු. 10 ක අත්දැකීම් සහිත අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවන Digiarty Software ආයතනයේ නිර්මාණයකි. සාමාන්‍යයෙන් මේ මෘදුකාංගය $40 (රු.6000) ක් පමණ වෙනවා. Halloween Season එක නිසා නොමිලේ ලබාදෙනවා. මෙතනින් පිවිස ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී මෘදුකාංගය ලබාගන්න. ඊමේල් එකට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකයි License Code එකයි එවනවා. නොවැම්බර් 3 වෙනි දින දක්වා මෙය වලංගු වෙනවා.

Build A Budget Pc

අඩු මුදලට ගේමින් PC එකක් හදාගමු.

අඩුගානකට Gaming PC එකක් හදාගන්න කැමති අය ඇතිනේ. ඒවගේම ගේම්ස් වලට ගොඩක් සල්ලි වියදම් කරන්න අමාරු ඒත් අලුත් ගේම්ස් Play කරන්න කැමති අය ඉන්නවනේ.


මේ කියන parts දාල PC එක හැදුවොත් අලුත් ගේම්ස් Low setting,  Medium Setting ඇතැම්විට High Setting උනත් පුලුවන්. (1366 x 768 වැනි resolution) ලගදි PC එක පොඩ්ඩක් upgrade කරන්න ඉන්න අයටත් මේක වැදගත් වෙයි.

මුලින්ම බලමු power supply එක ගැන.
                  මුලු pc එකටම power එක දෙන්නෙ මේකෙන්නෙ ඉතින් මේ power supply එකට අපේ pc එක power එක ඉල්ලන තරම් දෙන්න තරම් හැකියාවක් තියෙන්න ඕනෙ. අඩුම 400w ability supply එකක් pc එකට තියෙන්න ඕනෙ. ඒත් ඔයාලට 500w ability supply එකක් ගන්න පුලුවන් නම් ඒක ගොඩක් හොදයි. මොකද gaming වලට හොද vga card එකක් පාවිච්චි කරනකොට ඒවට වෙනම external power එකක් දෙන්න ඕනෙ. Computer Shop වල 450w එකක් රුපියල් 900/= කට වගේ ගන්න පුලුවන්, 500w එකක් රුපියල් 1400/= කට වගේ ගන්න පුලුවන්. මේ කියන්නෙ used ඒව ගැන. 500w ability එකකින් අපිට කිසි අවුලක් නැතුව PC එකට කරන්ට් එක දෙන්න පුලුවන්.

දෙවෙනියට බලන්න ඕනෙ Motherboard එක ගැන.
             ඔයාලට CPU Z කියන software එක පාවිච්චි කරල pc එකේ board එක processor එක ram ගැන වගේම vga එක ගැනත් විස්තර බලාගන්න පුලුවන්. ඔයාල ලග G31 හරි G41 වගේ Motherboard එකක් තියෙනව නම් අලුත් Bord එකක් ගන්න ඕනෙ වෙන්නෙ නෑ. නමුත් ඊට වඩා පරණ motherboard එකක් නම් තියෙන්නෙ ඔයාලට අලුත් motherboard එකක් ගන්න වෙනවා. මොකද ඒ පරණ Board Pentium 4, DDR1 Ram වගේ වෙන හින්දා. අනික ඒ Board වල PCI Express Slot නැතුව AGP වගේ Slot තමා බොහෝවිට තියෙන්නෙ. ඉතින් කොහොමත් G31, G41 වගේ Board එහෙකට යන්න වෙනවා. ඒ Board වල DDR2 or DDR3 Ram Support කරනවා. G31 Board එකක් රුපියල් 3500/= ක් වගේ වෙන්නෙ. G41 ඊට වඩා පොඩ්ඩක් වැඩියි.


දැන් බලමු Ram කාඩ් මිලදී ගන්න විදිය.



                  Ram ගන්නකොට DDR2 විතරක් තියෙන Motherboard එකක් නම් තියෙන්නෙ DDR2 2GB  Ram x 2 ක් ගන්න. එතකොට 4GB Ram තියෙනවා. ගත්ත Board එකට DDR2 සහ DDR3 දෙකම support නම් ඔයාල DDR3 4GB එක Ram එකක් හරි 4GB ram දෙකකක් හරි ගහන්න. නැත්තන් මුලින් එක 4GB Ram එකක් ගහල පස්සෙ තව 4GB එකක් ගහන්න. DDR2 2GB  Ram එකක් රුපියල් 2500 ක් වගේ වෙන්නෙ. DDR3 4Gb Ram එකක් රුපියල් 4000 ක් හරි ඊට වඩා පොඩ්ඩක් වැඩිවෙයි.


ප්‍රොසෙසර් එකක් ගන්න බලන්න ඕනේ දේවල්.



                  Processor එකක් ගන්නකොට අඩුම Core two duo E8600 වගේ processor එකක් ගන්න. G31, G41 වගේ Board එකක් නම් ගත්තෙ ඔයාලට පුලුවන් Core two Quad Processor එහෙකට යන්න. Core two Quad Q9650 එක i3 sec Gen Processor එහෙකට වැඩිය හොදයි. i3 එකේ single core power උනාට ඒකෙ core 2 යි තියෙන්නෙ. Core two Quad එකේ Single Core එක i3 single core ට වඩා Power මදි උනාට Core 4 ක් එකතුවෙන නිසා Power එක වැඩි වෙනවා. Core two duo Processor එකක් රු.3,000 ක් වගේ වෙයි, පොඩ්ඩක් වැඩිත් ඇති. Core two Quad එකක් රු.4,800 ක් වගේ වෙන්නේ.


Graphics Card එක තමා ඊලගට ඕනෙම දේ.


             VGA එකක් ගන්නකොට vram එක විතරක් බලන්න එපා. දැනට ආපු ගේම්ස් ගොඩක් ගහන්න පුලුවන් VGA එක තමා GTS 450 VGA menu එක. ඒක රු.6,000 ක් වගේ හරි ඊට වඩා පොඩ්ඩක් වැඩි හරි වෙයි. ඒත් Dx11 අලුත් Games Low Setting හරි avg fps 30 කින් වගේ ගහන්න පුලුවන්. (720p, 900p) ඉතින් HDD එක තියෙන එකම පාවිච්චි කරන්න පුලුවන්. අඩුම 120GB HDD එහෙකුත් ඇති. DVD Rom එකත් තියෙන එකම පාවිච්චි කරන්න.

මෙම Computer Parts අපේ PC Gamers ෆේස්බුක් ගෘප් එකේ යාළුවන්ගෙන් අඩුවට මිලදීගන්නත් ඔයාලට පුළුවන්.


Author past times Kavindu Gayan

Minggu, 21 Juni 2015

Core Temp - Showing Cpu Pith Temperature

පරිගණකය නොසිතන පරිදි රත් වෙනවද ?

ඔබ දන්නවාද ඔබගේ පරිගණකයේ මොලය තමයි ප්‍රොසෙසර් එක. ඉතින් අපි පරිගණකයෙන් සිදුකරන වැඩ ප්‍රමාණය අනුව

ප්‍රොසෙසරයේ ක්‍රියාකාරීත්වය බලපානවා. වැඩි ක්‍රියාකාරීත්වයකදී ප්‍රොසෙසරය ගොඩක් රත්වීමක් සිදුවෙනවා. සමහරවිට එය සෙල්සියස් අ‍ංශක 100 ඉක්මවන්නත් පුළුවන්. එහෙම වුනොත් ප්‍රොසෙසරයේ ආයුකාලය ඉතාමත් කෙටියි. සමාන්යයෙන් වෙළදපොලේ ප්‍රොසෙසරය අනෙකුත් Pc parts එක්ක බලද්දි ගාණත් වැඩියි. අනිත් එක අලුතෙන් ප්‍රොසෙසරයක් දානවිටදී සමහර පරිගණක වලට නැවත වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමක් සිදුකරන්නත් වෙනවා.

තින් ඔබට තේරෙනවා ඇති ප්‍රොසෙසරයේ උෂ්ණත්වය ගැන අවධානයෙන් සිටීමේ වැදගත්කම. පරිගණක ක්‍රීඩාවේ යෙදෙන අයට, ලැප්ටොප් පරිගණක බාවිතා කරන අයට මේ මෘදුකාංගය ගොඩක් වටිනවා. මොකද ඒ අයගේ පරිගණකය රත්වෙන එක අහන්න දෙයක් නෑ නේ 😛 මෙම මෘදුකාංගයේ නම තමයි Core Temp. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. බලන්න පහතින් ස්ක්‍රීන්ශොට් එකක්.

මෙය ඔයාලට පේනවා ඇති මෙය Dual Core ප්‍රොසෙසරයක විස්තර තමයි පෙන්වන්නේ. පහතින්ම Core දෙකේ උශ්ණත්වය පෙන්වනවා. සාමාන්යයෙන් සෙල්සියස් අ‍ංශක 45-50 ත් අතර හෝ ඊට අඩුවෙන් පෙන්වනවානම් තත්වය ගොඩාක්ම හොදයි.

සෙල්සියස් අ‍ංශක 60ට ඉහලින් තියෙනවානම් ඔබ ගොඩක් සැලකිල්ලෙක් යුතුව පරිගණකයේ වැඩ සිදු කරන්න වෙනවා. අමතර කූලින් ෆෑන් එකක් බාවිතා කිරීම, ගේම් Play කරනවානම් Play කරන කාලය අවම කිරීම, ප්‍රොසෙසරය ගොඩක් කල් බාවිතා කරපු එකක් නම් එයට තර්මල් පේස්ට් ටිකක් දාන්න. මොකද කාලයක් ගියාම තරමල් පේස්ට් ගල් වෙන නිසා. එතකොට උෂ්ණත්වය අඩුවෙයි.

මෙම Core Temp මෘදුකාංගයේ Temperature එක System Tray එකෙත් පෙන්වනවා.

මෙතනින් පිවිස මෘදුකාංගය බාගතකරගන්න.

Technical Details

  • Software Name : Core Temp
  • Size : 1.18MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.alcpu.com

Nex Youtube Downloader

යුටියුබ් වෙබ් අඩවියේ ඇති වීඩියෝ බාගන්න අපේ මෘදුකාංගයක්

යුටියුබ් වීඩියෝ බාගන්න අපි කලින් ලිපි වලින් ඕනෑ තරම් මෘදුකා‍ංග ලබාදී තිබෙනවා. නමුත් මේ මෘදුකාංගය විශේෂ වන්නේ මෙය අපේ රටේ මෘදුකාංග

නිර්මාණය කරන ශෙයාන් සචින්තගේ මෘදුකාංගයක් වීමයි. මෙයට නම් තබා තිබෙන්නේ Nex YouTube Downloader ලෙසයි. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

ඩවුන්ලෝඩ් කරන වීඩියෝවේ Quality එක තෝරාගෙන පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අදාල යූටියුබ් වීඩියෝවේ වෙබ් ලිපිනය Copy කර මෙය මතට Past කරලා ඩවුන්ලෝඩ් Click කරන්න විතරයි තියෙන්නේ. ඉතාමත් සරල මෘදුකාංගයක්. උපරිම වේගෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් වීමත් සිදුවෙනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : Nex YouTube Downloader
  • Size : 170 KB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Shehan Sachintha

Location Alert Sl App

ගමන්‍ යනවිට නින්දයන අයට වටිනා ඇප් එකක්.

ඔබ බසයේ හෝ වෙනත් ප්‍වාහන සේවයක දිගු වේලාවක් ගමන් කරන විටදී නින්දට යාම සාමාන්‍ය දෙයක්. මෙම ඇප් එකෙන් Alarm සහ vibrate වීමෙන් ගමනාන්තයට

ලගා වීමට පෙර ඔබව ඇහැරවයි. ගමනන්තයේ පැය 48ක් ඇතුලත කාලගුණ අනාවැකිය, ඉක්මනින්ම ගමනාන්තයට ලගාවිය හැකි මාර්ගය කාලය සහ වෙනත් අනු මාර්ග ඔබට පෙන්වයි. කොහේහරි travel කරනකොට නින්ද යනවද ? ගමනාන්තය නින්ද ගිහින් මගහැරිලා තියෙනවද ? Trip යනකොට යන තැනට වහිනවද කියල දැනගන්න (කාලගුණ අනාවැකිය) ඕනෙද ? ඉක්මනටම යන්න පුළුවන් පාර සහ යන්න පුළුවන් වෙනත් පාරවල් දැනගන්න ඕනෙද ? Location Alarm -SL තමයි එහෙනම් හොදම විසදුම.






කාලගුණ විශේෂාංග.
  • Alarm සහ vibrate වීමෙන් ගමනාන්තයට ලගා වීමට පෙර ඔබව ඇහැරවයි. (Screen එක On වෙලා තියෙන්න ඕනේ නැ.)
  • ඉක්මනින්ම ගමනාන්තයට ලගාවිය හැකි මාර්ගය, කාලය සහ වෙනත් අනු මාර්ග ඔබට පෙන්වයි.
  • යන තැනට පැය 48ක් ඇතුලත පැය 3න් තුනට කාලගුණ අනාවැකිය දැනගන්න පුළුවන්.(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වත් ඔහොම ලබෙන්නෙන් නෑ.)
  • Google Map app එකට වඩා සරලයි. ඒ වගේම එයින් ලබා ගත නොහැකි අමතර විශේෂාංග මෙහි සතුයි.
  • ඇන්ඩ්රොයිඩ් jellybean මෙහෙයුම් පද්ධතියේ සිට ඉහල මෙහෙයුම් පද්ධති වල මෙම app එක බාවිතා කල හැක.

වැදගත්. ✌

GPS On එකේ නිතරම තිබිය යුතුය. GPS High accuracy mode පාවිච්චි කරන්න. (GPS+WIFI+Network) Internet අවශ්‍ය වනුයේ google map එක load වීමට, යා හැකි මාර්ග load වීමටය සහ කාලගුණ අනාවැකිය load වීමටය  අනෙකුත් අවස්ථාවල ඉන්ටෙර්නෙට් off කරද  බාවිතා කල හැක.

කොහොමද පාවිච්චි කරන්නේ ?

ලේසියි. යන්න ඕනේ තැන හොයන් map එකේ screen එක press කරන් ඉන්න තත්පර 2ක්. එහෙම නැත්තම් යනතැන හොයාගන්න බැරිනම් උඩ search bar එකේ type කරන්න. දවස් දෙකක කාලගුණ අනාවැකිය පෙන්වන්නේ ගමනාන්තය ඉහත පරිදි select කරොත් විතරයි (Internet on කරලත් තියෙන්නේ ඕනේ). ඒවගේම alarm cancel button එක පෙන්වන්නේත් ගමනන්තයේදී alarm එක ring වෙන අවස්ථා වේදී පමණයි.  

අවශ්‍ය නැ screen එක දිගටම on කරන් තියාගන්න. අවශ්‍ය නැ Internet on කරන්න තියාගන්න alarm එක වැඩ කරනවා internet off කරන් හිටියත්.  Wifi on කරන් ඉන්න ඕනෙත් නැ. ෆොනේ එක silent දාල තිබ්බත් vibrate දල තිබ්බත් alarm එක වදිනකොට full book එකෙන් vibrate වෙනවා. Alarm එක stop කරද්දී තිබ්බ book score එක වගේම silent තිබ්බනම් silent වෙනවා vibrate දාල තිබ්බනම්  vibrate වලට තිබ්බ තත්වයට හැදෙනවා.


වැදගත් ඉඟි. 

  • Phone එක නිතරම අතේ තියාගන්න හෝ shirt steal එකේ දාගන්න මොකද  GPS සිග්නල් block නොවෙන්නත් vibrate වෙනකොට ඉක්මනට ඇහැරවන්නත් එක වැදගත් වෙනවා.
  • ඉන්ටෙර්නෙට් on කරන්න ඉන්න ඕනෙම නැති උනාට location එක පහසුවෙන් detect  කරගන්න internet on කරන ඉන්න එක සමහර වෙලාවට වැදගත්.
  • මේ app එක ඔයාව ඇහැරවන්නේ ගමනාන්තයට 2km තියල. ඒක කැමතිනම් 5km දක්වා වෙනස් කරගන්නත් කැමති නම් අඩු කරගනත් සලස්වා තියෙනවා.
  • ඔයාගේ phone එකේ gps එක ගොඩක් හොදනම් හෙණගහන්න වගේ කොහේ හිටියත් Location එක ගන්නවා (ගොඩක් අලුත් phones වල) පරණ ඒවල ටික වෙලාවක් ගන්න පුළුවන් Location detection එකට.
  • මේ app එක දිගටම location cheque නොකරන නිසා අනවශ්‍ය ලෙස battery එක බහින්නේ නැ. කෙටි vibrate වීමකින් දැනුම් දෙන්නේ location cheque වීමක් වුනු බවයි.
  • Train roof එක ගොඩක් ගනකමයි ඒවගේම Metallic එක නිසා අවශ්‍ය නම් GPS වලට අමතරව internet on කරගන්න.
  • නිතරම app එකේ user guide එක කියවන්න එකේ නිතරම Tips සහ updates දෙනවා.
  • නිතරම app එක update කරලා තියාගන්න.

මෙතනින් පිවිස මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා බාගන්න.

Parcel Tracker Android App

ඔන්ලයින් බඩු ගන්න අයට වටින ඇප් එකක්.

ගොඩක් අය පිටරට වලින් මිලදී ගන්න බාණ්ඩ, පාර්සල් තැපෑලෙන් එනවිට කොහෙද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වටිනා ඇප් එකක් අපේ රටේ ඇප් ඩිවලොපර්

කෙනෙක් නිර්මාණයකර තිබෙනවා. ගොඩක් අය මෙවැනි සේවාවක් තියෙනවා කියලා දැනුවත් නෑ. eBay, Aliexpress, amazon purchase inwards coins වගේ ඔන්ලයින් Shopping සයිට් වලින් මිලදී ගන්න බඩු කොහෙද තියෙන්නේ කියල බලාගන්න මේ ඇප් එකෙන් පුළුවන්. ලෝකේ තියන හොඳම Tracking සේවාවන් සපයන වෙබ් අඩවි සහ api එකතු කරලා හදල තියෙන්නේ.

බලන්න තිරඡායාරූප කිහිපයක්.





  • බාවිතා කරන ආකාරය.
කරන්න තියෙන්නේ app එක මෙතනින් පිවිස download කරගන්න. ඔයාගේ tracking publish එක අරගෙන service වලින් එකකට ගිහිල්ල Search කරන්න. ගොඩක් International Tracking number තමයි සපෝර්ට් කරන්නේ. ඉස්සරහට තව දියුණු කරන්න බලාපොරොත්තු වේ.

Sabtu, 20 Juni 2015

Iphone 10 - Greenish Business Forming On Display

අයිෆෝන් X එකටත් වැඩ වරදින ලකුණු.

සැම්සුන් සමාගමේ Note seven එකට පසු නිකුත් කෙරුණු ප්‍රධාන පෙලේ ස්මාර්ට් ෆෝන් කිහිපයකම විවිධ දෝෂ හට ගැනීම දැන් සුලබ කරුණක් වෙලා. ඔන්න අලුතෙන්

නිකුත් වූ ඇපල් සමාගමේ අයිෆෝන් X වලත් විශ්වාසවන්ත දෝශයක් අන්තර්ජාලයේ වාර්ථාවෙනවා. මෙහිදී සිදුවන්නේ Display එකෙහි වම් හෝ දකුණු පසින් කොළ පැහැති ඉරක් පැමිණීමයි. මෙය සාමාන්යයෙන් ලැප්ටොප් පරිගණක Display වලදී පෙන්වනවාක් මෙන් අකණ්ඩව ස්මාර්ට්ෆෝන් එකේ Display එක තුල පවතී. 😩 නැතිනම් ෆෝන් එක Start වෙන අවස්ථාවේ Black Background එකතුල දර්ශනය වේ.

Twitter සමාජ ජාල වෙබ් අඩවිය තුල මෙසේ සිදුවූ ස්මර්ට්ෆෝන් එකක tweet එකක් පලකර තිබුනේ පහත අයුරින්. මෙයට ඇපල් සමාගමේ නිල ට්විටර් Page එක Retweet එකක් දමා තිබීමද විශේෂයි.



සමාන්යයෙන් මෙම තත්වය අයිෆෝන් X දුසිම් 2කට එකක් වශයෙන් ඇති බව Cnet තාක්ෂණික වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒවගේම මෙයට ඇපල් Original වගකීම් සහතිකය ඇති අයට ෆෝන් එකට අලුත් ෆෝන් එකක් ලබාදීමද සිදුකරන බව ඇපල් සමාගම ප්‍රකාශ කරනවා.

මෙම දෝශය හටගත් අනෙකුත් ඇපල් අයිෆෝන් X ඡායාරූප කිහිපයක්. 
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.




අලුතෙන් ඔබ මිලදී ගත් අයිෆෝන් X එකෙත් මෙසේ සිදුවී ඇත්නම් @AppleSupport ට්විටර් Page එකට හෝ online chat වෙත පිවිස Msg එකක් දාලා සිදුවී ඇති දේ කියලා ෆෝන් එක replace කරගන්න අවශ්‍ය බව පවසන්න. අනතුරුව Dealer හරහා ඔබට ෆෝන් එක මාරු කරගන්න පුළුවන්. 😊 අලුතෙන් iPhone X එකක් ගන්න ඉන්න අයට අපට කියන්නට තිබෙන්නේ Original Apple Warranty claim කරන තැනකින් ෆෝන් එක ගන්න කියලා.